April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

News

    April 4, 2018, 11:49 pm0

    ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසය විකෘර්ති වෙයි.විපක්ෂය අාණ්ඩුවේ ජයග්‍රහණයට සෘජුව උදව්කරයි. අගමැති රනිල් යලි බලය තහවුරු කරගනී.

    1948 නිදහස ලැබූ දා සිට වසර 70 කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලනය තුල සිදු නොවූ විකෘර්ති තත්වයක් 04/04/2018 දින පැවැති අගමැති රනිල්ට එරෙහිව පැවැති විහ්වසභංගයට චන්දය විමසන අවස්ථාවේ දී සිදු විය.යහපාලන ආණ්ඩුවේ නිල ලත් නාමික විපක්ෂයක් වූ දෙමල සංධානයේ මන්ත්‍රීවරු අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගයේදී ඔහුට පක්ෂව චන්දය ප්‍රකාශ කර තිබුණි.එය ලෝක දේශපාලන ඉතිහාසයේ දකින්නට නොලැබෙන අසාමාන්‍ය විකෘර්ති තත්වයකි.

    April 4, 2018, 4:05 am0

    ව්‍යජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් කිරීමට මෝදි මෝඩ නොවෙයි.

    ව්‍යාජ පුවත් මවන මාධ්‍යවේදීන්ට දඩුවම් ලබාදිය යුතු බවට නියෝග කළ යුතු යැයි යන යෝජනාව ලෙන ආ ඉන්දීය අමාත්‍ය ස්මිත්‍රී ඉරාණී විසින් ගෙන ආ නියෝගය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉවත් කර තිබේ.ව්‍යජ පුවත් මවමින් ඒවා පළකරන මාධ්‍යවේදීන් සොයා ඔවුන්ගේ මාධ්‍ය අනන්‍යතාවය අහිමි කළ යුතු බව මෙම නියෝගය මගින් දක්වා තිබුණී.මේ යෝජනාවට ඉන්දීය මාධ්‍ය විසින් මේවන විට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

    April 3, 2018, 4:21 pm0

    සජිත්ගේ ආගමනය සහ යහපාලන දීගයේ අවසන් හෝරා කීපය.

    දේශපාලන පරිණතභාවය, දේශපාලනය තම වෘත්තීය කරගත්තාවුන්ගේ ශරීරය පුරාම දිවයන රුධිරයට සමාන වන්නේය.තමන්ට ජීවය ලබාදෙන තම ශරීරයේ රුධිරය පුද්ගලයෙකු හිතාමතාම අපිරිසිදු කර ගන්නේ නම් ඔහු ජීවිතය පිලිබද කිසිදු ආදරයක් හෝ අවබෝධයක් නොමැති අමන මරි මෝඩ තකතීරුවෙකි.මෑත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් තමා විසින්ම තම දේශපාලන චරිතය විනාශ කරගත් අවස්ථා ඇත්තේම නැත.ඩී.එස්, ජේ. ආර්,ප්‍රේමදාස ,චන්ද්‍රිකා හෝ මහින්ද රාජපක්ෂ යන කිසිවෙකු තමන් විසින් හිතාමතාම කිසිවිටෙක තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන නැත. ඒසේ වුවත් මැත යුගයේ දේශපාලන භූමිකාව තුල ක්ලීන් මෑන් යන විරුදාවලිය ලත් හතර වතාවක් තම දෙපතුල ළගට අගමැති තනතුර ලැබී එය ආරත්ෂා කර ගෙන සාර්ථක නායකයෙකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලකය තුල නමත් තබා ගැනීමට තිබූ අවස්ථාව තමන් විසින්ම නැති කරගත් දේශපාලඥයෙකු සිටී නම් ඒ අන් කවරෙක් වත් නොව රනිල් වික්‍රමසිංහම පමණි.සහබුද්ධික පරිණත උපායශීලී දේශපාලකයින් දේශපාලන පොර පිටියේ කෙටි මාර්ග සොයමින් ගේම් ගහන්නේ නැත.ශූර දේශපාලකයා කරණුයේ ජනතාව ඇස් බැන්දුමකට ලක් කරමින් දේශපාලක පොර පිටියේ මැජික් සන්දර්ශන පැවැත් වීමයි. මේ සදහා අපට ආසන්නම උදාහරණ එමටයි.

    March 29, 2018, 3:03 pm0

    සාමාන්‍ය පෙළ විශිෂ්ඨයෝ අතර වැඩි පිරිසක් සිසුවියෝ.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන හයක් හිමිකරගෙන තිබෙන අතර ප්‍රතිඵල ඊයේ (28) රාත්‍රියේදී නිකුත් කෙරිණි.

    March 28, 2018, 3:15 pm0

    මහ බැංකුව අද සිට මුදල් අමාත්‍යාංශය යටතට

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

    March 28, 2018, 3:52 am0

    චන්දෝ පත්තර ලෝකයෙන් සමුගනී

    ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂංග කරතෘවරයාව සිටි චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.උපාලි පුවත්පත් සමාගම ආරම්භයේ සිටම එහි සේවයට එක්වූ දොඩන්ගොඩ මහතා වසර 35ක පමණ සේවා කාලයකින් පසු විශ්‍රාම ගියද මියයන තුරුම නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළේය.කළක් රෝගාතුරුව සිටි දොඩංගොඩ මහතා මිය යන විට 66 වැනි වියේ පසු විය.

    March 27, 2018, 10:25 am0

    ප්‍රභූ වෙඩි නොවදින රථ සහ K P ගේ නැව මුහුදේ ගිල්වා දමයි.

    යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා ඇත.

    March 27, 2018, 8:52 am0

    ජනාධිපති‍ සහ අගමැතිගේ සීතල යුද්ධයේ අවසන් සටන අප්‍රේල් 04 දියවන්නාවේ දී

    බලය අවිය කරගෙන දේශපාලනයේ නියැලෙන්න තුල නිතර අසන්න දකින්න ලැබෙන සාම්ප්‍රධායික කියමනක් තිබේ. එය නම් දේශපාලනය තුල සදාකල් මිතුරන් ද නැත. එමෙන්ම හතුරන් ද නැත, යන්නයි. කල දුටු කල වල ඉහ ගනිවි! යන මුලධර්මය මත පදනම්ව බොහෝ විට අවස්ථාවාදී පුද්ගලයින් මෙම දේශපාලන භුමිකාවට රංගනයෙන් දායක වෙති. මෙය ලෝකයටම පොදු වූ ධර්මතාවයකි. හුදු ලෞකික මිනිසා බලයට, ධනයට, මෙන්ම අශාවන්ට ද කෑදරකමත් දක්වති. ඒ වෙනුවෙන් තම කූඨ අරමුණු සර්ව සාධාරණය කිරීම සදහා ඔවුන් නොගන්නා උත්සහයක් නැත. මේ අරගලයන් හී ප්‍රතිපලයන් ලෙස බහුතරයක් මිනිසුන් පීඩාවට සහ අසීරුතාවයට පත් වූවත් ඉන් ඔවුන්ට කම් නැත.

    March 26, 2018, 12:21 am0

    පන්දුව පළුදු කිරීමේ වරදට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයින් නායකත්වයෙන් ඉවත් වෙති.

    පන්දුව පළුදු කළ බව පිළිගැනීමෙන් අනතුරුව එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් වෙති.

    March 25, 2018, 11:18 am0

    ෆේස්බුක් වෙළෙඳපොළ වටිනාකම ඩොලර් බිලියන 40කින් පහළට

    ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය එහි ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ එය ද ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් කිහිපයක කොටස් පහත වැටී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    March 22, 2018, 2:19 am0

    සමලිංගික ආණ්ඩුවේ සංස්කෘතිය විනාශ කරණ ව්‍යාපෘතිය මෙන්න.

    ශත්තිමත් පෙෘර්ශයත් ඇති දේශපාලන කශේරුාවක් ඇති රටට ආදරය කරන නායකයිනි ඔබ මෙවැනි ව්‍යෘපෘති දේස දෑස් පීයා බලා සිටින්නේ ඇයි? “අපේ ඉලක්කය වසය 3-7 දරුවන්” – පාසල්වල “සමලිංගික” සමානතාවය උගන්වන ව්‍යාපෘතියේ LGBT ප්‍රධානියා කියන කතාව මෙන්න ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” (Think Equal) නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    March 19, 2018, 3:09 pm0

    පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගරයට

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණ විනිසුරු චමත් මෙරායස් අද (19 ) නියම කළේය.

    PREVIOUSNEXT