January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    December 28, 2017, 9:39 am0

    ටොම් ඇන්ඞ් ජෙරී : කාටුන් නිර්මාතෘ මියයයි.

    බග්ස්බර්නි කාටුන් චිත්‍රපට මාලාවේ නිර්මාතෘ වන බොබ් ගිවන්ස් පසුගිය 14 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය. මියයන විට ඔහුගේ වයස 99 යක් විය.බොහෝ දෙනා ප්‍රිය කරන ලොනී ටියුන්ස් ඔහු පළමුවෙන්ම සිතුවම් කරන ලද ලාංඡනය සහිත නිර්මාණය වේ.ඔහුගේ දියණිය මරීනා ඇයගේ ෆේස්බුක් ගිණුමේ තම පියාගේ මරණය පිළිබද සටහනක් තබා තිබේ.ඔහු රෝහල් ගත කළ පසු ප්‍රතමයෙන් සෙඛ්‍යය තත්වය වෙනස් වූ අතර ශාන්ත ජෝශප් රෝහල හී දී, රෝහල් ගත කළ දිනට පසු දින ඔහු මියගියේ ඉතා සාමකාමී ලෙසය.ඇය එසේ සටහන් කර තිබේ.

    December 28, 2017, 5:11 am0

    A/L ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි, දක්ෂයෝ බිහිවෙයි.

    2017 A/L විභාගයේ ප්‍රතිඵල මේවන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියවන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැනගැනීමට අවස්ථාව ඇත. මෙවර විභාගයට පෙනී සිටි සිසුන් ගණන 315 227 කි.මේ අනුව මේවන විට ඉහළ ප්‍රතිඵල ලැබූ සිසුන් සහ පාසැල් පිළීබද තොරතුරු ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.පළමු දෙවන හා තෙවන ස්ථාන ලබා ගත් සිසුන් සහ පාසැල් පහත පරිදි වේ.

    December 27, 2017, 9:15 am0

    ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට ජනපතිගෙන් කමිටුවක්

    ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

    December 27, 2017, 6:41 am0

    ඡන්දයෙන් පසු } සභිකයින්ගේ වැඩිවීම මත අසාර්ථක වන පළාත්පාලන ආයතන.

    හය හතර නොදන්නා ගමේ කොළු ගැටව් මෙන්ම දේශපාලනය පිළිබද හසරක් නොදන්නා පුද්ගලයින් දැන් මේ රටේ ගම්මාන පුරා ඇවිදමින් තමන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීයි.මේ අය දන්නේ තමන් ඉදිරිපත්වන පක්ෂය සහ එහි ලකුණ පමණකි. ඔවුන් ජනතාවට පවසන්නේ, තමන්ට අපේක්ෂකත්වය ලබා දුන් පක්ෂය හෝ එම පක්ෂයේ ඉහළ නායකන් වන, පළාත් සභා නියෝජිතයින් එසේත් නැතිනම් පළාතේ මන්ත්‍රිවරයා එසේ නැත්නම් ආසනයේ සංවිධායකවරයා කට පාඩමින් කියා දුන් විස්තර පමණි. එනම්, ඒ කියවන වැකි අතර ”‍අපි ඡන්දෙන් පත් වුණාම මේ ප්‍රදේශය සංවර්ධනය කරන ආකාරය විස්තර කරයි , ඒ අතර අනෙක් පක්ෂයන් විවිචනය කිරීමට ද අමතක නොකරයි. මේ තැටිය තම සෑම පක්ෂයකම අය මේවන විට වාදනය කරමින් යයි.

    December 26, 2017, 3:37 pm0

    බුද්ධාගමෙන් තොර ඉතිහාසයක් ලංකාවේ නැහැ - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ.

    බුද්ධියක් නොමැති පොතපත දැනුමෙන් ප්‍රශ්ණ විසදීමට යන උගත්තු මේ රට පිළිබදව ලබා දෙන අර්ථකථන නිසාවෙන් රටේ අනාගතය විකෘති මාවතක ගමන් කරන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.මේ පිළිබද ප්‍රථමයෙන් දැනෙන්නේ බුද්ධිමත් සංඝයාවහන්සේලාට බව කිව යුතුමය.ඉතිහාසය තුළ  මේ රටේ මිනිසුන්ට හරිමග පෙන්වාදී ඉදිරියට ගෙන ගිය සංඝයාවහන්සේලා නොවන්නට, මෙරට තුළ ක්‍රමවත් ශිෂ්ටාචාරයක මිනිසුන් බිහි නොවන්නට තිබුණි.එසේ නොවූනේ නම් ලංකාව නොදියුණූ ගෝත්‍රිකයින් ජීවත්වන හුදකලා දිවයිනක් වන්නට ඉඩ තිබුණි.

