හතුරා - පරාජිතයින්ට ජය ගෙනෙයි- ඉන්දීයව පරදා ශ‍්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්..


පසුගිය කාලයේම අපි ක්‍රිකට් බැලුවේ නැත . අලුත් ක්‍රිඩකයින්ගේ නම් වත් නොදන්නා තැනට පත් වී තිබුනි. එහෙත් හතුරුසිංහගේ පැමිණිමත් සමග පරණ ක්‍රිකට් මතකයට නැගිණි.දැන් යලිත් ක්‍රිකට් වසන්තය ආරම්බ වූවා යැයි සිතේ . හතුරුසිංහ අපේ පැරණි දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයා වර්ථමාන ක්‍රිකට් කණ්ඩායමට යලි ජීවය ලබා දී තිබේ.ඒදා ඔහු ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙසත් අද ක්‍රිකට් පුහුණු කරුවෙතු ලෙසත් තමන් සැබෑ දක්ෂයෙක් බව පෙන්වා දී ඇත.අන්ත පරාජීත අඩියක සිටි ශ්‍රි ලංකා කණ්ඩායම පහුගිය බංගලාදේශ සංචාරය ජයග්‍රාහී ලෙස නිමකල අයුරුත් ඊයේ 20 - 20 ඉන්දියාවට එරෙහිව ජය ගත් අාකාරයත් අප සතුටින් බලා සිටියෙමු.


ඊයේ අාරම්බ වූ නිදහස් කුසලාන 20-20 තුන්කොන් තරගාවලියේ මුල්ම තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ආර් ප්‍රේමදාස පිටියේදී මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකාව පන්දුවාර 18.3කදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ලකුණු ප‍්‍රමාණය ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කලහ.


වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කින්. හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුලත් වුනා. මනීෂ් පාන්ඩේ 37 යි. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් පෙරේරා ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියා.පන්දු 37 කින් ඔහු ලබාගත් වේගවත් ලකුණු 66 ට හතර පහර 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා. ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තා. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් රැස් කලා.








Comments


මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්. ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා

  • Sep 21, 2017

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Your Comment...

  • Sep 21, 2017

Leave your comment