චීන විවාහ උත්සවත් , ලංකාවේ සිදුවෙයි.




සාම්ප්‍රදායික චීන ඇදුමින් මෙන්ම ලාංකීය මෙන්ම බටහිර ඇදුමින්ද සැරසුණු චීන යුවතිපතීන් 50 දෙනෙකුගේ විශාල මංගල උත්සවයක් ඊයේ (ඉරිදා ) කොළඹ දී පැවැත්විණි.දෙරට අතර තානාපති සබදතා සදහා වසර 60 ක් පිරීම නිමිත්තෙන් හා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම මහා මංගල උත්සවය සංවිධානය කර තිබුණි.


මෙම උත්සවය සදහා මෙරට දේශපාලඥයින් තානාපතිවරුන් සහ ජනතාවද සහබාගි වූ අතර විශාල චීන ජාතිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


මලින් සරසන ලද මංගල රථවලින් (කාර්) පැමිණි මෙම යුවතිපතීන් දේශීය සම්ප්‍රදායට අනුව බෙර වාදනයෙන් ද සාම්ප්‍රදායික නැටුමෙන් හා සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සක් පිඹීමෙන්ද පිළිගනු ලැබීය.


මුදු මාරු කිරීම මෙන්ම අත්පැන් වත්කිරීම දේශීය බෞද්ධ චාරිත්‍ර අනුව සිදු වූ අතර පාසැල් ශිෂ්‍යාවන් විසින් ජය මංගල ගීත ගායනා කර නව යුවල සදහා ආශිර්වාද කළේය.මෙම උත්සවයට සහබාගී වු මෙරට දේශපාලඥයින් විසින් මොවුන් සදහා විවාහ සහතික පිරිනමණු ලැබූ අතර ඔවුන් සමග ඡායා රූපවලට ද පෙනී සිටියහ.


චීන රජය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සදහා විශාල වශයෙන් ආයෝජනය කර තිබේ. චීන ජාතිකයින් සෑම වරකම ආසියාතික රටවල සංචාරය කිරීම සිදුකරයි.