April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

News

    February 15, 2018, 8:09 am0

    මීළග ආණ්ඩුවේ තීරණාත්මක බලවේගය කවුරුන්ද?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කර ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පිළිබද මේ වනවිට සාකච්ඡා මට්රිටමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම ආරංචි මාර්ගයන්ට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් සඳහන් කර ඇත්තේ, එසේ පිහිටුවන ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පත් කෙරෙනු ඇති බවය. ඔහු මේ කරුණු සඳහන් කළේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

    February 10, 2018, 10:28 am0

    කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබෙයි, පුංචි චන්දයේ චන්ද විමසීම අවසන්

    අද පැවැති පලාත් පාලන චන්දයේ චන්ද විමසීම මේ වන විට අවසන් වී ඇත. තහවුරු කරගත් ජනමත සමීක්ෂණ අනුව මෙම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ලබා ගැනීමට අපහසු වන බව දැනට ලැබෙන තොරතුරු අනුව පෙ‍නීයයි. එක්සත් ජාතික පක්ෂය , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද මෙම මැතිවරණය සදහා සක්‍රීයව ඉදිරිපත් වූ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයන් වේ.

    February 10, 2018, 9:29 am0

    අකිල සහ රංගන ශ්‍රි ලංකාවට ජය ගෙනෙයි.

    බංග්ලාදේශයේ චිතගොන්හිදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ලකුණු 339 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී ලබා ගැණිමට හැකි වූයේ ලකුණූ 123 පමණි

    February 9, 2018, 9:09 am0

    පුංචි ඡන්දයේ අවසන් අදියර අරම්භ වෙයි.

    හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා අද (09) උදෑසන වන විට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත බෙදා හැරීම ආරම්භ කළ බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත මැතිවරණ රාජකාරියේ නියතු නිලධාරින් සහ ඡන්ද පෙට්ටි අද (09) දහවල්වනවිට ළගා වී ඇතිබව වාර්තාවේ.පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා සිදු කිරීමට නියමිතය

    February 7, 2018, 3:10 pm0

    බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් ජනපති මැදිහත් වෙයි.

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ

    February 7, 2018, 2:39 am0

    උදයංග වීරතුංග රැගෙන ඒමට නිලධාරීන් ඩුබායි යයි.

    ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කරයි.

    February 6, 2018, 2:56 pm0

    බැදුම්කර විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 යි.

    අද(06) පැවති විශේෂ පාර්ලිමේන්තු බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි.උදය වරුවේ මන්ත්‍රීවරුන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටියද පස්වරු 2.00න් පමණ පසු සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වැනි ප්‍රමාණයක් වන අතර ඇතැම් අවස්ථාවල සිටියේ කතා කරමින් සිටි මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා පමණක් බව වාර්තාවේ.

    January 25, 2018, 11:02 am0

    ඉන්දුනීසියා ජනපති හා ශ්‍රී ලංකා ජනාපති අතර නිල හමුව හා සාකච්ඡා ජනාධිපති කාර්යාලයේ දී

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයෙකු ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන්නේ ඉන්ඳුනිසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝ මහතා 1979 වසරේදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එනම් වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.

    January 25, 2018, 3:01 am0

    ෆෙයාවේ ගාලු සාහිත්‍ය උළෙල ආරම්භ වෙයි.

    අන්තර්ජාතික සහයෝගීතාවය මූලික කරගනිමින් වසරක් පාසා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ගාලු සාහිත්‍ය උත්සවය ඊයේ ( 24) ගාල්ලේ දී ආරම්භ විය.දින පහක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවයේ මෙවර දෙවන වරටත් සිංහල බස සඳහා දිනයක් වෙන් කර තිබීම විශේෂත්වයකි.ඒ අතර දෙවෙනි වරටත් 27 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත සිංහල දිනයේ වැඩසටහන් සඳහා නොමිලේ සහභාගිවිය හැකිය.

    January 24, 2018, 3:24 am0

    එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය ( ගගන විද්‍යා විශ්වවිද්‍යාලය) පළමු වරට ශ්‍රී ලංකාවේ පාඨමාලා ආරම්භ කරයි

    ලොව විශාලතම හා කීර්තිමත්ම ගගන විද්‍යා විශ්වවිද්‍යාලය වන එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය පළමු වරට ඇමෙරිකාවෙන් බැහැරව ද්විතීයික බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාවෙන් ආරම්භ කර තිබේ. ගේට්වේ විද්‍යාලයේ උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අංශයේ එම්බිර් - රිඩ්ල් හවුල මඟින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ නිල ආරම්භය පසුගිය 19 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සිදුකෙරිණි.

    January 23, 2018, 2:58 pm0

    සිංගප්පූරුව ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමකට අත්සන් තබයි.

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. මේ අවස්ථාවේදී සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පැවසුවේය.

    January 23, 2018, 10:54 am0

    ගුරුවරියක දණ ගැස්සූ ඌව මහ ඇමති උසාවිය ඉදිරියේ දණ නමයි.

    බදුල්ල ප්‍රදේශයේ දෙමළ පාසැලක විදුහල්පතිනියක සිය නිල නිවසට කැඳවා දණ ගැස්ස වීමේ චෝදනාව යටතේ පොලිසියට භාර වූ ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දිසානායක රුපියල් ලක්ෂ දෙකක ඇප මත නිදහස් කිරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළේය. අද උදෑසැන කාලයේ නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මහ ඇමතිවරයා පොලිසියට භාර වී තිබෙන බව වාර්තාවේ.පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණී.

    PREVIOUSNEXT