එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අවුලෙන්, රටත් අවු‍ලෙන් අවුලට


රටක් පාලනය කරන පාලක පක්ෂයක අභ්‍යන්තර අර්බුද එම රටේ පොදු මහජනතාවට බලනොපානවා යැයි කිසිවෙකුට කිව නොහැක.රාජ්යන පාලනය කිරීමට මහජනයාගේ නියෝජිතයෝ පක්ෂ කණ්ඩායම් වශයෙන් එක් විය යුතුය.ඒසේ වුවත් පක්ෂ කණ්ඩායම්වල අභ්‍යන්තර ආරවුල් විසින් රාජ්‍යයේ පැවැත්ම අස්ථාවර කරන්නේ නම් ඊට සෘජුවම එම කණ්ඩායම් වගකිව යුතුය. ඔවුන්ගේ පුද්ගලික අරමුණු සහ අපේක්ෂාවන් වෙනුවෙන් රජ්‍යය භාවිතා කිරීම ඛේදජනක තත්වයකි.


අදවන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය පබගාලක පැටලී ඇත.මේ වන පලාත් පාලන මැතිවරණය පවත්වා මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. මේ කාලය අතර තුර රට තුල පරිපාලන ක්‍රියාවලිය හෝ සංවර්ධන කටයුතු කිසිවත් සිදුනොවෙයි. ඇමතිවරු සෑම දිනකම අරලියගහ මන්දිරයෙයි ජනාධිපති මන්දිරයෙයි, සිරිකොතෙයි සාකච්චා පවත්වති. එහෙත් මේ දක්වා ඒ කිසිදු සාකච්චාවකින් නිසි ප්‍රතිපලයක් ලැබී නැත . ලැබී ඇති එකම ප්රිතිපලය නම් ප්‍රශ්ණය අවුලෙන් අවුලට පත් වීමයි. කල් දමමින් කල් මරමින් ජනාධිපති අගමැති මෙන්ම ඇමතිවරු සහ මන්ත්‍රීවරු ද රටේ ජනතාව සහ රටත් සමග සෙල්ලම් කරමින් සිටී. රට බෝලයක් යැයි සිතා එය එහෙට මෙහෙට පාස් කරමින් බොරු වොයිස් කට් දෙමින් මාධ්‍ය සන්දර්ශන පවත්වමින් සිටී. රටේ මිනිසුන් ද මේ ගොං ආතල් බලමින් අහිංසක සතුටක් ලබයි. එසේ වුවත් මේ කිසිවෙකුට හෙට එළිවෙන අනාගතයක් නම් නැත.


ජනාධිපති තමන්ගේ ගොඩ බදාගෙන සිටී. අගමැති ඔහුගේ ගොඩ බදාගෙන සිටී. කිසිවෙකු කිසිවත් අතහැරීමට සූදානම් නැත. මෙය සත්‍ය වශයෙන්ම අතිශය අවාසනාවන්ත තත්වයකි. යහපාලනයෙන් මිනිසුන් බලාපොරොත්තු වූයේ මෙය නම් මෙයට වඩා මහින්ද රජපක්ෂගේ අදූරදර්ශී පාලනය යහපත්ය. මන්ද යත් එය තුල බලය අයුතුලෙස භාවිතා වුවත් රට අයාලේ යන බල්ලෙකුගේ මට්ටටම වැටුණේ නැත. හොද හෝ නරක තීරණ ගැණිමට නායකයින් සිටීයේය. අද සිදුවන්නේ කුමක්ද ස්තිර තීරණයක් ගැණිමට නායකයෙකු නැත. එසේම නායකයින් යැයි කියා ගන්නා සියල්ලෝම නායකයින් වීමට උත්සහ කරති. තත්වය මේය වුවත් කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කල හැක. අද නිදහස තිබේ. නුඔලා මේ විවෘතව අදහස් ප්‍රකාශ කරන්නෙත් මේ තහවුරු කල ප්‍රජාතන්ත්‍රවාදී තත්වය නිසා යැයි කිව හැක.


එහි සාධාරණත්වයක් තිබිය හැක.එහෙත් ප්‍රතිපත්තියක් හෝ වැඩපිලිවෙලක් නැති අනාගතයක් ගැන අප කුමත් අරමුණු කරන්නද නිදහස නිදහසක් ලෙස විදින්න නම් එය ක්‍රියාකාරී ප්‍රතිපත්ති මත ක්‍රියාවේ යෙදවෙන වැඩපිලිවෙලක් මත ඉදිරියට යායුතුය. එසේ නොවන යහපාලනය තුලින් කිසිවෙකුට යහපතක් නොවේ. ඊට වඩා දරදඩු ප්‍රතිපත්තිය මත සිටිමින් ස්ව්‍යක්ත සීමිත නිදහසින් ලබන මානසික සතුට ප්‍රමාණවත්ය. මේ තත්වය මේ රටේ දෙකෝටියක ජනතාව තම දැනුමේ ප්‍රමාණයට විග්‍රහ කරමින් කරමින් වර්ථමාන පාලකයින්ට අනතුරු අගවා ඇත.එසේ කියූවත් මේ දක්වා එය ද මොවුන්ට නොතේරීම ජනතාවගේම අවාසනාව මිස අන් කුමක් ද


