රථ වාහන දඩය :සීසීටීවී කැමරා ඔස්සේ පෙබරවාරියේ සිට


සීසීටීවී කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේදී ලබන පෙබරවාරි මස සිට අත්හදා බලන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. විශේෂයෙන්ම කොළඹ හා ප්‍රධාන නගරවල මාර්ග හා මංසන්ධි සීසීටීවී කැමරා පද්ධතියෙන් නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා පොලිසිය කලක පටන් සිදුකරයි. රථ වාහන අනතුරු සඳහා එමගින් වැරදිකරුවන්ට දඬුවම් දීමට එම තාක්ෂණය උපයෝගී කරගත්තත් සාමාන්‍ය රථ වාහන වැරදි සඳහා දඩ ලබාදීමේ ක්‍රමයට තවමත් එම CCTV කැමරා භාවිතය ආරම්භ කර නොමැත.


සාමාන්‍යයෙන් යුරෝපා රටවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමය වන අතර, දඩ කොළය කළ වැරැද්දේ ඡායාරූපය සමග වාහනයේ අයිතිකරුගේ නිවසට එවීමට කටයුතු කෙරේ.ශ්‍රී ලංකාවේ ද රථ වාහන දඩ කොළ නිකුත් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිතා කිරීම අත්හදා බැලීමට ශ්‍රී ලංකා පොලීසිය ද වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරුද්ද මොකක්ද කියන දේත් එක්ක දඩ කොලය ගෙදරට යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බැලීමට සුදනම් වෙයි. එවිට වැරදිකරුවන්ට උසාවියට ගිහින් තර්ක කරගන්න හැකිවේවි යැයි නීතිය සාමය පිළීබද අමාත්‍ය සාගල රත්නායක මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


අපි විනය ඇතිකරන්න දඩ කොළයක් දුන්නාම ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන්ට රියදුරන්ගෙන් බැණුම් අහන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ වීඩියෝ කරලා සමාජ මාධ්‍ය ජාලාවලටත් දමනවා. කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා. කවුරු මොනවා කිව්වත් ඒවාට උත්තර දෙන්න නොයා නිශ්ශබ්දව අදාළ වැරුද්දට සරිලන දඩ කොලය දෙන්න අපි ඉදිරියේ දී කටයුතු කරනවා.යැයි මෙහිදී තවදුරටත් ඇමතිවරයා අදහස් දක්වමින් පැවසීය.


මෙම නව ක්‍රමය මගින් පොලිස් නිලධාරියා හා රථ වාහන හිමියන් අතර ඇතිවන මෙම ගැටලු බොහෝ දුරට මගහරවා ගත හැකිවනු ඇත.මෙම අත්හදා බැලීම කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධිවල ඇති රථවාහන නිරීක්ෂණ කැමරා මගින් මුලින්ම සිදුකෙරෙනු ඇත.රථවාහන රාජකාරි සඳහා පොලිසියේ නිලධාරීන් යෙදවීම අඩුකිරීමට ද පැය 24 ම රථවාහන ගැන නිරීක්ෂණය සිදුවීම ද මෙමගින් සිදුවේ.


රථ වාහන අනතුරු නිසා ශ්‍රී ලංකාවේ දිනකට මරණ 10ක් පමණ සිදුවන බව වාර්තා වේ.රථවාහන රියදුරන්ගේ විනය ඇතිකර මාර්ග අනතුරු අඩුකිරීමේ ක්‍රමයක් ලෙස රථවාහන දඩ මුදල් වැඩිකිරීමට ද ආණ්ඩුව පසුගිය වර්ෂයේ කටයුතු කළේය.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment