අකිල සහ රංගන ශ්‍රි ලංකාවට ජය ගෙනෙයි.


බංග්ලාදේශයේ චිතගොන්හිදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ලකුණු 339 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී ලබා ගැණිමට හැකි වූයේ ලකුණූ 123 පමණි


තුන්වන දිනය වූ අද තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 200ක් රැස් කරගෙන සිටි අතර දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226ක් රැස් කළේය. අකිල ධනංජය බංග්ලාදේශ කඩුලු 05ක් දවා ගත් අතර රංගන හේරත් කඩුළු 04 ක් ක් බිඳ හෙළීමට සමත් විය.


මෙම ටෙස්ට් තරගයේ දී පමණක් අකිල ධනංජය කඩුළු 8 ක් බිද හෙළීම විශේෂත්වයකි.දෙරට අතර පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඒ අනුව තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ 01 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.








Comments

Leave your comment