නෙමේරූ මිනිසුන්ට බලය අතහැරීමට මෙතරම් අමාරු නම් ඔවුන් ජිවිතය කෙතරම් ශක්කිමත්ව අල්ලාගෙන ඇති ද. එමගින් මේ සංසාර ගමන සාරා සංඛ්‍ය කල්පයක් ගමන් කීරීමට මාන බලන්නේය. ඒතරම්ම මේ දුක් කම්කටොලු‍ වලින් පිරී ජිවිතයට ඇලු‍ම් කරන්නේය. එවැනි මිනිසුන් පාලකයින් වූ විට ඔවුන්ගේ උපදේශයන් අනුව ක්‍රියා කලහොත් මේ ‍රටේ බොද්ධයෝ ද බුද්ධ දර්ශණය ද අතහරිනු ඇත. දේශපාලන පක්ෂවලට දර දිය ඇදීම සෑබෑ ලේඛකයෙකුගේ කාර්යභාරය නොවේ. ‍එසේ වුවත් බහුතර මහජනතාවගේ මතය ඔල මොට්ටල නායකයින්ට පෙන්වාදිමට අපට අයිතියක් ඇත.මන්ද යත් අප ද ජනතා මතය නියෝජනය කරන හෙයිනි.


1948 නිදහසින් පසු මේ රටේ මිනිසුන් දේශපාලන සත්වයින් වූයේය.එයට මනා පිටුවහලක් වූයේ නිදහස ලැබෙන විට පිහිටුවාගත් ඒ වෙනුවෙන් සංවිධානය වූ නායකයින්ගෙන් සැදුම් ලත් එක්සත් ජාතික පක්ෂයයි.දක්ෂිණාංශික සහ වාමාංශික ලෙස ලෝක බල කදවුරු ගොඩනැගෙන විට එයට සමපාතව ලංකාවේ ද ‍දේශපාලක ක්‍රියාවලියට පොදු මහජනතාව තුල උනන්දුවක් ඇති වී තිබුණි. ඒ හරහා එක්සත් ජාතික පක්ෂය අලියා සහ කොල පාට මේ රටේ ග්‍රමීය නාගරික සෑම ජනකොටසකගේම සිත් තුල පැල පදියම් වියඩි එස් සේනානායක, ඩඞ්ලි සේනානායක, ජෝන් කොතලාවල. ජේ, ආර් ජයවර්ධන මෙන්ම රණසිංහ ‍ප්රේිමදාස ආදී නායකයින්ගේ නායකත්වයෙන් මේ රට සංවර්ධනය කිරීම සදහා ප්‍රතිපත්තිමය මෙන්ම ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුණි.එහි සුදු සහ කලු‍ යනුවෙන් දෙපැත්තක් තිබුණි.එහෙත් ශ්‍රී ලංකිකයින් ලෙස අපට සතුටු විය හැකි යමක් මෙම නායකයින් හරහා සිදු වුනි.එ හරහා එහි අනුගාමිකයින් එසේ නොමැති නම් පක්ෂිකයින් ද මෙම නායකයින් වෙනුවෙන් පෙනි සිටිමින් ඔවුන් ආරක්ෂා කල බව දේශපාලන ඉතිහාසය අපට පෙන්වා දෙයි. එහෙත් 1994 පසු සිදු වූ බල පෙරලිය සමග මේ වන විට අවු 25කට අසන්න වෙමින් පවති.මේ කාලය තුල එක්සත් ජාතික පක්ෂයට ගිලිහි ගිය බලය හෝ සෘජු ප්රවතිපත්තිමය නායකත්වයක් හෝ සොයා ගැණිමට නොහැකි වී ඇත. එහි ප්රුතිපලය ලෙස දේශපාලන ව්යු්හය සමබර නොවීම තුල, රට අපස්සට තල්ලු‍ වී එකාධිපති මාවතකට ද එමෙන්ම දියාරු සරල පාලන නායකත්වයන් හරහා අරාජික වෙමින් පවතී. මේ තත්වය අද වන විට උග්ර තත්වයට පත්වෙමින් පවතී. මෙහි උච්චතම අවස්ථාවක් ලෙස අද එක්සත් ජාතික පත්ෂයේ අභ්ය්න්තර අර්බුදය සහ එ හරහා ඇති වී තිබෙන අර්බුදය පෙන්වා දිය හැක.


එක්සත් ජාතික පක්ෂයේ වර්ථමාන නායකත්වය අතිශය දුර්වල නායකයෙකු යැයි අප කියන්නේ නැත. මන්ද යත් වර්ථමානයේ සමහරු පවසන පරිදි වර්ථමානයේ මහින්ද රාජපක්ෂ යටතේ පොල් ලෙල්ලක් දැමුවත් ජයග්රදහණය කරනවා යැයි වහසි බස් දොඩයි. එසේ වුවත් ඉතිහාසයේ අලියා සහ කොලපාට මිස මේ රටේ බහුතර මිනිසුන්ගේ මනසේ වෙනත් දේශපාලනය පක්ෂයක් නොතිබුණි. එහෙත් යම් බලවත් තත්වයක් පසාරු කරගෙන තවත් බලවතෙක් ඉදිරියට පැමිනේනනේ නම් එම ද්වන්ද සටනින් අනිවාර්යෙන්ම එක් අයෙකු පරිජයට පත් වී මියයනු ඇත.එය අද එක්සත් ජාතික පක්ෂයට එය සිදු වී ඇත. වර්ථමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය‍ 2000 සහ 2005 ජනාධිපතිවරණ වලදී පරාජයට පත් වීමට මුලික හේතු වූයේ පුද්ගලිකව නායකත්වයේ දුර්වල තින්දු තීරණ ය.


එයට පාක්ෂිකයා වගකිව යුතු නැත. පක්ෂිකයා පක්ෂය හැර ගියේ නැත.එදා 1993 දී සිටී එක්සත් ජාතික පක්ෂිකයා වර්ථමානයේ ද පක්ෂය හැර දමා ගොස් නැත. ජනගහණය වැඩි වී මත අලු‍තින් එකතුවන චන්ද දායකයා තම සමාජිකයින් බවට පත් කර ගැණිමට එක්සත් ජාතික පක්ෂය අසමත් වී ඇත. එය සංවිධාන ශක්තියේ සහ තින්දු තීරණ වල දුර්වල කමක් මිස පාක්ෂිකයා චන්දය නොදී සිටීමේ වරදකින් සිදු වූවක් නොවේ. කෙටියෙන්ම කියනවා නම් වර්ථමානයේ එක්සත් ජාතික පක්ෂය තවමත් තිබෙන්නේ 1993 වර්ෂයේ ජනප්රමවර්ධනය මතය. ඉන් එහාට අඩියක් වත් ඉස්සරහට ගොස් නැත.


වර්ථමාන නායකත්වයට අඩුම ගානේ තමන්ට නොමිලේ ලැබෙන දේ රැක ගැණිමටවක් උනන්දුවක් නැත. එමෙන්ම ඔහු නියම දක්ෂයින් ලෙස තමන්ට එරෙහි වූ සතුරන් යලි තමන්ට මිතුරු කර ගැනිමේ ක්රි්යා පිලිවෙතද සර්ථක නැත. මන්ද යත් එකම ක්රිකයාවලිය තැන් දෙකක එකටම හෝ දෙවිදිහකට ක්රිතයාත්මක වන්නේද නැත.මිස්ට බීන් හෝ රනිල්ට බැහැ කියූ අයගෙන්ම තමන්ට පුළුවන්, මිස්ටර් කීලීන්, මෙන්ම අර්ථකයේ විශිෂ්ඨයා ලෙස කියවා ගැණිමෙන් පලක් නැත. එවැනි සියලු‍ම උපාය උපක්රශමයන් අද යල්පැන ගොස් ඇත්තේ එම පුද්ගලයින් ද සමගය. එහෙත් වර්ථමානයේ ද එවැනි පුද්ගලයින් තවමත් තීන්දු තීරණ ගැණිමට පෙරමුනේ තබා ගැණිම නායකත්වයේ අදූරදර්ශි බව මැනවින් පෙන්නුම් කරයි. කෙසේ වුවත් නැට්ටෙන් ගිලිහී කුණු වී බිමට වැටෙන්න අසන්න අඔ ගෙඩියට පෙල්ලකින් ගැසීමට අවශ්යල නැත.එය ඊලග තප්පරයේ දී නියත වශයෙන්ම බිමට වැටෙනු ඇත. එසේ වටෙන්නේ එහි වසා සිටී එයම කා දැමූ පනුවන්ද සමග බව අමුතුවෙන් කිවයුතු නැත. ‍කෙසේ වුවත් බලාසිටින ටික කාලයට වුවත් සිදුවන රටේ අරාජිකත්වය ‍සුථවෙන් තැකිය නොහැක. එහෙයින්ම එක්සත් ජාතික පක්ෂයේ අභ්යනන්තර අවුල රට තුල අවුලක් ඇතිකර ඇත. එය පොදුවේ රටවැසියන්ට බලපාන බැවින් එය සමනය කර ගැනිම සදහා රටේ ඉහලට නායකත්වය මේ මොහොතේ සෘජු මැදිහත් වීමක් කල යුතු බැව් පොදු මහජනතාවගේ මතය වී ඇත.


අභිසංඛ

Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment