ප්‍රධාන පක්ෂවල ප්‍රතික්ෂේප වූ නාම යෝජනා


පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම (14) අද දහවල් 12.00 අවසන් වූ අතර අද දහවල් 12.00 සිට පස්වරු 01.30 දක්වා විරෝධතා ගොනුකිරිම සඳහා කාලය දී තිබිණ. අනතුරුව නාම යෝජනා පත්‍රවල නිරවද්‍යතාවය සොයාබැලීම තේරීම් භාර නිලධාරීන් විසින් කරන ලද බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.


අනෙකුත් පළාත් පාලන ආයතන 248 නාමයෝජනා බාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.


මේ අතර ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු බව ඒ ඒ දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ.


නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයා නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමටසිදු වූ බව තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.


නාමයෝජනා ප්‍රතික්ෂේපවීම පිළිබදව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment