අගමැතිට එරෙහි වූ ඇමතිවරු කැබිනට් රැස්වීමට ද නොයයි.


විශ්ශ්‍වාසභංගයේ දී පක්ෂව චන්දය ලබා දුන් ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස් වී තිරණය කර ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස මෙය සිදු කරන බව සදහන්ය.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවේ සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තෙක් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව දේශපාලන අාරංචි මාර්ග සදහන් කරයි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට අමතරව පක්‍ෂයේ සෙසු කැබිනට් ඇමතිවරුන්ද කැබිනට් රැස්වීමට වර්ජනය කරනු ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනා කර ඇති අතර එස්.බී. දිසානායක මහතා එය ස්ථීර කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු දැඩිව ප්‍රකාශ කොට ඇතැයි ද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් 16 දෙනා සකස් කළ වාර්තාවක් ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇතැයිද වාර්තා වේ.


මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදිසි නොවී පක්‍ෂයක් වශ්‍යයෙන් තීරණයක් ගත යුතු බවත් ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන් 41 දෙනාම එකට සිටිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් ඉවත්වීමට කර ඇති ඉල්ලීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් 11 වන දින රැස් වී තිරණයක් ගැණිමට නියමිතය.







Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment