ඊ . ටී. අයි. ස්වර්ණමහල් සහ ස්වර්ණවාහිනියට මහ බැංකුව වග කියයි.


ඊ .ඒ.පී. , ඊ ටී.අයි, ස්වර්ණමහල් , ස්වර්ණවාහිනී , ඊ.ටී.වී. යන ආයතන මේ රටේ නොදන්නා පුද්ගලයෙකු නැත.එහි හිමිකාරිය වුයේ කළකදී දිවයිනේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාව වූ සෝමා එදිරිසිංහ බව ද ලාංකික ඕනෑම අයෙකු දන්නේය.ඇය මේ රට තුළ බෙහෙවින් ජනප්‍රිය කාන්තාවක වූවාය. සිනමා කේෂ්ත්‍රය මෙන්ම ස්වර්ණාභරණ කේෂ්ත්‍රයේ ද ඉහළින් වැජඹුණූ මෙම ආයතන සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව සාර්ථකව ලෙස ඉදිරියට ගෙන යාමට කිසිවකු නොවුයේ ය.ඒ සියල්ල බංකොලොත් වී ඇද වැටී ඇත.එක් අතකින් මෙය සාමාන්‍ය තත්වයකි.බොහෝ ව්‍යාපාරවල ආරම්භකයින් මියගිය පසු ඒවා පවත්වාගෙන යාමට ඊළග පරම්පරාවට නොහැකි වීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද දැකිය හැකි ප්‍රවණතාවයකි.


පුද්ගලයා මත ගොඩනැගෙන වාසනා ගුණය මෙන්ම, ඔහුගේ ඇයගේ ප්‍රතිරූපය තුළ ඇතිවන සමාජ තත්වය හරහා ගෙඩනැගෙන කිර්තිය, බලය, ශක්තිය, මේ කාරණා ව්‍යාපාර සාර්ථකවීමට හේතු කාරණා වනු ඇත.එහෙත් ඊළග පරපුරේ අනුප්‍රාප්තිකයින්ට ඒ දේවල් නැතිවීමෙන් ගොඩනැගුණු සමස්ත ක්‍රියාවලියම අඩපණවීම, අසාර්ථකවීම, ඛේදවාචකයක් ලෙස සදහන් කළ හැකිය.


ඊ.ඒ.පී. සහ ස්වර්ණමහල් ආයතනවලට සිදු වූයේ ද එවැනිම තත්වයකි.සියළු ව්‍යාපාර ගොඩනැගුණේ සෝමා එදිරිසිංහ මහත්මියගේ දක්ෂතාවය මත කිවහොත් එය නිවරදිය.ඇයගේ අභාවයෙන් පසුව ඒ සියල්ල කඩා වැටී ඇත.මේවන විට මහ බැංකුව විසින් මුල්‍ය කළමණාකරණය කිරීම සදහා මෙම සමාගම් එහි භාරකාරත්වය ගෙන ඇත.එය විශේෂයෙන් ගනුදෙනුකරුවන් ආරක්ෂාකිරීමට මෙන්ම යළි ස්ථාවර මට්ටමකට මේ සමාගම ගෙන ඒමේ පරමාර්ථයෙන්ය.මහ බැංකුවේ අධිපතිතුමා පවසන පරිදි, ඊ.ටී.අයි. ආයතනය වාර්ෂික ආයෝජනය, රුපියල් බිලියන ගණනක වත්කම් අතින් පොහොසත් සමාගමක්වන අතර එහි දුර්වල කළමණාකාරීත්වය මේ අසාර්ථක වීමට හේතුව ලෙස සදහන් කරයි.එහෙයින් ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුවට අදාල ගැටළුවට විසදුම් දී යළි සාර්ථක මට්ටමට පත් කළ පත්කළ හැකිවේ යැයි පෙන්වා දී ඇත.


මේ සමාගම කඩා වැටීම පිලීබද පසුගිය වකවානුව පුරා කටකතා පැතිර ගොස් තිබුණි.එක්තරා ආරංචියකට අනුව බැදුම්කර ගණුදෙනුව හා සම්බන්ධ සමාගමද මෙය මිලදී ගැනිමට සුදානමින් සිටින බවට පැවසු අතර විද්‍යුත් නාලිකා සහිත ප්‍රසිද්ධ ආයතනයක් මේ ආයතනය මිලදී ගැනීමට උත්සාහ කරන බව ද ආරංචි පැතිරිණි.සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු ඇගේ දූදරුවන් අතර ව්‍යාපාර බෙදී ගියේය.ඒ අනුව සමස්ත ව්‍යාපාර ජාලයක් ලෙස පැවති ඊ.ඒ .පී. සමූහය එක් එක් අයගේ වෙනස් පාලන ක්‍රමවලට නතුවීමෙන් මෙය සිදු වූ බව බොහෝදෙනා අතර මතයක් පවතී.


පසුගිය කාලයේ ස්වර්ණවාහිනී ලාංඡනය පවා වෙනස් කරමින් අලුත් වෙනසක් ඇති කර තිබුණි.එහි ප්‍රතිඵලය ලෙස එල්. එම්. ආර් .බී. වාර්තාවලට අනුව ස්වර්ණවාහිනය නැවත ඉදිරියට පැමිණ ඇති බව පෙන්වා දී තිබුණි.මෙවැනි තත්වයක් මත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පසුගිය දා සදහන් කර තිබුණේ මහ බැංකුව විශේෂ නිවේදනයකින් ප්‍රකාශ කළ ආකාරයට දේශීය ව්‍යාපාර විදේශිකයින්ට මිලදී ගැනීමට හැකිවන ලෙස තිබූ තහංචි ලිහිල් කර ඇති බවයි.ඒ අනුව ඊ.ඒ.පී. සමාගම මැලේසියානු සමාගමකට විකිණීමට සුදානමක් පවතින බව යි.


කෙසේ වෙතත් මේ තත්වය මත මේවන විට සියළු ගිනි නිවා දමමින් මෙම ආයතනය මහ බැංකුව භාරයට පත් කර ඇත


මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කර ඇත්තේ ජනවාරී 02 දින සිට, මෙකී මුල්‍ය සමාගම්වල කල්පිරුණු තැන්පතු සහ තැන්පතු අලුත් කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි හය මසකට අත්හිටුවන බවයි.මේ අනුව මහ බැංකුව අවසර දී ඇත්තේ තැන්පත්කරුවන්ට පොලී පමණක් ගෙවීමටයි.ඒ අනුව දුර්වල මුල්‍ය කළමණාකාරීත්වයට එරෙහිව මහ බැංකුවට නියාමන පියවර ගැනීමට සිදුවන බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා සදහන් කර ඇත.


ඒ අනුව 2011 අංක 42 දරණ මුල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධානෙවලට අනුව කාලින පියවරක් ලෙස මෙම නියාමය දක්වා ඇත.


මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා සදහන්කර ඇත්තේ අතීතයේ දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මූල්‍ය ආයතන කඩා වැටුණු බවත් වර්තමානයේ එවැනි තත්වයක් නොපවතින හෙයින් මහ බැංකුවට කඩිනමින් මෙම තත්වය සමනය කිරිමට හැකි බව ද සදහන් කර ඇත.


විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන මෙකී සමාගම් ජාලය ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට විවිධ කේෂ්ත්‍ර ඔස්සේ සේවා සපයමින් විශ්වාසය දිනා සිටින ආයතනයකි.

Comments

Leave your comment