ගුරුවරියක දණ ගැස්සූ ඌව මහ ඇමති උසාවිය ඉදිරියේ දණ නමයි.


බදුල්ල ප්‍රදේශයේ දෙමළ පාසැලක විදුහල්පතිනියක සිය නිල නිවසට කැඳවා දණ ගැස්ස වීමේ චෝදනාව යටතේ පොලිසියට භාර වූ ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක රුපියල් ලක්ෂ දෙකක ඇප මත නිදහස් කිරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළේය. අද උදෑසැන කාලයේ නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මහ ඇමතිවරයා පොලිසියට භාර වී තිබෙන බව වාර්තාවේ.පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණී.


සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බවට මහඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.පාසලට ළමයකු ඇතුළත් කර ගන්නා මෙන් මහඇමතිවරයා විසින් එවන ලද ලිපියක් අනුව කටයුතු නොකිරීම නිසා තමා නිල නිවසට කැඳවා පරුෂ වචනයෙන් බැන වැදුන බවත් වැඳ සමාව ගැනීමට බල කළ බවත් විදුහල්පතිනි ආර් භවානි පවසයි.


මහඇමතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.


ඌව පළාතේ මහ ඇමතිවරයා, සන්ධ්‍යා අඹන්වල අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්එම්බී රත්නායක සහ විදුහල්පතිනියට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇති පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දින ගණනාවක් මුළුල්ලේ බදුල්ල නගරයේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණ.විදුහල්පතිනියට සාධාරණය ඉටු කරන මෙන් ඉල්ලා ගුරුවරුන්, රාජ්‍ය සේවකයින් ඇතුළු විශාල පිරිසක් දිගටම උද්ඝෝෂණවල නිරතව සිටියහ.


මේ අතර ඌව පළාත් සභාව ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණී.


මේ අතර ඌව මහඇමති චාමර සම්පත් දසනායක සිය පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ද පසුගිය ද‍ා තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කළේය.මහඇමතිවරයා එම පියවර ගැන තිබෙන්නේ ඔහු මුල්කර ගත් පරීක්ෂණ සඳහා සහයෝගය දීමට බව පවසමිනි.ඔහු ඉවත්වුයේ අධ්‍යාපන ඇමති පදවියෙන් පමණක් වන අතර සෙසු අමාත්‍ය පදවිවල පුරුදු පරිදි දිගටම කටයුතු කරයි.


ඌව පළාත් මහ ඇමැතිවරයා සම්බන්ධ ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඌව ආණ්ඩුකාරවරයාට නියෝග කරන ලද බවක් ද වාර්තා විය.පරීක්ෂණය පවත්වන කාලය තුළ මහ ඇමැතිවරයාට අයත් පළාත් අධ්‍යාපන ඇමැති ධූරය පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඌව පළාතේ ආණ්ඩුකාරවරයාට දැනුම් දී ඇත.


මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගත්තේ නැත්නම් වතුකරයේ ජනතාව වීදි බස්සවන බවට වෘත්තීය සමිති නායකයන් කියා සිටින අතර ගුරු සංවිධාන රැසක් ද මහඇමතිවරයාට එරෙහිව පෙරට පැමිණ සිටිති.



Comments

Leave your comment