April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

දේශපාලන

    March 8, 2018, 6:21 am0

    මුලධර්මවාදයට එරෙහි වීම ලෝකය පුරාම සිදුවන්නක්- මහනුවර සිද්ධිය පිළිබද ඇමති- චම්පික කතාකරයි.

    ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති පාටලී චම්පික රණවක විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත් කර තිබූ නිවේදනයක් මෙහි දැක්වෙයි.

    March 7, 2018, 5:20 pm0

    ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රචණ්ඩ ක්‍රියා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරය

    ජනප්‍රිය සංචාර දිස්ත්‍රික්කයක්වන මහනුවර ජනවාර්ගික විරෝධී කැරලි වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇත.අඹතැන්නේ බෞද්ධ විහාරයකට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ කටකතා ද මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිරී ඇත. මිය ගිය පුද්ගලයන්ගෙන් එක් අයෙක් හෘදයාබාධයකට ලක්වීමෙන් ඔහුගේ සාප්පුවේ දී මිය ගොස් ඇති අතර තවත් මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තවත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.

    March 7, 2018, 11:59 am0

    ප්‍රචණ්ඩත්වයෙන් හැසිරීම රටට හානියක්. හිටපු ජනාධිපති මහින්ද

    බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පවතින් තත්ත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ නොදිය යුතු අතර පළමු නිදහස් ආණ්ඩුවට සමානව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවතත් මෙරට තුළ ගොඩනැංවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ. මේ රට අස්ථාවර කිරීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග රට බෙදා වෙන් කිරීමට ගෙනවිත් ඇති ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් රට තුළ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බැවින් මෙවන් අවස්ථාවල ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ. එම නිවේදනය වැඩිදුරටත් මෙසේ වේ.

    March 7, 2018, 11:06 am0

    ගැටුම්වලට වගකිව යුත්තේ අගමැතියි.. – ඥාණසාර හිමියෝ කියයි.

    ජීනීවා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය එනවිටම රට තුළ සිංහල මුස්ලිම් ගැටුමක් ආරම්භ වීම සම්බන්ධයෙන් රටේ නායකයන් සහ ආරක්ෂක අංශ සොයා බැලිය යුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (6) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    March 4, 2018, 2:30 pm0

    මෙවර මැතිවරණයේදී ජ,වි,පේ ලත් එකම ජයග්‍රහණය

    2018 පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස 4917 අතරින්, ජනතා විමුක්ති පෙරමුණට ජයගත හැකි වුනේ එක් ඡන්ද කොට්ඨාසයක් පමණි. ජනතා විමුක්ති පෙරමුණට මුළු දිවයිනෙන් ම කොට්ඨාසයක් දිනා දීමට සමත්වූයේ පියසේන ප්‍රනාන්දු, මහතා නියෝජනය කල පානදුර නගර සභාවට අයත් වෑකඩ උතුර චන්ද කොට්ඨාශයයි. වයස අවුරුදු 74 ක් වන පියසේන ප්‍රනාන්දු 2003 වසරේදී ජවිපෙට සම්බන්ධ වූ අතර පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙයි.

    February 27, 2018, 3:47 pm0

    අම්පාරේ දුරදිග ගිය ජාතිවාදී පෙති ගැටුම

    අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.

    February 20, 2018, 2:47 pm0

    උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන තාවකාලිකව නවතී.

    උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය අත්වැහිටුවා ඇති අතර මේ සදහා වැය කිරීමට අපේක්ෂිත සිටි මුදල රුපියල් බිලියන 4කි.

    February 7, 2018, 2:39 am0

    උදයංග වීරතුංග රැගෙන ඒමට නිලධාරීන් ඩුබායි යයි.

    ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කරයි.

    January 23, 2018, 2:58 pm0

    සිංගප්පූරුව ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමකට අත්සන් තබයි.

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. මේ අවස්ථාවේදී සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පැවසුවේය.

    January 22, 2018, 2:30 pm0

    අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !

    නෙවිල් ප්‍රනාන්දුගේ අයිතියෙන් සයිටම් ආයතනය ඉවත් කර නැවත එය ස්ලිට් එකට පවරා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග යළි අධ්‍යාපනය විකිණිමට රජය දරණ උත්සාහයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය දක්වන බව එහි කැදවුම්කරු ලහිරු විජේසේකර අද (22)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව පැවතියේ කොල්ලුපිටියේ පිහිටි ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ දීය.

    PREVIOUSNEXT