    December 26, 2017, 11:33 am0

    පාතාල කෙරුමන් ඇල්ලීමට ජාත්‍යන්තර දැල එළයි.

    පාතාලය යනු නූගත් සමාජය තුළ දරිද්‍රතාවයෙන් යුතු මිනිසුන්ගෙන් සැදුම් ලත් නීති විරෝධී නිල නොලත් ආයුධ බලය සහිත චණ්ඩින්ය.මොවුන් මෙහෙයවන්නේ නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයන ව්‍යාපාරික කළු සල්ලි මුදලාලිලා සහ ඒ ඔස්සේ දේශපාලන බලය මෙහෙයවන දේශපාලකයෝය.

    December 26, 2017, 5:36 am0

    රැජිනි කාන්ත් තමිල්නාඩු දේශපාලනයට

    තීරණය දෙසැම්බර් 31 දින ප්‍රකාශයට පත් කරයි.

    December 25, 2017, 3:44 pm0

    2018 පළාත්පාලන මැතිවරණය: තැපල් ඡන්දය විමසීම ජනවාරී 25 සහ 26

    2018 පළාත්පාලන මැතිවරණයේ ආයතන 341 ක් සදහා පැවැත්වෙන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම ජනවාරී 25 සහ 26 දෙදින තුළ සිදු කරන බව මැතිවරණ කොමිෂම අද නිවේදනය කළේය.තැපැල් ඡන්දය සදහා ඉල්ලුම් පත් යොමු කර සුදුසුකම් ලැබූ රජයේ නිලධාරීන් සියළුම දෙනාට මේ දින දෙක තුළ තම ඡන්දය භාවිත කළ හැකිවේ.තැපල් ඡන්දය භාවිත කළ හැකිවන්නේ මැතිවරණ රාජකාරීවල නියළෙන රජයේ නිලධාරීන්ට පමණි.

    December 25, 2017, 2:41 pm0

    රුසියාව : ශ්‍රී ලංකාවේ තේ තහනම ඉවත් කරයි.

    පසුගිය දා රුසියාව විසින් මෙරට තේ මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ තවකාලික තහනම ඉවත් කර තිබේ.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ නියෝජිතයින් අතර අද (25) පැවැති සාකච්ඡාවලින් අනතුරුව අදාළ තහනම ඉවත් ඉවත් කර ගැනීමට රුසියානු රජය තීරණය කළ බවයි.

    December 25, 2017, 7:49 am0

    ශ්‍රි ලංකාව තුල: පළුදු වූ හෝ විකෘර්ති වූ මුදල් නෝට්ටු -2018 ජන 01 දිනෙන් පසු අවලංගු වෙයි.

    ශ්‍රි ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති නිවේදනයකට අනුව 2018 ජනවාරි 01 දිනෙන් පසුව සියලුම විකෘර්ති සහ පළුදු වූ හ්‍රි ලංකාවේ මුදල් නොට්ටු භාවිතය අවලංගු කර තිබේ.

    December 24, 2017, 5:20 pm0

    අක්මාවක් දුන් කෙනාට අක්මාවක් නැති අයෙකු සේ සලකන නාමල් උඩුගම

    කලාව මෙන්ම කලාකරුවාද කැපවනුයේ සහෘදයින් හට ගුණාත්මක රසවින්දනයක් ලබාදීමටයි. ඒ සදහා ගායකයා ගීතයෙන්ද රංගන ශිල්පියා රංගනයෙන් ද පිටපත් රචකයෙකු හෝ නවකතාකරුවෙකු සාහිත්‍යයෙන් මෙන්ම කලාවේ නොයෙක් ඉසව් තුළ සිටින කලාකරුවෝ තම නිර්මාණකරණයන් තුළින් ද සහෘර්දයින් පිනවීමට උත්සාහ කරති.එය ඔහුගේ වෘත්තීය ද කාර්ය භාරය ද යුතුකමද වන්නේය.එකී කාර්ය වෙනුවෙන් කලාකරුවාට කොපමණ මුදලක් ලැබෙන්නේ දැයි යන්න අප රටේ සහෘදයකු කිසිවිටකවත් අසන්නේ නැත.එසේ වුවත් කලාකරුවෙකුට විපතක්වන විට හෝ විපතක් වූ විට ඇසු දුටු පමණින් අපේ සහෘදයන් ඔවුන්වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ සැබෑ මනුෂ්‍යත්වයෙන් මිස මිල මුදල් බලාගෙන නොවන බව නිසැකය.එසේ ඉදිරිපත් වූ අහිංසක මිනිසුන්ට පෙරලා කෘතගුණ සැලකීමට නෙදන්නා ගුණමකු කලාකරුවන් යැයි කියා ගන්නා අයත් අප අතර සිටින බව අපට මේ දිනවල අසන්නට දකින්ට ලැබෙයි.

    PREVIOUSNEXT