January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    October 29, 2017, 4:51 pm0

    මුරලිදරන් ක්‍රිකට් ගැන කතා කරයි

    මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ හොඳම කඩුලු දඩයම්කරුය. එකල මුරලිගේ පන්දුවකට හසු නොවූ පිතිකරුවෙකු ලොව සොයාගත නොහැකි තරම්ය. ඔහුගේ අසාමාන්‍ය දඟපන්දුවේ ජවය හේතුවෙන් තවත් වසර සිය ගණනකට බිඳිය නොහැකි ලොව ටෙස්ට් සහ එක් දින වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද මුරලිගේ නම ඉදිරියේ සටහන් වී තිබේ. මෙවැනි හපන්කම් කළ ක්‍රිකට් වීරයෙකුගෙන් මෙරට ක්‍රිකට්වලට නෙළාගත හැකි ඥනය කොතරම් තිබේද?නමුත් මුරලි ඔහුගේ පාඩුවේ පැත්තකට වී සිටී. ඔහුට කිසිවකුගෙන් ආරාධනාවක් ද නැත. මේ මුරලි සමඟ කළ සාකච්චාවක උපුටා ගැනීමකි.

    October 29, 2017, 3:17 am0

    ළමා ලෝකය විචිත්‍රවත් කල සිත්තරාවිය - සිබිල් නැන්දා - ආයුබෝවේවා (90)

    ශ්‍රී ලංකාව කලාකරුවෙකුට ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත රටක් ද? මෙම පැනය සැමදාම අසන ඇසෙන දෙයකි. ඒ සඳහා ඔබ සතුව විවිධ පිළිතුරු තිබීමට පුළුවන අප පමණක් නොව විදේශිකයින් ද මෙම පැනය විවිධ අවස්ථාවල අපේ කලාකරුවන්ට ඉදිරිපත් කරයි. ඔවුන් එයින් ගම්‍ය කරනුයේ අපේ රටේ භෞතික සම්පත්වල පවතින දුගී බවයි. එහෙත් නිර්මාණශීලි කලාකරුවෙකු බිහි කිරීමට අවශ්‍ය පරිසර සාධක නොඅඩුව ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල පවතින බව අප පිළිගත යුතුමය.

    October 28, 2017, 10:52 am0

    මාර්ග නීති දඩ ගැසට් පත්‍රය ලබන සිකුරාදාට

    රිය අනතුරු දිනෙන් දින ඉහළ යන සමාජයක් තුළ ඒ සදඟා වූ නීතිරීතිවල ඇති අඩුලුහුඩුකම් පිළිබඳව කාලයක සිටම සමාජ කතිකාවක් ගොඩනැගී පව.තී. රථ වාහන වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීම සම්බන්ධව විරෝධතාවයන් මෙන්ම එකඟතාවයන් ද සමාජය තුළ දකින්නට ලැබේ. කෙසේ හෝ වේවා ලබන සිකුරාදාවන විට වැරදි හතක් සඳහා දඩමුදල් වැඩි කිරීම සම්බන්ධ නීතිය බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළ හැකිවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කොදාගොඩ මහතා පවසයි.

    October 27, 2017, 4:46 pm0

    ටින් මාළු පාරිභෝජනය නවතා දේශීය දේ අරගන්න

    දකුණු මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න මේ දිනවල වඩාත් සරුවීම හේතු කොට ගෙන විදේශ රටවලින් ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.එසේ වුවත් තලපත් හා කොප්පරා යන මාළු වර්ග ගෙන්වීම සඳහා මෙම තහනම බලනොපාන බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

    October 27, 2017, 3:58 pm0

    අලුත් හැදුනුම්පත හදුනාගන්න.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මගින් අද 27 දින සිට නව ජාතික හැදුනුම්පත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නවීන තාක්ෂණයෙන් යුතුව(Smart Card)සුහුරු කාඞ්පත නිකුත් කර ඇත. නව ජාතික හැදුනුම්පත ඉලක්කම් දොළහකින් ද I C A O ප්‍රමිතියෙන් යුත් ජායාරූපයකින් ද තාක්ෂණීක ක්‍රමය හරහා ජනනයවන තීරු සංකේත Barcode අංකයකින් ද සමන්විත වේ .

    October 27, 2017, 3:36 pm0

    කොමියුනිස්ට්වාදී චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බල හුවමාරුව

    චීනය ලෝකයේ ප්‍රබලම කොමියුනිස්ට් රාජ්‍යයයි. මෙම කොමියුනිස්ට් රාජ්‍යයේ කොංග්‍රස් මණ්ඩල සමුළුව 25 රැස් වූ අතර එහි දී ඔවුන් ප්‍රබල තීරණයක් ගනු ලැබීය. ඒ වර්තමාන ජනාධිපති ෂී ජින්පින්ග් ඉදිරි වසර 5 ක කාලය තුළ චීන ජනාධිපතිවරයා ලෙස තබා ගැනීමටයි. මෙය ලෝකයටම බලපාන ප්‍රබල තිරණයක්වන අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ෂී ජින්පින්ග් දිගටම බලයේ රැදී සිටීමේ සංඥාවක් මෙයින් නිකුත්වන බවයි.

    October 26, 2017, 1:27 am0

    සිංහල සිනමාවේ ස්වර්ණ තිළිණය ස්වර්ණා

    ලාංකීය සිනමාවේ ශක්තිමත්ම කාන්තා චරිතය කවුරුන්ද කියා ඔබෙන් යමෙක් ඇසුවොත් නිතතින්ම මතකයට නැගෙන චිත්‍රපට කිහිපය අතර ප්‍රධානම චිත්‍රපටයක් ලෙස දඩයම හා එහි රන්මලී අමතක නොවනු ඇත. එකී චරිතය ශක්තිමත් කරමින් එයට ජීවය පිරවූ නිළිය ස්වර්ණා මල්ලවආරච්චියි. ඇය පසුගිය දා පැවති සිග්නීස් හා දෙරණ සම්මාන උළෙලවල දී අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. එය සුවිශේෂ දෙයක් වන්නේ ඇයගේ තෙවන සිනමා ආගමනයේ දී ලබා ගත් පළමු සම්මානය එය වන නිසාය.

    October 25, 2017, 4:33 pm0

    විමල්ගේ බෝම්බය පාර්ලිමේන්තුවේ පත්තු වෙයිද?

    විමල් වීරවංශ මන්ත්‍රීවරයා පිළිබඳ අමුතුවෙන් කතා කළ යුතු නැත. ඔහු ප්‍රචාරණය සහ විකුණුම්කරණය පිළිබඳ හසල දැනුමක් ඇති නිර්මාණශීලි අයෙකි. නමුත් ඔහුගේ වෘත්තිය දේශපාලනයයි. එයට ඉහත දැනුම ප්‍රායෝගිකව යොදා ගැනීමේ දී ඔහුගේ චතුර කථිකත්වය උපයෝගී කරගනී. එය ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සිටින කාලයේ පවා අතිශය සාර්ථක ලෙස යොදා ගත්තේය. එහෙත් කුමක් හෝ අඩුලුහුඩු කමක් හමුවේ ඇතිවන දුර්වලතාවයක් හේතුවෙන් බොහෝ සරල ලෙස දේශපාලන විකුණුම්කරණය යොදා ගැනීම හේතුවෙන් ඇතිවන සමාජ උත්තේජනය බාල බොළඳ හා උපහාසාත්මක ලෙස සමාජයට දැනෙයි.මෑත යුගයේ එවැනි සිද්ධීන් බහුල වශයෙන් ඔහු විසින් යොදා ගනු ලැබුණි.

    October 25, 2017, 3:31 am0

    නව ව්‍යවස්ථා අර්බුදය ඉදිරියේ ආණ්ඩුව දණ ගහයිද?

    මේ වන විට රට තුළ පැන නැගී ඇති අලුත්ම අර්බුදය නව ව්‍යවස්ථාවට පක්ෂ සහ විපක්ෂ කරුණු දැක්වීමයි. කාලයෙන් කාලයට නව ව්‍යවස්ථා සෑදීමේ වුවමනාව දේශපාලකයින්ට ඇතිවෙයි. බොහෝ විට ඒවායේ යටි අරමුණ දේශපාලනය මිස රටේ යහපත නොවේ. 1948 නිදහසින් පසු ස්වාධීන ජාතියක් ලෙස වඩා ශක්තිමත් ව්‍යවස්ථාවක් රට තුළ නිර්මාණය නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය අද වන විට රට තුළ උදා වී ඇත.ලෝකයේ බොහෝ රටවල් දේශපාලන වුමනාකම් මත ව්‍යවස්ථා නිර්මාණය කරන්නේ නැත. ලෝකයේ රටවල විවිධාකාරයේ ජාති ආගම්, කුල ගෝත්‍ර, මෙන්ම විවිධ සංස්කෘතීන් හා එකිනෙකාට වෙනස් හර පද්ධතීන් සහිත මිනිසුන් එක්ව ජීවත් වෙති.

    October 23, 2017, 11:46 am0

    අලියාගේ ,අලි වටිනාකම,අලිවංචාවක්

    2007 වර්ෂයේ දළදා මාළිගාවට මියන්මාර රටින් රුපියල් 2, 61 591 500% ක මිල සඳහන් කර රිසිට් පතක් නිකුත් කර අලියෙකු මිල දී ගෙන එම මුදල් විදේශගත කිරීම මඟින් විශාල මුදල් වංචාවක් සිදු වී ඇති බව තිරසාර සංවර්ධන සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පත් කළ ඒක පුද්ගල කමිටුව මගින් සොයාගෙන ඇත.

    October 23, 2017, 10:01 am0

    සැබෑ සහෘර්දයින් නොමැති කමින් පල්ලම් බහින සිංහල සාහිත්‍යය

    භාෂාවේ ආරම්භයත් සමඟ මිනිසුන් තමන්ට සිතෙන සහ දකින දේ පිළිබඳ සිතීමට පෙළඹිණි. ඒ අනුසාරයෙන් අදහස් පිටපත් කිරීමට මෙන්ම පසු කාලයකදී සෙසු මිනිසුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට ද භාෂාව ඉවහල් කර ගත්හ. මිනිස් ජීවිතය සහ පරිසරය පිළිබඳ තම මනස මෙහෙයවා නිර්මාණශීලි දැකිමක් තුළින් යම් කාරණයක් ප්‍රතිනිර්මාණය කර සමාජයේ ජීවත්වන අනෙකාගේ යහපත උදෙසා ඉදිරිපත් කිරීම වාච්‍යාර්ථය ඉක්මවා ගිය සාහිත්‍යයක් වන්නේය.

    October 20, 2017, 6:44 am0

    රජයට පවරා ගත් සයිටම් ගිව්සුම කෝ ?

    2017 අගෝස්තු 01 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව උත්සවශ්‍රියෙන් රජයට පවරාගත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල එම උත්සවයට පමනක් සීමා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි..

    PREVIOUSNEXT