January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    October 4, 2017, 8:55 am0

    ආදායම් උපයා, ණය ගෙවන්න රජය සූදානම්

    ශ්‍රී ලංකා මහ බැංකවේ වාර්ෂික වාර්තාව අනුව 2016 සහ 2015 වර්ෂවල රාජ්‍ය ආදායම 13.3% සිට 14.4% දක්වා වැඩි වී ඇත. එය රුපියල් බිලියන 1454.9 සිට 1686.1 දක්වා වැඩිවීමකි. මෙය 2020 වන විට 16.5% දක්වා ඉහළ දැමීමට යහපාලන ආණ්ඩුවේ අපේක්ෂාවයි.

    October 4, 2017, 7:57 am0

    තමන්ගේ ජීවිතය තමන්ටම එපාවෙන, මානසික ආතතිය.

    ඔක්තොම්බර් 10 වන දිනට යෙදෙන මානසික සෞඛ්‍ය දිනය තේමාකර ගත් වැඩසටහනක් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා පොලොන්නරුවේ දී පැවැත්වුණි. මෙහි දී හෙළිදරව් වූ කරුණු අප මවිතයට පත්කරන්නක් විය. පොලොන්නරුව දිස්ත්‍රීකයේ පමණක් මානසික රෝග සායන වලින් 2016 වසරේ ප්‍රතිකාර ලබා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 17027 ක් වන අතර ඔවුන් සියදිවි නසා ගැනීමට සිත් වූ අය බව අනාවරණය වෙයි.

    October 4, 2017, 7:41 am0

    විනිසුරු ගිහාන් කුලතුංග, මගේ නඩුවට එපා-බැසිල් ඉල්ලයි.

    2015 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම වෙනුවෙන් දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් මුදල් වලින් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම නිසා රජයට සිදු වූ පාඩුව වෙනුවෙන් මෙම නඩුව පවරා ඇත.

    October 3, 2017, 6:01 am0

    ලෝකෙටම හොඳ දේකින්-ශ්‍රී ලංකාව අංක එකට

    ලෝකයේ හොඳම තොරතුරු දැන ගැනීමේ පනත, ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු දැන ගැනීමේ පනත බව වාර්තා වෙයි. 2016 වසරේ තුන්වන ස්ථානයේ සිටි අප 2017 වර්ෂයේ පළමු ස්ථානයට පත්වීම විශේෂත්වකි.

    October 3, 2017, 5:57 am0

    ශ්‍රී ලංකාවේ ජය, කණ්ඩායමට ශක්තියක්.

    අබුඩාබිහි ශ්‍රී ලංකා සහ පකිස්තානය අතර පැවැති පලමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    October 3, 2017, 2:42 am0

    සතියේ දේශපාලන වතගොත

    සැගවුණු දේශපාලන තොරතුරු, එසේ නොමැති නම් තිරෙන් එහා තමන්ට ළඟාවීමට හෝ ස්පර්ෂ කිරීමට අපහසු දේ දැනගැනීමට සාමාන්‍ය ජනතාව තුළ පවතින්නේ බලවත් කැමැත්තකි.එම නිසාම සතිඅන්ත මුද්‍රිත පුවත්පතවල විවිධ නම් වලින් තිරෙන් එහා දේශපාලන තොරතුරු ගෙන හැර දැක්වීමට සෑම පුවත්පතක්ම කටයුතු කරයි. විද්‍යුත් මාධ්‍ය තුළත් එය විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කළත් පුවත්පත කියවන තරම් රසවත් වන්නේ නැත. එහි නියම රසය ලැබීමට නම් ඔබ මුද්‍රිත පුවත්පත මිලට ගෙන කියවිය යුතුයි. නමුත් හෙට ලෝකයේ තාක්ෂණික මාධ්‍ය සමඟ ගණුදෙනු කිරිමට සූදානමින් සිටින ඔබට පුවත්පතක් මිලදී ගැනීමට මුදල් වියදම් කළ යුතු නැත. ඔබගේ පරිගණක තිරය හෝ ජංගම දුරකථනය වැනි ඕනෑම ආකාරයේ උපකරණයකින් පහසුවෙන් එම රසය විඳගත හැකිය. මේ උත්සාහය ඒ වෙනුවෙන්ය. මේ විද්‍යුත් සයිබර් අවකාශයේ පුවත්පත පරිශීලනය කර බලන්න තාක්ෂණික වෙනසට හුරුවන්න.

    October 2, 2017, 10:15 am0

    සිවාජිලිංගම්ගේ කට වසනු

    සිවාජිලිංගම් යනු කළක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. LTTE ත්‍රස්තවාදීන් සක්‍රියව සිටි යුගයේ නිශ්ශබ්දව සැඟවී සිටි අයෙකි. පසුව යුද්ධය අවසන් වී LTTE ය පරාජය වී ප්‍රභාකරන් මියයාමත් සමඟ කරළියට පැමිණ ප්‍රභාකරන් හා සම්බන්ධයක් හා හිතවත්කමක් තිබූ බවත් පාසැල් මිතුරෙකු බවත් සඳහන් කරයි. ඉන්පසු LTTE යට සිදු වූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න උත්සාහ කරයි.

    October 2, 2017, 8:05 am0

    පොලිස් වැඞ්ඩෝ, කුඞ්ඩෝ සමඟ එක්වෙයි.

    හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට නඩු පැවරිය හැකිව තිබූ ලිපිගොනු අස්ථානගතවීම නිසා සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම පැහැර හැරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් කටුගස්තොට පොලීසියේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් 65 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට වාර්තා වේ.

    October 2, 2017, 3:28 am0

    පුෂ්පානන්ද ඉහළට එසවූ සිංහල අක්ෂරය, බලධාරීන් ආපස්සට හරවයි.

    අපේ රටේ දියුණුවට බල පා තියෙන ලොකුම ව්‍යවසනය නම් සුදුස්සාට සුදුසු තැන නොලබීමයි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයක සහතික ලත් උගත්තු යැයි කියා ගන්නා ටයිපටි බලධාරීන් මුළු පරිපාලනයම වට කරගෙන සිටි. ඔවුන් කිසිවිටෙක නිර්මාණකරුවෝ නොවෙති. නිර්මාණකරුවෝ, දක්ෂයෝ එළියට විසිකරයි. ඔවුන්ට නිසි තැන නොලැබෙයි. පුෂ්පානන්ද නොමැති නම් ඉංග්‍රීසි නොදන්නා සිංහල උගතුන්ට සිද්ධවෙන්නේ පරිගණකය දෙස බලා සිටීමටයි. අනාගතේ අතින් ලියන අකුරු මත යැපෙන සමාජයක් බලාපොරොත්තු විය නොහැකිය. වැඩිහිටි පරිගණක තාක්ෂණය නොදන්නා බලධාරීන් විශ්‍රාම ගැන්වෙන විට නව තාක්ෂණය සමඟ යා හැකි පිරිසක් බිහි කර ගැනීම වෙනුවට, දරුවන් දශක දෙක තුනක් ආපස්සට රැගෙන යන අක්ෂර ක්‍රමයක් පිළිබද ඉගැන්වීම කෙසේ ප්‍රායෝගික වන්නේ ද යන්න ගැටළුවකි.

    September 28, 2017, 9:35 am0

    PLAYBOY KING මියයයි.

    ලෝප්‍රකට playboy සඟරාවේ නිර්මාතෘ සහ කර්තෘ මෙන්ම එම ව්‍යාපාර ජාලයෙන්ම ධනවතෙකු වූ ඇමරිකන් ජාතික හියුග් හෙෆ්නර් Hugh Hefner මියයයි.

    September 28, 2017, 6:08 am0

    ICC ය ක්‍රිකට් ක්‍රීඩාවට නව නීති එක් කරයි.

    අද දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන සහ බංගලාදේශ දකුණු අප්‍රිකා ටෙස් තරගාවලියේ සිට ICC (අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය) විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හදුන්වා දෙනු ලැබූ නව නීති ක්‍රියාත්මක කරන බව සදහන් කරයි.

    September 27, 2017, 12:46 pm0

    විද්‍යාට සාධාරණය ඝාතකයෝ පෝරකයට.

    2015 මැයි මස 13 වන දින පැහැරගෙන ගොස් අපයෝජණයට ලක්කර මරා දමන ලද යාපනයේ පුංකුඩුතිව් හී පදිංච් ශිවයෝගනාදන් විද්‍යා නම් පාසල් සිසුවිය සම්බන්ධ නඩු තීන්දුව අද (27) දින වව්නියාව මහා අධිකරණයේ දී අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    PREVIOUSNEXT