පිලිපීනයට දරුණු සුළි කුණාටුවක් :133ක් මියයයි.


ටෙම්බියන් සුළි කුණාටුව දකුණු පිලිපීනයේ මින්දනාවෝ දූපත් හරහා ගමන් කිරීමත් සමග ටියුබොට් සහ පියාගෝ නගර දැඩි ලෙස විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අධික වැසි තත්වය මත ගංවතුර මෙන්ම නාය යෑම් සහ පස් කදු කඩාවැටීම් ද හේතුවෙන් නිවාස බොහොමක් විනාශ වී ඇති බව වාර්තා වේ.මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 80 ක වේගයෙන් හැමු බවත් පසුව එය පලවාන් දූපත් දෙසට ගමන් කරමින් තිබෙන බවත් එරට කාළගුණ අංශ පවසයි.එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 95 ක සුළං තත්වයක් තිබු බව ද වාර්තා වී තිබේ.


මෙම සුළිකුණාටු සහ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් 133 ක් පමණ මියගොස් ඇති බවට වාර්තාවන අතර විශාල පිරිසක් අතුරුදහන්ව ඇති බව විද‍ෙස් මාධ්‍ය වාර්තා කරයි.විදුලි බලය මෙන්ම සන්නිවේදන සම්බන්ධතාවයන් ද බිදවැටීම හේතුවෙන් අපදාවට ලක් වූ ප්‍රදේශවල බලධාරීන් සම්බන්ධ කර ගැනීමේ දුෂ්කර තාවයක් ද පවතී.එසේ වුවත් මේවන විට ජිවිතා රක්ෂක මෙහෙයුම් එරට ආරක්ෂක අංශ මැදිහත් වීමේන් සිදුකරන බව වාර්තාවේ.


පිලිපීනය නිරන්තරයෙන්ම සුළි කුණාටු අවධානම පවතින රටක්වන අතර වසරකට සුළි කුණාටු 20 ක පමණ බලපෑමට ඔවුන් ලක්වන බව පිලිපීන් කාලගුණ අංශ පවසයි .ඒවායින් කිහිපයක් දරුණු සුළිකුණාටුවන අතර ටෙම්බියන් සුළි කුණාටුවද එවැනි දරුණු ගණයේ සුළි කුණාටුවක් බව ඔවුන් ප්‍රකාශ කරයි.








Comments

Leave your comment