කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබෙයි, පුංචි චන්දයේ චන්ද විමසීම අවසන්


අද පැවැති පලාත් පාලන චන්දයේ චන්ද විමසීම මේ වන විට අවසන් වී ඇත. තහවුරු කරගත් ජනමත සමීක්ෂණ අනුව මෙම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ලබා ගැනීමට අපහසු වන බව දැනට ලැබෙන තොරතුරු අනුව පෙ‍නීයයි. එක්සත් ජාතික පක්ෂය , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම මැතිවරණය සදහා සක්‍රීයව ඉදිරිපත් වූ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයන් වේ.


එමෙන්ම උතුර සහ නැගෙනහිර ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රදේශිය වශයෙන් ජාතිතත්වය මත පවතින චන්ද පදනම හේතුවෙන් එම ප්‍රදේශයන් හී සම්ප්‍රදායික ලෙස බලය ලබාගත්ත ද ඔවුන්ට එමගින් ජාතික ධාරාවේ දේශපාලනයට සක්‍රීය බලපෑමත් කල නොහැක. ඒ අනුව ‍සමස්ථයක් ලෙස 50% ඉක්ම වූ චන්ද ප්‍රතිශතයක් චන්දය හාවිතා කර ඇති අතර එයින් 35% ඉක්ම වූ චන්ද ප්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නේ නැත. එමෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බහුතර ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කලද ඔවුන් 37% ත් 40 % ක චන්ද ප්‍රතිශතයක් ඉක්මවා යා නොහැක.


එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කරගත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ 15% ත් 20 % අතර ප්‍රතිශතයක් සහිතව චන්ද ලබාගැනීම සුවිශේෂ ලෙස කැපී පෙනෙන ලක්ෂණයක් වේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ තම සම්ප්‍රදායික චන්ද සීමාව ඉක්මවා චන්ද ලබාගැණීමත් ඔවුන්ගේ සභිතයින් සංඛ්‍යාව දෙගුණයකින් ඉහල යාමත් මෙම මැතිවරණයේ දී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.


ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශිය සහාවල බලය පිහිටු වීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජනාධිපති තුමාගේ පාර්ශවය එක් වී පාලන බලය පිහිටු වීම සිදු විය හැක. එසේ නොවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ට ද බලය ලබා ගත හැති බොහෝ පලාත් පාලන ආයතන සහ නගර සහා ද පවතී.


එමෙන්ම ශ්‍රි ලංතා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට බලය සිහිටු විය හැති පාලාත් පාලන ආයතනද මෙම ප්‍රතිපල අනුව බිහිවනු ඇත. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට තනිවම බලය පිහිටු විය හැකි ආයතන ගනන අතේ ඇගිලි ගනනකට සීමා වනු ඇත.එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට දිවයිනේ කිසිදු පලාත් පාලන ආයතනයක තනි බලයක් පිහිටු වීමට තරම් බහුතරයක් නොලැබීම විශේෂත්වයකි. මේ අනුව සමස්ථයක් ලෙස මෙම මැතිවරණ ප්‍රතිපල අනුව ජනතාව අාණ්ඩුව කෙරෙහි ඇති අප්‍රසාදය පෙන්නුම් තිරීම දැකිය හැකි වන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ චන්ද පදනමේ කිසිදු වර්ධනයක් නොවීම හේතු කොට ගෙනය. ප්‍රධාන පක්ෂ දෙක තම චන්ද පදනම එකතු කර එය අාණ්ඩුවේ බහුතර ජයක් ලෙස පෙන්නුම් කිරීමට උත්සහ කිරීම මේ මොහොතේ සිදු වේවි, එහෙත් එය ඔවුන්ගේ තාවකාලික සතුටට හේතුවනවා මිස පැහැදිලි ජයග්‍රහණයක් නොවන්නේ ය.






Comments

Leave your comment