අධ්‍යාපන ණය සදහා සිසුන්ගේ උනන්දු අඩුයි - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය


රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟතාවය පළ කර ඇත.මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුනාගත් ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත.


සිසු සිසුවියන් 5000 ක් සඳහා මෙම ණය පහසුකම ලබා දීමට තීරණය කර ඇති අතර වසර හතරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක මුදලක්ද, වසර තුනක කාලයක් සඳහා ලක්ෂ හයක මුදලක් ද මේ අනුව ණය ලෙස ප‍්‍රදානය කිරීමට නියමිතය.ඊට අමතරව සිය අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් හැත්තෑපන් දහසක මුදලක් ද වසරකට ණය වශයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.මෙම ණය සඳහා පොලී ගෙවීම රජය විසින් සිදු කරනු ලබන අතර ගත් ණය නැවත ගෙවීම සිදුවන්නේ උපාධිය ලබා වසරක් ගතවීමෙන් ඉනික්බිතිවය. ඒ සඳහා ද වසර හතක කාලයක් ලබා දෙනු ඇත.


උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැඩි කැපවීමකින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ලැබුවද මේ සඳහා තරගකාරී ඉල්ලීමක් තබා ප‍්‍රමාණවත් පරිදි ඉල්ලීම් කිරීමක්ද දකින්නට නොලැබෙන අතර, ඉකුත් වසරේද මේ අවස්ථාවෙන් සිසු සිසුවියන් ප‍්‍රයෝජනයක ලබා නොගත් ආකාරයෙන්ම මේ වසරේද එතරම් ඉල්ලිමක් දකින්නට නොලැබීම සැළකිල්ලට ගෙන අමාත්‍යවරයා තවත් සතියක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට ඇති කාලය දිගු කර දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.


මෙහිදී එම පාඨමාලා සඳහා ඉල්ලීම් කළ හැක්කේ අන්තර්ජාලය හරහා පමණක් බවත් සියලු තොරතුරු www.studentloan.mohe.gov.lk ඔස්සේ ලබාගත හැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.


විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් නොලබූ එහෙත් උසස් අධ්‍යාපනය සදහා යොමුවන සිසුන් සදහා රජය ලංකා බැංකුව මගින් ණය ලබාදීමේ වැඩපිළිවලක් ආරම්භ කළත් එයට සිසුන්ගෙන් ධන‍ාත්මක ප්‍රතිචාරයක් නොලබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට හේතුව කුමක්ද?අපේ රටේ බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම යනු එක් අතකින් අතිශය දුෂ්කර කාර්යකි .ඒ සදහා අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කිරීම අතිශය බරපතල කාර්යකි. එමෙන්ම ණය මුදලක් ලබා දෙන බව කියන කාලයට ලබාගැනීමට හැකියාවක් ඇත්තේම නැත.මාසයකින් ණය මුදලක් ලබා දෙන බව කිවහොත් එය ලැබෙන්න් දෙමසකින් හෝ තෙමසකින් බව හේ රටේ දීර්ඝ කාලයක් ජිවත් වූ කවුරුත් දන්නා දෙයකි.එමෙන්ම ණය මුදල ලබා දෙන විට තිබෙන කාරුණික බව එක් වාරිකයක් හෝ ගෙවිමට ප්‍රමාද වු විට දක්නට ලැබෙන්නේ නැති බව කවුරුත් දනී.සැබැවින්ම මෙරට බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම යනු අනවශ්‍ය මනසික පීඩනයක් තමන් විසින්ම ඇති කර ගැනීමක් බව ජනතාවගේ අදහසයි.මෙම අධ්‍යාපන ණය සදහා වුව ද තම දරුවන් යොමු කිරීමට දෙමාපියන් බිය වන්නේ ඔවුන් ණය ලබා ගැනිම පිළිබදව ලබා ඇති කටුක අත් දැකීම් නිසාම විය හැකිය.කෙසේ වුව ද ණය පහසුකම් ලබාදිම පිළිබදව සමාජයේ පවතින ආකල්පය වෙනස්විමකට ලක්වන්නේනම් සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද මේ පිළිබදව උනන්දු වනු ඇත.






Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment