පළාත් පාලන මැතිවරණ දිනය කෙමෙන් ළං වෙමින් පවතී.ඡන්දය පැවැත්වෙන්නේ පෙබරවාරී මස 10 වැනිදාය . මෙවර පළාත් පාලන මැතිවරණය ලාංකීය සමාජයට නව දේශපාලන අත්දැකීමක් සපයන අවස්ථාවකි. මෙය කේවල හා සමානුපාතික මිශ්‍ර මැතිවරණයක් වීම ඊට හේතුවයි. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව ඡන්ද කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරු 60%ක්ද සමානුපාතික ලෙස 40%ක් ද පත්කර ගැනෙති. එමෙන්ම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී දශක කිහිපයක් පැවැති මනාප ක්රමයද අහෝසි වී ඇත. ඒ වෙනුවට ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලටයි.
2018 පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය සළකුණු කිරීමේ පළමු අදියර හෙට (22) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.ඒ අනුව හෙට දිනයේ මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල තැපැල් ඡන්දය සළකුණු කිරිම සිදුකෙරේ .
මේ දිනවල පළාත්පාලන ආයතනවල ඡන්ද උණූසුම රට පුරා දක්නට ලැබේ.එමෙන්ම ජනතාව අතර කතාබහ වන්නේ ද ඒ හා සම්බන්ධ මාතෘකාවන්ය.විවිධ ජනහමුවලදී දේශපාලඥයින් විසින් ද විවිධ අදහස් පළකරනු ලබති.ඒවා අතර දේශපාලන අභ්‍යන්තර තොරතුරු ද නොදනුවත්ම එළියට එයි.එවැනි කතා අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාවීමේ ඉඩකඩ වැඩිවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.මේ පිළීබදව පාර්ලිමේනතු මන්ත්‍ර රොෂාන් රණසිංහ මහතා ද මැතිවරණ වේදිකාවක දී සදහන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.එය තවත් තීව්රර කරන සාධකයක් ලෙස, වර්තමාන ජනාධීපතිවරයාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂඨාධිකරණයෙන් තීරණය කිරීම ද දැක්විය හැක.
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (9 ) දින නියෝග කර තිබේ.
අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වන අතර 2008 වර්ෂයේ සිට සෑම වසරකම ජනවාරී 04 වැනදා දිනය ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස නම් කර තිබේ.ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මකවීම සහ ළමා අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම දිනය නම් කර තිබේ.ජාතික ළමා රක්ෂක අධිකාරීයේ මෙහෙයවීමෙන් ළමා අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එහි සභාපතිනී මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.
2017 වර්ෂය අවසන් වී නව වසරක් උදාවී ඇත.නව වර්ෂයේ රට තුල ක්‍රියාත්මක වූ වූ කිසිදු ධනාත්මක ක්‍රියාවලියක් තුළීන් ඇති වූ යහපත් ප්රතිපළුයක් නොවීය.සියල්ල අයපත් අතට සිදුවූ වර්ෂයකි.අර්බුද ,වැඩවර්ජන දේශපාලන, ආරවුල් මෙන්ම විවිධාකාරයේ හදිසි ආපදාවලින් ඇති වු ජීවිත අනතුරු යනාදි මෙකී නොකී අයහපත් දේ සිදු වෙමින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැමිණ වර්ෂය අවසන් කර ඇත.
නෙල්සන් මැන්ඩෙලා විසින් අප්‍රිකානු මහාද්විපයේ අභිමානය ලෙස හදුන්වා දුන් ලයිබීරියවේ ජෝර්ජ් වියා එරට ජනාධිපතිවරයා ලෙස පත් වී ඇත.1990 දී අප්‍රිකානු කලාපයෙන් බිහි වූ සුපිරි පාපන්දු තාරකාව වන ලයිබීරියාවේ ජෝර්ජ් වියා එංගලන්තයේ මැන්චෙස්ටර් පාපන්දු කණ්ඩායමට බැදී තරග කළ අතර පසුව ජර්මන් කණ්ඩායමට ද බැදී පාපන්දු පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයෙකි.
ද්ත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙද්දී ඇය වෙනුවට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පියසේන ගමගේ මහතා අද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දුන්නේය. අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය තනතුර සදහා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය
අංශය වාර්තා කරයි.
හය හතර නොදන්නා ගමේ කොළු ගැටව් මෙන්ම දේශපාලනය පිළිබද හසරක් නොදන්නා පුද්ගලයින් දැන් මේ රටේ ගම්මාන පුරා ඇවිදමින් තමන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීයි.මේ අය දන්නේ තමන් ඉදිරිපත්වන පක්ෂය සහ එහි ලකුණ පමණකි. ඔවුන් ජනතාවට පවසන්නේ, තමන්ට අපේක්ෂකත්වය ලබා දුන් පක්ෂය හෝ එම පක්ෂයේ ඉහළ නායකන් වන, පළාත් සභා නියෝජිතයින් එසේත් නැතිනම් පළාතේ මන්ත්‍රිවරයා එසේ නැත්නම් ආසනයේ සංවිධායකවරයා කට පාඩමින් කියා දුන් විස්තර පමණි. එනම්, ඒ කියවන වැකි අතර ”අපි ඡන්දෙන් පත් වුණාම මේ ප්‍රදේශය සංවර්ධනය කරන ආකාරය විස්තර කරයි , ඒ අතර අනෙක් පක්ෂයන් විවිචනය කිරීමට ද අමතක නොකරයි. මේ තැටිය තම සෑම පක්ෂයකම අය මේවන විට වාදනය කරමින් යයි.
පාතාලය යනු නූගත් සමාජය තුළ දරිද්‍රතාවයෙන් යුතු මිනිසුන්ගෙන් සැදුම් ලත් නීති විරෝධී නිල නොලත් ආයුධ බලය සහිත චණ්ඩින්ය.මොවුන් මෙහෙයවන්නේ නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයන ව්‍යාපාරික කළු සල්ලි මුදලාලිලා සහ ඒ ඔස්සේ දේශපාලන බලය මෙහෙයවන දේශපාලකයෝය.
PREVIOUSNEXT