ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ෂවීය ගිවිසුම්


ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මැලේසියානු අගමැති නජීබ් මූන් අබිදුල් රසාක් අතර වෙළද ආයෝජනය,කෘෂිකර්ම,විද්‍යාව හා තාක්ෂණය, නැනෝ තාක්ෂණය,ජෛව තාක්ෂණය ,E වාණිජ, E අධිකරණ, යුධ හමුදා පුහුණුව ,රාජ්‍යතාන්ත්‍රික සන්හිදියාව,රාජතාන්ත්‍රික පුහුණුව,බුද්ධිමය හුවමාරුව,මත්ද්‍රව්‍ය පාලනය ආදිය පිළිබදව සමීප සහයෝගිතාවයන් ගොඩ නැගීමට එකගතාවයන් ඇති කර ගෙන තිබේ.


මෙහිදී ගිවිසුම් 3ක් අත්සන් කිරීම සහ දෙරට නායකයින් අතර ද්විපාර්ෂවික සාකච්ඡාවන්ද පැවැත්විණි.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා අගමැතිවරයා සහ මැලේසියානු අමාත්‍යවරුන් පිරිසක් ද සහභාගි වූහ.දෙරටේ නියෝජිත හමුව ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබදතාවලට 60 වසරක් පිරීම නිමිත්තෙන් හා මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුවිය.


මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැලේසියා රජයට විශේෂ ස්තූතියක් පුදකර සිටියේය.ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ දී දිගින් දිගටම අප රටට දක්වන සහයෝගය පිළිබදවයි.


පසුගිය වසරවල දෙරට අතර වෙළද සබදතා සිග්‍රයෙන් වර්ධනය වී ඇත බව මැලේසියානු අගමැතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.පසුගිය මාස 10 තුළ එය ඇමරිකන් ඩොලර් මිලියන 680 දක්වා වර්ධනය වී ඇතිබව ඔහු පෙන්වා දුන්නේය.මැලේසියාව තුළ හිතකර සහ බෙහෙවින් සමතුලිත ආර්ථිකයක් තත්වයක් පවතින බවත් ශ්‍රී ලංකාවේ අපනයනයන් වැඩිකිරීම සිදුකරන බවටත් ඔහු මෙහිදී සහතික විය.නිදහස් වෙළද ගිවිසුමක් පිළබදව ද මෙහි දී අගමැතිවරයා යෝජනා කළ අතර එය ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවත් ඒ පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට දෙරටේ ඇමතිවරුන් විසින් එකගතාවයක් ඇතිකර ගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 47 ක් සදහා මැලේසියාව මේවන විට ඇමරිකන් ඩොලර් 3.1 ආයෝජනය කර ඇති අතර මැලේසියානු ආයෝජකයින් මෙරට බොහෝ කේෂ්ත්‍රවල ආයෝජන සදහා බලා සිටින බවද මෙහිදී හෙළි විය.


රාජ්‍ය තාන්ත්‍රිකයින පුහුණු කිරීම පිළබද ගිවිසුම් 2 ක් සහ ප්‍රතිපත්ති සහ සහයෝගීතාවය,විද්‍යාව හා තාක්ෂණය පිළිබද ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තාක්ෂණය හා නව නිපයුම්, ජෛව ආර්ථික සංවර්ධනය සයෝගීතාවය සහ SDN, BHD ගිවිසුම් සදහා මෙහිදී අත්සන් කරන ලදි.


මෙම සාකච්ඡා සදහා අගමැති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග,තිලක් මාරපන,රාජිත සේනාරත්න,සුසිල් ප්‍රේම්ජයන්ත,මලික් සමරවික්‍රම,ගයන්ත කරුණාතිලක,තලතා අතුකෝරළ,මෙන්ම ජනාධිපති ලේකම් විදේශ අමාත්‍යාංශ ලේකම් ,මැලේසියානු අමාත්‍යවරුන් ද ශ්‍රේෂ්ඨ රජයේ නිලධාරීන් ද සහභාගී වී සිටියහ.



Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment