April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

News

    November 13, 2017, 6:04 am0

    සෙවනගල සීනි යළි දයාට ලැබෙයි ද?

    2011 වර්ෂයේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ රජයට අයත් ලාභ ලැබූ ආයතන පුද්ගලික ව්‍යවසායිකයින්ට පැවැරීම නිත්‍යානුකූල නොවන බවත් යළි ඒවා රජයට පවරා ගත යුතුය” යන අදහස අනුව ක්‍රියාත්මක වෙමින් 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයින් හෝ ඌන උපයෝගීතා වත්කම් නමින් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඒ අනුව යමින් දයා ගමගේ මහතාට අයත්ව තිබූ සෙවනගල සීනි සමාගම රජයට පවරා ගන්නා ලදි.

    November 12, 2017, 3:54 pm0

    චන්දික බංගලාදේශයෙන් ඉවත් වූයේ - ශ්‍රී ලංකා පිලට එක්වීමටද?

    බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ගෙන ඒමටත් ඔවුන්ට විශාල ජයග්‍රහණ හිමි කර දීමටත් චන්දික හතුරුසිංහගේ දායකත්වය (බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුගේ දායකත්වය) ලෝකයට රහසක් නොවේ.

    November 12, 2017, 11:06 am0

    ඇතුගල පාමුලින් විකසිත වූ සිරිල් වික්‍රමගේ.

    1932 දී කුරුණෑගලින් සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි කොහිලේගෙදර තලම්පිටිය ගමේ අට දෙනෙකුගෙන් යුත් පවුලක සයවැන්නා ලෙස කුඩා දරුවෙක් උපන්නේය. ඔහු නමින් සිරිල් වික්‍රමගේ නම් විය. 60 දශකයේ මැද භාගයේ සිට දේශීය වේදිකා නාට්‍යයේ ද චිත්‍රපටයේ ද පසුව ටෙලි නාට්‍ය තුළ ද හෙතෙම ගම්භීර චරිතයක් විය. ක්‍රිස්තියානි පසුබිම සහිත පරිසරයක හැදී වැඩුණු ඔහු තලම්පිටිය මහ විද්‍යාලයේ සිය මුලික අධ්‍යපනය නිමා කිරීමෙන් අනතුරුව පේරාදෙණිය ගුරු විද්‍යලයේ ගුරු සිසුවකු ලෙස පුහුණුව ලැබීය. සිය ප්‍රථම ගුරුපත්වීම රත්මලාන අන්ධ විද්‍යාලයට ලබා ගන්නා සිරිල් වික්‍රමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ද ලබා ගනී. දීර්ඝ කාලයක් රංගනය ද සමඟ ගුරු වෘත්තියෙ හි ද නියළෙන ඔහු 90 දශකයේ මුල් භාගයේදී කුරුණෑගල ලක්දාස් විද්‍යලයේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක්ව සිටිය දී විශ්‍රාම ගන්නේය.

    November 11, 2017, 11:31 am0

    අපේක්ෂා බිදවැටෙන - පුස් වෙඩි පත්තුවෙන නීල - හරිත අයවැය

    මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 72 වන අයවැය මෙන්ම යහපාලන ආණ්ඩුවේ තුන්වන අයවය වේ. හිටපු මුදල් ඇමති රවි කරුණානායක වසර 2ක් අයවැය ඉදිරිපත් කළ අතර ඔහු සිතූ තරම් ආර්ථික කළමණාකරනයෙහි දක්ෂ නොවන නිසාම සමාජයෙන් නැගුණ ප්‍රතිවිරෝධය හමුවේ,අමාත්‍යාංශ මාරුකර විදේශ ඇමතිධූරය දැරූ මංගල සමරවීර මහතා වෙත විදේශ ඇමතිකම හා සමාන වගකීම් සහිත අමාත්‍යධූරයක්වන මුදල් අැමැතිකම ලබාදුන්නේ ආණ්ඩුවේ ඉදිරිගමනට උත්තේජනයක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන්ය.

    November 11, 2017, 5:49 am0

    අයවැයෙන් පසු වාහනවල මිල ගණන් වෙනස්වන අයුරු

    2017 නොවම්බර් 09 වැනි දින ඉදිරිපත් කරන ලද අයවැයෙන් පසුව රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වී ඇත්තේ වාහන මිල ගණන් සම්බන්ධවයි. මිල ඉහළ යෑම් සහ පහල යෑම් පිළීබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට ජනතාව උත්සාහ කරයි. එම නිසාම වාහන අපනයනකරුවන්ගේ සංගමය මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වාහනවල මිල ගණන් අඩුවැඩිවීම් සම්බන්ධව අදහසු පළ කර ඇත.

    November 10, 2017, 2:40 pm0

    ගීතාට අපලයක් වූ දේශපාලනය.

    ගීතා කුමාරසිංහ සිංහල සිනමාවේ සම්මානනීය නිළියකි. ඇය එම ජනප්‍රියත්වය දේශපාලනයට පැමිණීමට ආභරණයක් කර ගත්තාය. එය වරදක් නොවේ.මන්ද යත් නළු නිළියන් දේශපාලනයට පිවිසීම ශ්‍රී ලංකාවට ආවේණික ලක්ෂණයක් නොවේ.ආසන්න ඉන්දියාව තුළ ද එය රැල්ලක් බවට පත් වී ඇත.විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයේ ඉතිහාසය පුරාවට නළුවෝ සහ නිළියෝ දේශපාලකයෝ වෙති.

    November 9, 2017, 11:44 am0

    සයිටම් අර්බුදය ජයග්‍රාගීව නිමා වූ වගයි.

    සයිටම් යනු ඊයේ වන තෙක්ම මේ රටේ තිබුණ ප්‍රධානම අධ්‍යාපනය හා සම්බන්ධ ගැටළුවකි.විශ්ව විද්‍යාල සිසුන් මෙම ගැටළුව සදහා මහා සමාජය ද සෘජුවම දායක කරගත්තේය.ඔවුන් සිය අධ්‍යපන කටයුතුවලින් බැහැර වෙමින් නිරන්තරයෙන්ම උද්ඝෝෂණ ව්‍යපාරයන්ගේ නියළෙමින් මෙයට විරෝධය පළ කළේය.වෛද්‍ය පිඨ සිසුන් මාස 10 යක කාලයක් පන්ති වර්ජනයේ යෙදුණි.එසේම දින සති මාස ගණන් විශ්ව විද්‍යාල සිසුන් බන්ධනාගාරවල ගත කළේ සයිටම් විරෝධතාවය නිසාය.අවසානයේ සිසුන් පමණත් නොව වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් ද මීට සෘජුවම මැදිහත් විය.වෛද්‍යවරුන් ද වෘත්තීය සමිති ද මෛ අවස්ථාවේ විශ්ව විද්‍යාල සිසුන්ට දිගින් දිගටම තම සහය පළ කළේය.කෙසේ හෝ වේවා දීර්ඝ දුෂ්කර ප්‍රයත්නයකින් පසුව අද දවසේ විශ්ව විද්‍යාල සිසුන් පමණත් නොව නිදහස් අධ්‍යාපනය ලබන සහ ලැබූ සියල්ලෝ ජයහ්‍රහණය කළෝය.

    November 9, 2017, 4:49 am0

    වයස 100 ඉක්ම වූ වැඩිහිටියන්ට රජයෙන් දීමනාවක්.

    වැඩිහිටි ජනගහණයේ වැඩිවීමක් ලොව පුරා බොහෝ රටවල වර්තමානයේ දක්නට ලැබෙන දෙයකි.එහෙත් මෙම වැඩිහිටියන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 75 ඉක්මවන්නේ කලාතුරකිනි.ඒ අතර අවුරුදු 100 ඉක්ම වූ අතළොස්සක් වූ වැඩිහිටි පිරිසත් ද අප අතර සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය කළ විමර්ෂණයකින් හෙළි වී තිබේ.ඒ අනුව දිවයින පුරාම වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයිල් 350 ක් පමණ සිටින බව සොයා ගෙන ඇත.

    November 8, 2017, 2:13 pm0

    මගේ වටේ ඉන්න හොරුන්ගෙන් මටත් තර්ජන - ජනාධීපති නොකියා කියයි.

    සාධාරණ සමාජයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මේ රටේ කළගුණදත් කිසිවකුට අමතක කළ නොහැක.මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම සදහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුව අද( 8 )බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවත්වුණි.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

    November 8, 2017, 7:17 am0

    බ්‍රිතාන්‍ය මහ රැජින ද කළු සල්ලි ජාවාරමේ

    පැනමා රාජ්‍ය මොසැඩ් පොන්සේකා සමාගම හරහා පවත්වාගෙන ගිය කළු සල්ලි ජාවාරමේ දී ලෝක දේශපාලඥයන් මෙන්ම බලවත් පුද්ගලයින්ගේ තොරතුරු පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් විසින් අනාවරණය කර ගන්නා ලදි.මේවන විට එහි දෙවන පියවර ලෙස පැඩයිස් ලියවලි නමින් ජාත්‍යන්තර ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සංසදය විසින් තවත් ලෝකයේ කළු සල්ලි ජාවාරමේ යෙදුණ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් 120 දෙනෙකුගේ තොරතුරු අනාවරණය කර ඇත.

    November 7, 2017, 1:55 pm0

    විදෙස් රූපවාහිනී නිර්මාණ සදහාවන ,වාණිජ බද්ධ ඉහළට.

    විදේශයන්ගෙන් ගෙන්වා මෙරට දී හඩ කවා විකාශනය කරනු ලබන නිර්මාණ පිළිබදව කළක පටන් රූපවාහිනී නිර්මාණකරැවන්ගේ දැඩි විරෝධයක් පැවතුණි.විශේෂයෙන්ම ටෙලි නාට්‍යකරුවන්ගෙන් එල්ල වූ මෙම විරෝධය හමුවේ 2006 වසරේ දී ප්‍රථම වතාවට මෙම නිර්මාණ සදහා බදු මුදලක් අය කිරීම ඇරඹිණි.එකී බදු මුදල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 90 000 ක්ව තිබු බද්ද 150 000 දක්වා ඉහළ දමා තිබේ.විදේශ චිත්‍රපට,ටෙලි නාට්‍ය, මෙන්ම වාණිජ වැඩසටහන් යන සියල්ල සදහා මෙම බද්ද බලපානු ලැබේ.

    November 7, 2017, 7:44 am0

    සාමූහික වගකීම වර්තමාන සිනමාවට අහිමිද?

    සිනමාව කලාවක් ?කර්මාන්තයක් ද? යන පැනයට විචාරකයෝ මෙන්ම නිර්මාපකයෝ ද බොහෝ අවස්ථාවල පිළිතුරු බලා දී තිබේ. එමෙන්ම සිනමාව,වේදිකාව ,රූපවාහිනිය මෙන්ම බොහෝ මාධ්‍ය තුළ ඇති කලාවන්හුදු පුද්ගලානුබද්ධ කලාවන් නොවේ .මේවා සමූහික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලවේ.එකී සාමූහික කලාව තුළ සැබැවින්ම සුන්දර මෙන්ම විශ්ව ව්‍යාප්ත නිර්මාණ බිහි කර ගත හැකිවන්නේ නිර්මාණ ශිල්පීන්ගේසහයෝගය මත මෙන්ම එකිනෙකාගේ කාර්ය බාරයන් නිසියාකාරයෙන් ඉටු කර ගැනීම තුළය.නිෂ්පාදකයා නිෂ්පාදන කාර්යත්, අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂන කාර්යත් ,නළුනිළියෝ රංග කාර්යත්, සෙසු ශිල්පීන් ද තම වගකීම් නිසි ලෙස ඉටු කරන කල්හි සෑබෑම සාර්ථක නිර්මාණයක් බිහි කරගත හැකිවන්නේය.එවන් වූ නිර්මාණ ද නිර්මාණ ශිල්පීන් ද ප්‍රේක්ෂකයාට කිසි දා අමතක නොවේ.

    PREVIOUSNEXT