එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය ( ගගන විද්‍යා විශ්වවිද්‍යාලය) පළමු වරට ශ්‍රී ලංකාවේ පාඨමාලා ආරම්භ කරයි


ලොව විශාලතම හා කීර්තිමත්ම ගගන විද්‍යා විශ්වවිද්‍යාලය වන එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය පළමු වරට ඇමෙරිකාවෙන් බැහැරව ද්විතීයික බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාවෙන් ආරම්භ කර තිබේ. ගේට්වේ විද්‍යාලයේ උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අංශයේ එම්බිර් - රිඩ්ල් හවුල මඟින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ නිල ආරම්භය පසුගිය 19 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සිදුකෙරිණි.


මේ වැඩසටහන මඟින් මෙරට සිටින දේශීය හා බ්‍රිතාන්‍ය සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අධ්‍යාපනය ලැබීමටත්, උසස් පෙළ සමත් සිසුන් සඳහා සිය උපාධි අපේක්ෂක පළමු වසරේ අධ්‍යාපනයෙන් 80%කටත් වඩා මෙමඟින් හැදෑරීමටත් හැකිය. විශේෂත්වය වන්නේ ලෝකයේ පෙරමුණ ගන්නා ක්‍ෂේත්‍රවලට අනුබද්ධ විෂයයන් පිළිබඳව මේ විශ්වවිද්‍යාලයෙන් හැදෑරීමට මේ වැඩපිළිවෙළ මඟින් පහසුකම් සැලැසීමයි. එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය විසින් මෙරට පවත්වනු ලබන වැඩමුළු ඔස්සේ මෙහි ඉගැන්වීම් කරනු ලබයි. අතිරේක පාඩම් ගේට්වේ විද්‍යාලය මඟින් සපයනු ලැබේ.


මේ පාඨමාලා සාර්ථකව නිම කරන සිසුන්ට ගගන විද්‍යා, ගුවන් නියමු, ගුවන් සන්තරණ, මිනිසුන් රහිත යාන්ත්‍රික විධි, ගගන විද්‍යා කළමනාකරණ හා ඉන්ජිනේරු යන අංශවල උපාධි සඳහා පිවිසිය හැකිය. ඒ සඳහා එම්බිර් - රිඩ්ල් අධ්‍යාපනය පීඨයකට හෝ එක්සත් ජනපද, සිංගප්පූරු පීඨද තෝරාගත හැකිය. එසේ නැතහොත් එක්සත් ජනපද, ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයකට වුවද ඇතුළත් වීමේ හැකියාව ලැබේ. එබැවින් ඉතා තරුණ අවධියේදීම ගුවන් සන්තරණ, කළමනාකරණ, ඉන්ජිනේරු හෝ ගුවන් නියමු යන ක්‍ෂේත්‍රවල රැකියාවක් ලබාගැනීමටද මෙමඟින් අවකාශය හිමිවේ.


නම්‍යශීලී අයුරින් උපාධි සම්පූර්ණ කිරීමට හැකි පුළුල් අවස්ථා, සාර්ථක ලෙස පාඨමාලා අවසන් කරන්නන්ට ජාත්‍යන්තරයට පිවිසීමේ හැකියාව, එම්බිර් - රිඩ්ල් කාර්ය මණ්ඩලය මෙරට පවත්වන වැඩමුළු මඟින් ගුවන් සන්තරණ, ගුවන් පථ යන අංශවල ප්‍රායෝගිකව පුළුල් අධ්‍යාපනයක් ලබාගැනීමේ හැකියාව, උසස් අධ්‍යාපනය ලබන සිසුවකුට ගතවන සාමාන්‍ය කාලයට වඩා වසරක් ඉදිරියෙන් මෙන්ම මෙරට තුළ ඒ සඳහා වැයවන වියදමට වඩා අඩු පිරිවැයකින් ඇමෙරිකා එක්සත් ජනපදයේ උපාධි මට්ටමේ සම්මාන 24ක් ලබාගැනීමේ හැකියාව, තමන්ට කාල වේලාව පවතින ආකාරයට පාඨමාලාව සකස් කරගැනීමේ හැකියාව ආදිය මෙමඟින් ලාංකේය සිසු සිසුවියන්ට ලැබෙන ප්‍රතිලාභ අතර වේ. සාමාන්‍ය පෙළ වෙනත් පාඨමාලා සමඟ සමාන්තරව මෙම පාඨමාලා සකස් කරගැනීමට හැකි වීමද විශේෂත්වයකි. සිසුන්ගේ නිවාඩු කාලයේදී පාඨමාලා වැඩිකර ගැනීමටද හැකියාව ලැබේ.


ලොව විශාලතම හා කීර්තිමත්ම ගුවන් සන්තරණ හා ගුවන් ගමන් මාර්ග පිළිබඳව විශේෂඥතාව හිමි එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය සමඟ පුහුණු හා පර්යේෂණ ව්‍යාපෘතිවල හවුල්කරුවන් ලෙස නාසා ආයතනය, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවද එක්ව සිටියි. මෙම විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී, ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි සඳහා දැනට 30,000ක පමණ පිරිසක් අධ්‍යාපනය ලබති. ෆ්ලොරිඩා, ඇරිසෝනා සහ සිංගප්පූරු පීඨද මෙම විශ්වවිද්‍යාලයට අයත් වේ.


උපුටා ගැනීම මව්බිම පුවත්පතෙනි





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment