මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය


පළාත් පාලන මැතිවරණ දිනය කෙමෙන් ළං ‍වෙමින් පවතී.ඡන්දය පැවැත්වෙන්නේ පෙබරවාරී මස 10 වැනිදාය . මෙවර පළාත් පාලන මැතිවරණය ලාංකීය සමාජයට නව දේශපාලන අත්දැකීමක් සපයන අවස්ථාවකි. මෙය කේවල හා සමානුපාතික මිශ්‍ර මැතිවරණයක් වීම ඊට හේතුවයි. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව ඡන්ද කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරු 60%ක්ද සමානුපාතික ලෙස 40%ක් ද පත්කර ගැනෙති. එමෙන්ම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී දශක කිහිපයක් පැවැති මනාප ක්‍රමයද අහෝසි වී ඇත. ඒ වෙනුවට ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලටයි.


බහු මන්ත්‍රි කොට්ඨාස ක්‍රමයක් ක්‍රියාත්මක වීම හා කාන්තා නියෝජනය 25%ක් ලෙස නීතිගත කිරීමද මෙවර මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.මෙවර පළාත් පාලන මැතිවරණය දිවයිනේ ස්ථාපිත පළාත් පාලන ආයතන 341 සදහාම පැවැත්වේ.


කේවල කොට්ඨාස 4,750ක්ද මන්ත්‍රිවරු දෙදෙනෙක් පත් කරන බහු සභික කොට්ඨාස 165ක්ද මන්ත්‍රිවරු තිදෙනෙක් පත් කරන බහු සභික කොට්ඨාස 4ක්ද පවතී. ඒ අනුව කොට්ඨාස මට්ටමින් තෝරන මන්ත්‍රිවරු සංඛ්‍යාව 5092 දෙනෙකි. සමානුපාතික ක්‍රමයෙන් තෝරන මන්ත්‍රිවරුන් ඇතුළුව පත් කිරීමට අපේක්ෂිත සියලු මන්ත්‍රි සංඛ්‍යාව 8293 දෙනකි.


මෙවරලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස් හත් ලක්ෂ හැට දහස් අටසිය හැට හතක් (15,760,867) ලක්ෂයකි. තැපැල් ඡන්ද අයැදුම් කර ඇති පිරිස 5,59,862 දෙනෙකි. තවත් විශෞෂත්වයක් වන්නේ මෙවර ඡන්ද දායකයන්ගෙන් 64%කට ආසන්න පිරිසක් කාන්තාවන්වීමයි.ඡන්ද දායකයන් මෙවර ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තම කොට්ඨාසයෙන්, ඉල්ලන අපේක්ෂකයකු තෝරා පත් කර ගැනීම සඳහාය. ඡන්පෙදය ප්‍රකාශ කරන වේලාව වෙනදා මෙන්ම වේ එනම් පෙ .ව. 7 සිට ප.ව. 4 දක්වාය.


ඡන්ද පත්‍රිකාව සකස් කර ඇත්තේ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමත්, ඊට අදාළ ලකුණත් වශයෙන්ය. සිංහල හෝඩියේ අකාරාදි පිළිවෙළට එම දේශපාලන පක්ෂද ඉන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් ද වෙයි. ඡන්දය ලකුණු කළ යුත්තේ එම ඡන්ද පත්‍රිකාවේය. ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය ද‍ා ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ සඳහන් කළේය. මෙවර ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන්ට නිකුත් කෙරෙන ඡන්ද පත්‍රිකාවේ තරග කරන පක්ෂවල නම් සහ ඊට අයත් සලකුණුද ස්වාධීන කණ්ඩායම් තරග කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම යන වචනයද එය හඳුනාගැනීමේ අංකය හා සලකුණුද පමණක් මුද්‍රණය කර තිබෙනවා. අපේක්ෂකයන්ගේ හෝ කොට්ඨාසවල නම් හෝ අංක එහි සඳහන් වෙන්නෙ නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී කැමැති පක්ෂයේ නම, සලකුණ හෝ කණ්ඩායම යන වචන, හඳුනා ගැනීමේ අංක හා සලකුණු ඇති තීරුවේ සලකුණට දකුණින් ඇති ඉඩ කොටසේ එකම එක කතිරයක් (×) සලකූණු කළ යුතුයි. ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිම සලකුණක් යෙදීමෙන් වැළකී සිටිය යුතුයි.


පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ගණන් කිරීම වෙනදා මෙන් දිස්ත්‍රික් මට්ටමින් නොකරයි. ඡන්ද කොට්ඨාස කිහිපයක ඡන්ද එක් ස්ථානයකදී ගණන් කොට එම අවස්ථාවේදීම ප්‍රතිඵල දැන ගැනීමට එමඟින් අවකාශ සැලසෙයි.පළාත් පාලන ආයතනයක නිල කාලය වසර 4 කි.





Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment