April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

News

    March 5, 2018, 11:02 am0

    සැගවිය නොහැකි අලුයට ගිනිමෙන් ඇවිලෙන සිංහල - මුස්ලිම් ගැටුම්

    රටේ අවාසනාවට හෝ එහි ජීවත්වන ජනතාවගේ අවාසනාවට හෝ ලාංකීය ජාතියත් ලෙස අපට නැගී සිටීමට අවස්ථාවාදී බලලෝභීන් ඉඩ ලබා දෙන්නේ නැත. 30 වසරක ලේ වැගිරීම් අවසානයේ එක් හුස්මක් අරගෙන සතුටින් සිටීමට මේ රටේ මිනිසුන්ගේ නොහැකි වීමේ අභාග්‍යකි.යලිත් මේ රටේ මිනිසුන් කාගේ හෝ පටු අවස්ථාවාදී උගුලකට හසු වී ඇත්තේය. දෙමල මිනිසුන් එක්ක 30 වසරක් යුද්ධ කල සිංහලුන්ට දැන් මරක්කලයින් එකක් ද යුද්ධ කරන්න සිදු වී ඇත්තේය. කාගේ හිත් පෑරුනත් ජාතිවදීන් ලෙස නොව මධ්‍යස්ථව බලන සහ සිතන විට වර්ථමානයේ උපක්‍රමශීලී අක්‍රමණයක් මුස්ලිම් අන්තවාදීන් රට තුල සිංහල මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන බව අප වගකීමෙන් ප්‍රකාශ කරමි. සිංහල මිනිහා අහිංසත මෝඩයෙකි සත්‍ය එයයි .එය බුදු දහම තුලින් අනිත්‍ය මෙනෙහි කරන දර්ශනයක් අනුගමනය කරන මිනිසුන්ගේ ස්භාවයයි. එය ඉතිහාසය හමුවේ ඔප්පු කල ජාතියක් ලෙස මේ රටේ සිංහලුන්ට අඩම්බරයක් තිබේ .ඉන්දීය සම්භවයකින් සිංහලුන් පැවත අවා යැයි කීවත් මේරට දෙමල හෝ මුස්ලිම් නිජබිමක් නොවේ. අරාබියෙන් ආ මුස්ලිම් වරු මෙහි නැත. ඉන්නේ මුස්ලිම් ලෙසින් කොන කපාගත් සිංහලයින්ය. කටුක සත්‍ය මෙයයි. මේ මරා ගන්නේ අපි අපිමයි. අරාබියෙන් අපු ආගමකටයි, ඉන්දියාවෙන් අාපු දර්ශනයකටයි, අපි වහල් වී ජීවිත සහ දේපල විනාශ කර ගැණිමට තරම්, අපි නුගත් මොඩයින් වී ඇත්තේය.අනාගතයේ මේ රටේ මුස්ලිම් අක්‍රමණය වැලැක් වීමට නම් සියලු මිනිසුන් ආගම් අතහැර මනුෂත්වයට ගරුකල යුතු වන්නේය.එසේ නොවන තාක් අපට පැහැබර අනාගතයක් උදාවන්නේ නැත.

    March 4, 2018, 2:30 pm0

    මෙවර මැතිවරණයේදී ජ,වි,පේ ලත් එකම ජයග්‍රහණය

    2018 පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස 4917 අතරින්, ජනතා විමුක්ති පෙරමුණට ජයගත හැකි වුනේ එක් ඡන්ද කොට්ඨාසයක් පමණි. ජනතා විමුක්ති පෙරමුණට මුළු දිවයිනෙන් ම කොට්ඨාසයක් දිනා දීමට සමත්වූයේ පියසේන ප්‍රනාන්දු, මහතා නියෝජනය කල පානදුර නගර සභාවට අයත් වෑකඩ උතුර චන්ද කොට්ඨාශයයි. වයස අවුරුදු 74 ක් වන පියසේන ප්‍රනාන්දු 2003 වසරේදී ජවිපෙට සම්බන්ධ වූ අතර පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙයි.

    March 1, 2018, 3:20 pm0

    ආයෝජකයින් දිරිගන්වන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සිංග්ප්පූරුවේදී

    ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා මාර්තු 02 වන දා සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා"සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද (01) සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබේ.

    March 1, 2018, 5:22 am0

    රට අස්ථාවර වෙමින් නිතියේ ආධිපත්‍යය ගිලිහී යන ලකුණූ

    දියුුුුණු ලෝකයේ දියුණූ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිවරදි දිශානතියකට ගෙන යාමට උපකාරීවන ලෙස නීති රෙගුලාසි සැකසිය යුතු වකවානුවකට අප පැමිණ තිබේ.නීතිය සැමට සාධාරණ විය යුතු සේම එහි විනිවිද භාවය සහ මනුෂ්‍යත්වයට වැඩි වටිනාකම් හිමි විය යුතුවන්නේය.

    February 28, 2018, 12:13 pm0

    අගමැති ඉවත් කිරීමේ විශ්වාසභංගට කොන්දේසි මත ජ,වි,පේ සහය

    අගමැතිධුරයේ වගකීම් හරියාකාරව ඉටු නොකිරීමට හා වංචා- දුෂණ සම්බන්ධයෙන් මෙන්ම හොරු ආරක්ෂා කිරීමට අනුබල දීම ආදී චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඊට සහාය දීමට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

    February 27, 2018, 3:47 pm0

    අම්පාරේ දුරදිග ගිය ජාතිවාදී පෙති ගැටුම

    අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිසිය පවසයි.අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.

    February 27, 2018, 8:38 am0

    එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංගයක් - රංගේ බණ්ඩාර

    එක්සත් ජාතික පක්ෂයේ අනාගත අභිවෘද්විධිය සදහා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.එම විශ්වාස භංගය ගෙන එන්නේ රටේ විශ්වාසය නැති පුද්ගලයාට එරෙහිව බව ද ඔහු කීවේයඅමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    February 26, 2018, 4:24 pm0

    බොලිවුඩයෙන් බැස ගිය තාරකාවිය

    අධිකරණ වෛද්‍ය වාර්ත‍ාවට අනුව, ජනප්‍රිය නිළි ශ්‍රී දේවිගේ මරණය හදිසියේ දියේ ගිලී මියෑමක් බවට වාර්තා වෙයි. නමුත් මීට පෙර හෘදයා බාධයකින් ඇය මිය ගිය බවට වාර්තා විය.ශ්‍රී දේවිගේ මරණය පිළිබඳ පුවත මුළු චිත්‍රපට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම ඇගේ රසිකයන්ට ද මහත් කම්පනයක් විය.අ‍ැගේ දේහය මුම්බායි වෙත ගෙන එන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය හා අවසන් ලිපි ලේඛන ඩුබායිහි නිම කිරීමෙන් පසුවය.මුම්බායි සිට ඩුබායි දක්වා පියාසර කරන ලද පෞද්ගලික ජෙට් යානයකින් ශ්‍රී දේවිගේ සිරුර රැගෙන එන අතර තව පැය කිහිපයකින් එම ජෙට් යානය ඉන්දියාවට ළගා වෙනු ඇතැයි වාර්තාවේ.

    February 21, 2018, 3:36 pm0

    හෙට දින කැබිනට් සංශෝධනයක්?

    යහපාලන ආණ්ඩුවේ දෙවන කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.ඒ අනුව මුදල් ,නීතිය හා සාමය, මහාමාර්ග ,ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා ,විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල වෙනස්කම් සිදුවිය හැකි බව රජයේ ආරචි මාර්ග සදහන් කරයි.

    February 20, 2018, 3:07 pm0

    ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ අපවත් වෙති.

    ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර උන්වහන්සේ අද අලුයම අපවත් වූහ. .අපවත් වන විට උන්වහන්සේ 80 වැනි වියෙහි පසු විය.උන්වහන්සේ අපවත් වන විටත් අනුරාධපුර ශ්‍රී සාරනන්ද මහා පිරිවෙනේ හා පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනේ විහාරධිපති ධුරය හොබවමින් සිටියහ.

    February 20, 2018, 2:47 pm0

    උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන තාවකාලිකව නවතී.

    උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය අත්වැහිටුවා ඇති අතර මේ සදහා වැය කිරීමට අපේක්ෂිත සිටි මුදල රුපියල් බිලියන 4කි.

    February 20, 2018, 7:25 am0

    පවුර්වස් හී පෝරස් රජුගේ ජීවිත කතාව-දිග්විජය

    දිග්විජය‘ 2018 වසරට සිරස ටීවී වෙතින් සහෘද ප්‍රේක්ෂකයන් වෙත පිදෙන ටෙලිවිෂන් තිළිණයයි. දකුණු ආසියා කලාපය තුළ නිෂ්පාදනය කෙරුණු රුපියල් කෝටි 1216ක වැඩිම පිරිවැයක් දැරූ ටෙලි නිෂ්පාදනය මෙය වන අතර අතීත ශ්‍රී විභූතිය සහ විනෝදාස්වාදය මනාව මුසු කරමින් දිග්විජය නිර්මාණය කර ඇත. මෙහි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිද්ධාර්ත් කුමාර් තිවාරි විසින් සිදු කර ඇත.

    PREVIOUSNEXT