April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

News

    November 29, 2017, 2:10 am0

    පොදු දේපල පනත යටතේ ගෝඨා අත් අඩංගුවට ගනීවි ද ?

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අද(29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    November 27, 2017, 4:59 am0

    පළාත්පාලන ඡන්දය :ගැටළු නොමැති ස්ථාන 93 ක නාමයෝජනා කැදවයි.

    පළාත්පාලන ආයතන ඡන්ද විමසීම සදහා අද 27 නාමයෝජනා පත්‍ර කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව ගැටළු නොමැති ආයතන 93 ක ඡන්ද විමසීම ඉදිරියේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.දෙසැම්බර් 11 වැනිදා නාමයෝජනා භාර ගැනිම ආරම්භවන අතර 14 වැනිදා මධ්‍යහ්න 12.00 ට නාමයෝජනා භාර ගැනීම අවසන් වීමට ඉඩ ඇත.අභියාචනාධිකරණ වාරණයට අනුව මුද්‍රණ දෝෂ හේතුවෙන් ආයතන 40 ක ඡන්දය විමසීමට බාධා එල්ල වී ඇති අතර, පළාත්පාලන අමාත්‍යාංශය එම වරදි නිවරදි කර සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරන බවට පොරොන්දු වී ඇති නිසා, එම ආයතනවල නාමයෝජනා හෙටින් පසු 28 කැදවිමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පැවසිය.

    November 26, 2017, 4:04 pm0

    හෙළ සංගීතයේ නුතන පරිණාමය.

    සුමියුරු ගායනය මෙන්ම, මියුරු තනු නිර්මාණයෙන් ද, සහෘර්ද හෘද ස්පන්දනයට ආමන්ත්‍රණය කළ හැකි නිර්මාණ ශිල්පීන් අපේ සංගීත ලෝකයේ සිටින්නේ අතලොස්සකි.එක් අතකින් ඔහු සිංහල සංගීත වංශ කතාවේ ප්‍රාසාංගික ගමන් මග වෙනස් කළ තනි තරුවකි.ඔහු අන් කවරෙකු නොව වික්ටර් රත්නායකයි.

    November 25, 2017, 4:05 pm0

    පළාත් පාලන ආයතන 93 කට නාමයෝජනා නොවැම්බර් 27 සිට.

    නොවැම්බර් මස 27 වැනි දා සිට දින 14 ක් අතුළත පළාත්පාලන ආයතන 93 ක ඡන්දය පැවැත්වීම සදහා නාම යෝජනා භාර ගැනීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.අද මැතිවරණ කොම්ෂමේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

    November 21, 2017, 5:00 pm0

    බැදුම්කර මගඩියෙන් යහපාලන ආණ්ඩුව ලත් තැනම ලොප්.

    රට තුළ අලුත් දේශපාලන සුළි කුණාටුවක් හමා ඒමේ ලක්ෂණ මතුවෙමින් තිබේ. ඉදිරියේ දී පැවැත්වෙන පළාත්පාලන ඡන්දයත්, යහපාලන ආණ්ඩුවේ එකගතා කාලය අවසන්වෙමින් පැවතීමත් , බැදුම්කර මගඩිය හෝ රට තුළ පවතින ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයත්, වගේම රට තුළ පවතින ආර්ථික අපහසුකම් එක තැන පල්වීමේ ස්භාවය මුළු රටේම මින්ස්සුන්ට හොදින් දැනෙන්නට පටන්ගෙන තිබේ.මෙය අකැමැත්තෙන් වුවත් සදහන් කළ යුතු කටුක යථාර්ථයයි.එක් දේශපාලන පක්ෂයක් බලයට ඒම වෙනුවෙන් ද, තවත් දේශපාලන පක්ෂයක් පරාජය කිරීම වෙනුවෙන් ද පෙනී සිටීමට සැබෑ නිදහස් මාධ්‍යයක නිරතවන අපට වුවමනාවක් නැත.

    November 20, 2017, 4:41 am0

    පාප් වහන්සේ සහ ලැම්බෝගිනිය.

    ලෝක ප්‍රකට ඉතාලි කාර් සමාගමක්වන ලැම්බෝගිනි සමාගම විසින් ෆ්රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරන ලද හරකන් (HURACAN) ( ස්පාඤ්ඤ නාමය hurricane 1879 යේ ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ගව පොර සදහා තරග කරන ලද ඉතාමත් දක්ෂ ගවයෙකුගේ නාමය සිහි කරමින් නිමවන කාණ්ඩයේ වාහනයකි.) වර්ගයේ සීමිත නිපයුමක්වන මෙම මෝටර් රථය , අති උතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙත තිලිණ කිරීම පසුගිය නොවැම්බර් 15 වන බදාදා වතිකානුවේ දී සිදු කරන ලදි.

    November 20, 2017, 3:16 am0

    අර්ජුන ඇලෝසියස් සමග දුරකථන සංවාද පැවැත් වූ දේශපාලකයින්ගේ ලැයිස්තුව මෙන්න.

    මෙම සියලුම තොරතුරු worldceylon e news වෙත ලැබුනු තොරතුරු බැව් වගකීමකින් සදහන් කරමු. මෙහි වැරදි හෝ නිවැරදි කිරීමක් යමෙකුට කළ යුතු නම් ඊට ද අවස්ථාව අප ලබා දෙමු.

    November 20, 2017, 1:27 am0

    කුඩු, කුඩේ කුඩු වන්නට ප්‍රථම .

    පසුගිය කාල වකවානුව පුරාවට ලංකාව පුරා විවිධ අයුරින් මත් කුඩු තොග වශයෙන් ද ඇතැම් විට සැකකරුවන් ද සමගින් නීතියේ රැහැනට හසු කර ගත් අතර ඒ පිලිබඳ සියලූම ආරක්ෂක අංශ වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.එසේ නොවන්නටල මේවා අපේම රටේ පාර්ශවයන් අතර බෙදී ගොස් බොහෝ ජීවිත අසරණ වන්නට ඉඩ තිබිණි.

    November 19, 2017, 3:58 pm0

    ජාතික කොඩියට හිස නොනමන උතුරේ අධ්‍යාපන ඇමති ඉවත් කරන්න ප්‍රමාද ඇයි?

    ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් ,උප්පැන්න සහතිකයේ හෝ ජාතික හැදුනුම්පතට අනුව, ඉපදුණ රට ශ්‍රී ලංකාව නම්, වර්ග සැතපුම් 65 610 ඇතුළත ජීවත්වන බත් කන ඕනෑම කෙනෙක් ජාතික කොඩියට ගරු කරනු ඇත. ජාති ආගම් භේද, කුමන තරාතිරමක ,ගැටළු තිබුණත් ජාතික කොඩියට ගරු නොකරන මිනිසුන් මේ රට තුළ ජීවත් විය නොහැකිය.උතුරු පළාත් අධ්‍යාපන ඇමති කන්දයියා ස්ර්වේෂ්වරන් වව්නියාව සිංහල විද්‍යාලයේ පැවති උත්සවයකට සහබාගී වී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂ්ප කර ඇත.එය කිසිසේත්ම සරලව සැලකිව යුතු කාරණයක් නොවේ.

    November 18, 2017, 5:00 pm0

    උත්සාහයෙන් ජීවිතය ජයගන්න පුංචි මිනිසාගේ ආදර්ශය.

    මාවැනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි බී .වී. කුමාරසිංහ, නොහොත් පාන්දර (අන්වර්ථ නාමය) පිළිබද ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ දිනවල විවිධාකාරයෙන් අර්ථ දක්වමින් කතාකරයි.සැබවින්ම ගුණාත්මක හරවත් මෙන්ම අර්ථාන්විත ලෙස මාධ්‍ය හසුරවන්නේ නම් අප මෙවැනි මිනිසෙකුට මූලිකත්වය දිය යුතුය.

    November 18, 2017, 4:03 pm0

    ආගමික හා ජාතිවාදී ගැටුම් දුරදිග නොයවන්න.

    සිංහල ජාතියේ නාමයෙන් සහ මුස්ලිම් ආගමේ නාමයෙන් අළු යට ගිනි මෙන් පවතින ගැටුම්කාරී තත්වය කුමන මොහොතක කුමන ස්ථානයක මතුවේවිද යන්න වර්තමානයේ රට තුළ මතුවෙමින් පවතින අර්බුදයයි. ඉන්දියාවේ ද බොහෝ අවස්ථාවල මෙලෙස ඇවිලුණු හින්දු මුස්ලම් ගැටුම් දක්නට ලැබේ.

    November 17, 2017, 2:22 pm0

    පුංචි ඡන්දය තීන්දුයි - නාමයෝජනා දැන්වීම් නොවැම්බර් 27.

    අද දින (17) මාධ්‍ය හමුවකට එක් වූ මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පළාත්පාලන මැතිවරණය සදහා නාමයෝජනා දැන්වීම් 2017 නොවැම්බර් 27 සිට නිකුත් කිරීමට තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ප්‍රකාශ කළේය.

    PREVIOUSNEXT