කණ්නාඩියෙනුත් U N P ය දිනූ කොළඔ නගරසභාවට: මෙවර රෝසි ?


චින්තනය නොදියුණු සාම්ප්‍රදායික සිතුවිලි මත ජීවත් වන දියුණු වුවත්, සිතීමෙන් දිළිදු කොළඔ නාගරික ජනතාව එළබෙන මැතිවරණයේදී වෙනස් වේවි යැයි සිතන්නේ නැත.!


ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඔ මහනගර සභාව ස්තීරවම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව කොළඔ නගරාධිපති ධූරයට තරග කරන හිටපු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය උද්දාමයෙන් ප්‍රකාශ කරයි.


ඇය නාමයෝජනා බාරදීමෙන් පසු මේ බව සදහන් කර ඇත. තමා සමග ශක්තිමත් කණ්ඩායමක් සිටින හෙයින් ජයග්‍රහණය ස්තීර වනු ඇති බව පෙන්වා දෙයි. ජයග්‍රහණයෙන් පසු කොළඔ නගරය නූතන ලෝකයට ගැලපෙන ලෙස ආකෘතිමය වශයෙන් වෙනස් කර සංවර්ධනය කිරීම තම අරමුණ බව ද ඇය වැඩිදුරටත් සදහන් කර ඇත. කොළඔ නගරයේ ජන ජීවිතය ක්‍රමවත් ලෙස නගා සිටු වීමටත් එහි ජනතාවට කාර්ය්‍යෂම සේවාවක් ලබාදීමටත් එක්සත් ජාතික පක්ෂය සමග අනාගතයේ දී බිහි වන කොළඔ නගර සභාවට හැකි වන බව පවසයි.


නිදහසින් පසු එක්සත් ජාතික පක්ෂයෙන් පිටතට ගිලිහී නොගිය කොළඔ නගර සභාවේ බලය, වරක් නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අවස්ථාවේ ද කණ්නාඩිය ලකුණින් තරග කල ස්වාධින කණ්ඩායමක් ජයග්‍රහණය කරවා එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පාලනයක් ගෙන යන ලදී . එහෙයින් ජනප්‍රිය කාන්තාවක් ලෙස ප්‍රකට රෝසි සේනානායකගේ ජයග්‍රහණය පිළිබද අප කිසිවක් නොකියමු.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment