January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    November 4, 2017, 2:31 pm0

    අනවසරයෙන් ඉතාලියට සංක්‍රමණයවීමේ දී අනතුරට පත් යාත්‍රාවේ - ශ්‍රී ලාංකිකයින්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මධ්‍යධරණී මුහුදේ දී නොවම්බර් (02) දින අනතුරට පත් නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ගමන් ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    November 4, 2017, 2:11 pm0

    නොසැලකිලිමත් කමින්, දිය රකුසාට බිලි වූ ජීවිත.

    ස්භාවිකත්වයෙන් අනූන සුන්දර ස්ථාන දැකීමට මෙන්ම, එම ස්ථානවල ජීවිතයේ සතුට විදීමට සෑම අයෙක්ම දැඩි කැමැත්තක් දක්වන්නේ නිරායාසයෙන්මය. එහෙත් අසුරු සැණකින් නොසිතූ අයුරින් අවධානම සහ අනතුර අප වෙත ළගාවෙන්නේ සියල්ල සුණුවිසුනු කර දමමින්ය. මාතලේ ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය පිරිස, සති අන්තයේ දීර්ඝ නිවාඩුව හෙයින් විනෝද චාරිකාවනට ගියා විය හැකිය .ඔවුන් සියළු දෙනාම සතුටින් මෙම ස්ථානයේ දිය නෑමට යොමු වන්නට ඇත.එහෙත් අනපේක්ෂිතව ආ සැඩ පහර ඔවුන්ගේ ජීවිත බිලිගත්තේය.

    November 3, 2017, 4:09 pm0

    අමර සඳ බැස ගොසින් ගෙවුණි වසරක්, අද දිනට.

    ලාංකීය සංගීතයේ සුභාවිත සලකුණ වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය අවසන් සුසුම වාතලයට මුසු කළේ අදවන් දිනකදී්ය. (නොවම්බර් 03) තම දීර්ඝ ජීවන ගමනේ අඩකටත් වැඩි කාලයක් ලාංකීය සංගීතය වෙනුවෙන් කැප කළ අමරදේවයාණෝ රූප කායෙන් සමුගෙන ගියත්, හඬ පෞර්ෂයෙන් කිසිදා අප හැර නොයන්නේය. ඊයේ ද අද ද හෙට ද ඔහුගේ ගීත සහෘද සවන් පිනවන්නේය.

    November 3, 2017, 12:17 pm0

    ඒකාබද්ධය හා S.L.F. P, අතර නොකෙරෙන දීගෙක කොන්දේසි 7 .

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වීමට නම්, කොන්දේසි 7කට එකඟවිය යුතු බව, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ ලිපියක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක වෙත යවා තිබේ.

    November 3, 2017, 10:35 am0

    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 4.1 % ක්, දිළින්දන්ය.

    රටක ජනගහණයෙන් සැලකිව යුතු ප්‍රතිශතයක් දිළින්දන් වීම තුළ,පෙන්නුම් කරන්නේ එය එම රටේ ආර්ථික සමබරතාවයේ ගිළිහී යාමක් ලෙසයි.මිනිසුන් දුගීවීම, රැකියා විරහිතවීම, ආදායම් උත්පාදනය නොවීම, යන මේවා හේතුන්ය. ගැටළුවට විසදුම් ඇත්තේ කොහේද? මේවාට බලපාන හේතු සාධක මොනවාද ? නූගත්කම ද ? එසේ නොමැති නම් වෙනයම් හේතූන්ද ? රජයේ වගකීම මොවුන් පිළිබද සොයා බැලීමයි. මසකට රුපියල් 4166.00 වඩා අවම ආදායමක් ලැබෙනවා යන්නේන්, අදහස් වන්නේ මේ ගණයට අයත් පුද්ගලයින් හෝ පවුල් කිසියම් හෝ රැකියාවක නිරත නොවීමයි.

    November 3, 2017, 9:54 am0

    අගමැතිතුමාට: මහත්මා දේශපාලනය, හා නිර්දෝෂීභාවය පෙන්වීමේ අවස්ථාවක්.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ අවශ්‍ය නම් සාක්ෂි ලබාදීමට සූදානම් බව ඉකුත් සතියේ ප්‍රකාශ කළේය. මේවන විට බැදුම්කර කොමිසම් සභාව ශ්‍රේඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඇතුළු ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ, අගමැතිතුමා කොමිසම හමුවට කැදවිය යුතු බවයි. එය එසේ වන්නේ නම්, අගමැතිවරයෙකු සිය නිලය දරන කාලයේ දී මෙවැනි අධිකරණ කටයුත්තකට සහබාගීවන ශ්‍රී ලංකාවේ, ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

    November 2, 2017, 3:49 pm0

    ගීතා වෙනුවට පියසේන ගමගේ.

    ද්ත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටින හිටපු ඇමති පියසේන ගමගේ මහතාට නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණිමේ වාසනාව උදා වී ඇත.

    November 2, 2017, 3:35 pm0

    ට්‍රම්ප් ත්‍රස්තවාදය මුවාවෙන්, ග්‍රීන් කාඞ් සිහිනය බිඳ දමයි.

    ලෝකයේ දියුණුම සහ ශක්තිමත්ම රාජ්‍යයක් සේ සලකන ඇමරිකා එක්සත් ජනපදය තුළ ජීවත්වීමට මෙන්ම එහි පුරවැසියෙකු වීම ලෝකයේ සෙසු රටවල මිනිසුන්ගේ සිහිනයකි. ඒ සඳහා ලොතරයි ක්‍රමයට වාසනාවන්තයින් තෝරා ගෙන ඔවුන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබාදීමේ වැඩපිළිවල ග්‍රීන් කාඞ් ලොතරයි වැඩසටහන ලෙස හැදින්වෙයි.

    November 2, 2017, 6:55 am0

    ද්ත්ව පුරවැසි භාවය ගීතාගේ මන්ත්‍රී ධූරය අහිමි කරයි

    රිදී තිරයේ ආකර්ෂණීය චරිතයක් වූ ගීතා කුමාරසිංහ ලාංකීය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයකි එකී ජනප්‍රිය බව උපයෝගී කර ගනිමින් තම උපන් ගමට සේවයක් කළ යුතු බව පවසමින් ඇය පළමුවෙන්ම පොදු ජන එක්සත් පෙරමුණෙන් දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවාය.

    November 2, 2017, 4:25 am0

    පළාත් පාලන මැතිවරණය ජනවාරියේ.

    දේශපාලන වේදිකාව තුළ කාලයක් තිස්සේ නැතිවම බැරි මාතෘවක් බවට පත් වී තිබුණ පළාත් පාලන මැතිවරණය සඳහා වූ ගැසට් නිවේදනය සඳහා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ දිනයේ දී අත්සන් කරනු ලැබීය.

    November 1, 2017, 4:54 am0

    ළඟදීම තෙල් මිල අඩුවෙන ලකුණු.

    ඉදිරි සති කිහිපය තුළ දේශීය වෙළඳ පොළේ පෙට්ට්‍රල් සහ ඩීසල් මිල පහළ යනු ඇති බවට ඛණිජ තෙල් නීති ගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

    October 30, 2017, 3:20 am0

    දුලිප් ආණ්ඩුවෙන් විසිවෙයි .

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන් මන්ත්‍රීවරයෙ ලෙස ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පත් වී යහපාලන ආණ්ඩුවේ තැපල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ, දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කර තිබේ. පසුගිය කාලය තුල ඔහු ආණ්ඩුව සහ ආණ්ඩුවේ ක්‍රියාදාමයන් දැඩි ලෙස විවේචනයට ලක් කළේය.කෙසේ වුවත් ඔහුගේ ඉවත් කිරීමට අදාල ලිපිය ජනාධිවරයා විසින් අත්සන් කර තිබේ.

    PREVIOUSNEXT