ඉන්දීය සිනමා තාරකාවක් නිවී යයි.


භාරත සිනමාවේ ප්‍රවීණ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකුවන ශිෂී කපූර් දෙසැම්බර් 04 ඊයේ මියගොස් තිබේ.මිය යන විට 79 වැනි වියේ පසු වූ ශිෂී කපූර් දීර්ඝ කාලයක් වකුගඩු රෝගයකින් පීඩා වින්ද බව ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර තිබේ.මුම්බායි හි කෝකිලාවෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අගමැති නරේන්ද්‍ර මෝදි ද ඔහුගේ මරණය වෙනුවෙන් ශෝඛ පණිවිඩ නිකුත් කර තිබේ.


චිත්‍රපට නළුවෙකු ,නිෂ්පාදකයෙකු ,සහය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ඔහු ඉන්දීය සිනමාව තුළ දිර්ඝ කාලයක් රැදී සිටියේය.1938 මාර්තු මස 18 වැනි දින කල්කටා හි උපත ලද ශිෂී කපූර්ගේ පියා වන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රිතිවිරාජ් කපූර්ය .ඔහුගේ මව රාම්සරාණි කපූර්ය.රාජ් කපූර් සහ ශම්මි කපූර්ගේ බාල සහෝදරයාවන ශිෂී ට සහෝදරියන් දෙදෙනෙක් ද සිටිති.ශිෂී කපූර්ගේ බිරිද බ්‍රිතාන්‍ය කානතාවක් වන අතර ඇය ද නිළියකි.ජෙෆ්නියර් කෙන්ඩල් වන ඇය 1984 දී පිළීකා රෝයට ගොදුරුවීමේන් මරණයට පත් වුවාය.ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන් වන්නේ කුනල් කපූර්,කරන් කපූර් ,හා සංජානා කපූර්ය.


1940 ගණන්වල සිය පියාගේ චිත්‍රපටයක ළමා චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රථම වරට රගපෑවේය.Dharmputra(1961) චිත්‍රපටය ඔහු ප්‍රධාන චරිතයක් රගපෑ ප්‍රථම චිත්‍රපටය වන්නේය.මේ කාලයේ දීම ශිෂී කපූර් ඉංග්‍රීසි භාෂාවෙන් චිත්‍රපට නිර්මාණයට ද පෙළඹුණි.ෂාමිලා තාගෝර් සහ හේමාමාලිනී ශිෂි සමග තිරයේදී වඩාත් සාර්ථක වූ ප්‍රේම චරිත රගපෑ නිළීයන් විය.කබි කබි (1976) ,අනාරී(1975) සත්‍යයම් සිවම්සුන්දරම්(1978) කලුන් (1981 )ඔහුගේ විශිෂ්ට රංගනයන් ඇතුළත් චිත්‍රපට වන්නේය.70 දශකයේ හින්දි තිරයේ දිදුලන ප්‍රේමවන්ත තාරකාවන් අතර ශිෂී කපූර්ද ප්‍රමුඛයකු වේ.බ්‍රිතාන්‍ය චිත්‍රපට සමග වැඩ කිරීමේ විරල අවස්ථාව ද ශිෂිට හිමිවිය.බ්‍රිතාන්‍ය සහ හොලිවුඩ් චිත්‍රපටවලට විශාල වශයෙන් දායක වූ ප්‍රථම ඉන්දීය නළුවා වන්නේ ඔහුය.එසේම මෙම යුගයේ රංගනය සදහා ඉහළම අයකිරීමක් කළ නළුවෙකු ලෙස ද ශිෂී කපූර් වාර්තාවේ.


1990 දශකයේ අග භාගය වන විට ඔහු චිත්‍රපට කර්මාන්තයෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගත්තේය.එතැන් සිට කිසිදු චිතුපටයක් සදහා ඔහු දායක නොවූ අතර, ඔස්ට්‍රේලියාවේ පැවති ශිෂී කපූර් සිනමා උළලේ දී ඔහුව දැක ගත හැකි වූයේය.55 වැනි වාර්ෂික චිත්‍රපට උළලේ දි ජීවිතකාලය මුදුන්පත් කිරීමේ ෆිල්ම් ෆෙයාර් සම්මානය ශිෂී කපූර්ට හිමි විය.


ශිෂීගේ වැඩි මහල් පුතු චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් පවත්වා ගෙන යයි. (Adfilm valas) දියණිය සංජානා වේදිකා රංගනයේ නියළුන අතර ඇය වනජීවී සංරක්ෂඥයෙකු හා විවහ වී සිටි.බාල පුතු කරන් ලන්ඩන් හි ජීවත්වන අතර ඔහු දක්ෂ ඡායා රෑප ශිල්පියෙකි.


ඉන්දීය ජාතික සම්මානය,ෆිල්ම් ෆෙයාර් සම්මානය,බෙංගලි ජනමාධ්‍ය සංසද සම්මාන වැනි බොහෝ සම්මාන වලින් පිදුම් ලැබ ඇති මෙම කලාකරුවා,70 දශකයේ බොලිවුඩ් අම්බරයේ දීප්මතිමත් තරකාවන් අතර සිට ඊයේ දිනයේදී ජීවිත අම්බරයෙන් සමුගෙන ගියේ මරණයේ සදාකාලික බව කාටත් පසක් කරමින්ය.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment