අද හා හෙට රෑ උල්කාපාත කඩා වැටේ.


සමහර විට ඔබ දෙසැම්බර් ආකාසයේ උල්කාපාත වර්ෂාවන් මීට පෙර දැක තිබෙනවා ඇති.මෙය ඔබට විශ්වය පිළිබදව සිතීමට හොදම කාලයයි.මේ දිනවල ද්ප්තිමත් සද එළිය සැගව ඇති නිසා වඩා හොදින් අපට ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව දැක ගත හැකිවනු ඇත.


මෙම උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවට දෙසැම්බර් 13 - 14 දිනවල වඩා හොදින් දර්ශනය වේ.සෑම වසරකම දෙසැම්බර් 7-17 දක්වා මෙම උල්කාපාත වර්ෂාව දිස්වන අතර එහි උච්චතම අවස්ථාව හෙට රාත්‍රියේ උදාවන බව NASA Meteroid Environment Office හි Bill Cook පවසයි.


හෙට රාත්‍රී 9න් පසුව නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී අහස ඉහළ මධ්‍යයේත්, අලුයම් කාලයේ දී බටහිර අහස දෙසිනුත් සුදු ,කහ, කොළ,නිල්,හා රතු වර්ණයන් ගෙන් සමන්විත උල්කාපාත වර්ෂාව දැකගත හැකිවනු ඇත.මෙහි විශේෂත්වය වන්නේ මේ වසරේ ශ්‍රී ලංකාවට දර්ශනයවන අවසන් උල්කාපාත වර්ෂාව මෙය වීමයි.අලුයම 2-4 ත් අතර කාලය උල්කාපාත වර්ෂාව නැරඹීමට හොදම කාලය වන අතර මේ කාලයේ දී උල්කාපාත 120 ක් පමණ ඇදහැළෙන බව කියැවේ.


මහ පොලොව ඔස්සේ විශාල ලෙස ගමන් කරන දූවිලි අමුතු ආකාරයේ කදු ලෙස ගොඩනැගෙන අතර ඒවා 3200 Phaethon ලෙස හැදින්වේ .වායු ගෝලය මත මෙම දූවිලි පිරී ඇති විට තරු කඩා වැටීම මගින් ඒවා දවා විනාශ කරනු ලබන බව Bill Cook පවසයි.







Comments

Leave your comment