අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය අත්සන් කරයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වවාසභංගය යෝජනාව සඳහා අද(16) ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.මුලික කරුණු 14 ක් පදනම් කර ගෙන මෙම විශ්වාසභංගය ගෙනවිත් ඇත.


මුලික කරුණු 12 ක් බැඳුම්කර සිදුවීමට අදාළව ගොණු කර ඇති අතර එහි අවසන් කරුණු 2 ක ලෙස ශ්‍රී ලංකාව තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීම හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය දරමින් මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති වුණ නොසනසුන්කාරී තත්ත්වය හමුවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සැලසීමට ක්ෂීණක පියවර ගැනීමට අසමත් වීමෙන් ජීවිත සහ දේපල හානි සිදු වීමෙන් ජාතික සමඟියට බරපතළ ලෙස හානි කර, ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කැලැල් කිරීම යන කරුණු මත පදනම් ව අගමැතිවරයාගේ විශ්වාසය පළුදු වු බව ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.


මෙම විශ්වාසභංගය සඳහා දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, රංජිත් සොයිසා, මහින්දානන්ද අලුත්ගමගේ, ජානක වක්කුඹුර, තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ, විමලවීර දිසානායක, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී.වී.චානක, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත ද සිල්වා හා ප්‍රේමලාල් ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් අත්සන් යොදා තිබේ.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment