January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    November 9, 2017, 11:44 am0

    සයිටම් අර්බුදය ජයග්‍රාගීව නිමා වූ වගයි.

    සයිටම් යනු ඊයේ වන තෙක්ම මේ රටේ තිබුණ ප්‍රධානම අධ්‍යාපනය හා සම්බන්ධ ගැටළුවකි.විශ්ව විද්‍යාල සිසුන් මෙම ගැටළුව සදහා මහා සමාජය ද සෘජුවම දායක කරගත්තේය.ඔවුන් සිය අධ්‍යපන කටයුතුවලින් බැහැර වෙමින් නිරන්තරයෙන්ම උද්ඝෝෂණ ව්‍යපාරයන්ගේ නියළෙමින් මෙයට විරෝධය පළ කළේය.වෛද්‍ය පිඨ සිසුන් මාස 10 යක කාලයක් පන්ති වර්ජනයේ යෙදුණි.එසේම දින සති මාස ගණන් විශ්ව විද්‍යාල සිසුන් බන්ධනාගාරවල ගත කළේ සයිටම් විරෝධතාවය නිසාය.අවසානයේ සිසුන් පමණත් නොව වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් ද මීට සෘජුවම මැදිහත් විය.වෛද්‍යවරුන් ද වෘත්තීය සමිති ද මෛ අවස්ථාවේ විශ්ව විද්‍යාල සිසුන්ට දිගින් දිගටම තම සහය පළ කළේය.කෙසේ හෝ වේවා දීර්ඝ දුෂ්කර ප්‍රයත්නයකින් පසුව අද දවසේ විශ්ව විද්‍යාල සිසුන් පමණත් නොව නිදහස් අධ්‍යාපනය ලබන සහ ලැබූ සියල්ලෝ ජයහ්‍රහණය කළෝය.

    November 9, 2017, 4:49 am0

    වයස 100 ඉක්ම වූ වැඩිහිටියන්ට රජයෙන් දීමනාවක්.

    වැඩිහිටි ජනගහණයේ වැඩිවීමක් ලොව පුරා බොහෝ රටවල වර්තමානයේ දක්නට ලැබෙන දෙයකි.එහෙත් මෙම වැඩිහිටියන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 75 ඉක්මවන්නේ කලාතුරකිනි.ඒ අතර අවුරුදු 100 ඉක්ම වූ අතළොස්සක් වූ වැඩිහිටි පිරිසත් ද අප අතර සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය කළ විමර්ෂණයකින් හෙළි වී තිබේ.ඒ අනුව දිවයින පුරාම වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයිල් 350 ක් පමණ සිටින බව සොයා ගෙන ඇත.

    November 8, 2017, 2:13 pm0

    මගේ වටේ ඉන්න හොරුන්ගෙන් මටත් තර්ජන - ජනාධීපති නොකියා කියයි.

    සාධාරණ සමාජයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මේ රටේ කළගුණදත් කිසිවකුට අමතක කළ නොහැක.මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම සදහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුව අද( 8 )බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවත්වුණි.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

    November 8, 2017, 7:17 am0

    බ්‍රිතාන්‍ය මහ රැජින ද කළු සල්ලි ජාවාරමේ

    පැනමා රාජ්‍ය මොසැඩ් පොන්සේකා සමාගම හරහා පවත්වාගෙන ගිය කළු සල්ලි ජාවාරමේ දී ලෝක දේශපාලඥයන් මෙන්ම බලවත් පුද්ගලයින්ගේ තොරතුරු පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් විසින් අනාවරණය කර ගන්නා ලදි.මේවන විට එහි දෙවන පියවර ලෙස පැඩයිස් ලියවලි නමින් ජාත්‍යන්තර ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සංසදය විසින් තවත් ලෝකයේ කළු සල්ලි ජාවාරමේ යෙදුණ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් 120 දෙනෙකුගේ තොරතුරු අනාවරණය කර ඇත.

    November 7, 2017, 1:55 pm0

    විදෙස් රූපවාහිනී නිර්මාණ සදහාවන ,වාණිජ බද්ධ ඉහළට.

    විදේශයන්ගෙන් ගෙන්වා මෙරට දී හඩ කවා විකාශනය කරනු ලබන නිර්මාණ පිළිබදව කළක පටන් රූපවාහිනී නිර්මාණකරැවන්ගේ දැඩි විරෝධයක් පැවතුණි.විශේෂයෙන්ම ටෙලි නාට්‍යකරුවන්ගෙන් එල්ල වූ මෙම විරෝධය හමුවේ 2006 වසරේ දී ප්‍රථම වතාවට මෙම නිර්මාණ සදහා බදු මුදලක් අය කිරීම ඇරඹිණි.එකී බදු මුදල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ඒ අනුව රුපියල් 90 000 ක්ව තිබු බද්ද 150 000 දක්වා ඉහළ දමා තිබේ.විදේශ චිත්‍රපට,ටෙලි නාට්‍ය, මෙන්ම වාණිජ වැඩසටහන් යන සියල්ල සදහා මෙම බද්ද බලපානු ලැබේ.

    November 7, 2017, 7:44 am0

    සාමූහික වගකීම වර්තමාන සිනමාවට අහිමිද?

    සිනමාව කලාවක් ?කර්මාන්තයක් ද? යන පැනයට විචාරකයෝ මෙන්ම නිර්මාපකයෝ ද බොහෝ අවස්ථාවල පිළිතුරු බලා දී තිබේ. එමෙන්ම සිනමාව,වේදිකාව ,රූපවාහිනිය මෙන්ම බොහෝ මාධ්‍ය තුළ ඇති කලාවන්හුදු පුද්ගලානුබද්ධ කලාවන් නොවේ .මේවා සමූහික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලවේ.එකී සාමූහික කලාව තුළ සැබැවින්ම සුන්දර මෙන්ම විශ්ව ව්‍යාප්ත නිර්මාණ බිහි කර ගත හැකිවන්නේ නිර්මාණ ශිල්පීන්ගේසහයෝගය මත මෙන්ම එකිනෙකාගේ කාර්ය බාරයන් නිසියාකාරයෙන් ඉටු කර ගැනීම තුළය.නිෂ්පාදකයා නිෂ්පාදන කාර්යත්, අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂන කාර්යත් ,නළුනිළියෝ රංග කාර්යත්, සෙසු ශිල්පීන් ද තම වගකීම් නිසි ලෙස ඉටු කරන කල්හි සෑබෑම සාර්ථක නිර්මාණයක් බිහි කරගත හැකිවන්නේය.එවන් වූ නිර්මාණ ද නිර්මාණ ශිල්පීන් ද ප්‍රේක්ෂකයාට කිසි දා අමතක නොවේ.

    November 7, 2017, 5:18 am0

    රිය අනතුරු ,අහිමිවන ජීවිත හා සමාජය

    දිනෙන් දින ඉහළ යම්න් පවතින රිය අනතුරු හේතුවෙන් අකාලයේ මහ මග මිලිනව යන ජීවිතවලට වගකිවයුත්තේ කවරහුද? ඊයේ දිනයේ මදුරන්කුලියේදී සිදු වූ මාරක බස් අනතුර නිසා ජීවිත 7ක් නිරපරාදේ විනාශ වී ගියේ 43 දෙනෙකු රෝහල් ගත කරමින්ය.කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථයේ වේගය රියදුරුට පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදු වූ බවට වාර්තා වෙයි.ත්‍රීරෝද රියක් පසු කර යෑමට උත්සාහ කරන විට රියදුරුගේ පාලනයට නතු නොවූ බසය අසල තිබූ බෝක්කුවක ද ගැටී මෙම අනතුර සිදුව තිබේ.

    November 6, 2017, 5:11 pm0

    තෙල් මාෆියාවට යට නොවී, බැනුම් අසන ඇමති අර්ජුන.

    ඛණිජ තෙල් සහ විදුලිබල කේෂ්ත්‍රවල පවතින බලවත් ව්‍යාපාරික ජාවාරම් මාෆියාව දේශපාලන අධිකාරිය ද පසාරු කර ඉදිරියට ගිය එකකි. එය මැඩැපැවැත්වීමට විෂය භාර ඇමතිවරයාට වුව ද පුළුවන්කමක් නැත.රටේ සමස්ත ක්‍රියාදාමයම මොහොතකට අඩපන කිරීමට මෙමගින් හැකියාව ඇත. ඛණිජ තෙල් සහ විදුලිය නිෂ්පාදනය, රටේ සමස්ථ නිෂ්පාදන හා සේවාවන් සමග බද්ධ වී ඇත. එමෙන්ම විශාල මූල්‍යමය වටිනාකම් සංසරණයවන මෙම කේෂ්ත්‍රය තුළ අදෘෂ්‍යමාන මාෆියාවන් ක්‍රියාත්මක වෙයි.

    November 6, 2017, 9:02 am0

    තෙල් අර්බුදය උග්‍රවන ලකුණු .

    මේවන විටත් ඛනිජ තෙල් සංස්ථාව සතු මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ ප්‍රෙට්ට්‍රල් තොග අවසන්ව ඇති බවත්, කොළොන්නාව ගබඩා සංකීර්ණයේ මෙට්ට්‍රික් ටොන් 3000 ඉතිරිව ඇති බවත් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.මෙම මෙට්ට්‍රික් ටොන් තුන් දහසෙන් මෙටට්ට්‍රික් ටොන් 500 ක් ඔක්ටේන් 95 ප්‍රෙට්ට්‍රල් බව ද දැන ගන්නට තිබේ .කෙසේ වෙතත් මෙම මෙට්ට්‍රික් ටොන් තුන් දහසක ප්‍රෙට්ට්‍රල් තොගය එක් දිනක පාරිබෝජනයට පමණක් ප්‍රමාණවත් බව ද වැඩි දුරටත් සදහන් වේ.අත්‍යවශ්‍ය සේවා සදහා ප්‍රෙට්ට්‍රල් ලබාදීම අනිවාර්ය හෙයින් මෙම ඉතිරිව ඇති ප්‍රෙට්ට්‍රල් බෙදා හැරීම ගැටළුවක් වී ඇති බව කියයි.

    November 6, 2017, 7:17 am0

    ඇමරිකාවේ යළිත් වෙඩි තැබීමක් , 26 ක් මරුට.

    ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා නගරයක්වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස් හි බැප්ටිස් දේවස්ථානයේ ඉරිදා දේවමෙහෙය පැවැත්වෙන අතරතුර එහි පැමිණි නන්නාදුනන තුවක්කුකරුවෙකු කළ වෙඩි තැබීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .මෙම දේවමෙහෙයට සහබාගී වී සිටි තවත් 20 කට පමණ තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි.මියගිය අය අතර වයස අවුරුදු 5 සිට 72 දක්වා අය සිටින බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

    November 5, 2017, 3:26 pm0

    ඛණිජ තෙල් අර්බුදය හේතුවෙන්, හෙට සිට රට තුළ දෛනික කටයුතු අඩාල වීමේ අවධානමක්.

    බලධාරීන් විසින් ඉන්ධන සැපයුම යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි පැවසුවත් ,සත්‍ය වශයෙන්ම තව දුරටත් රට පුරාම ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ .හෙට දිනය තුළ දී ඉන්ධන බෙදා හැරීම යථාතත්වයට පත් නොවුවහොත්, අගහරුවාදා (7) දිනය වන විට රට තුළ දෛනික කටයුතු අඩපන වීමේ අවධානමක් පවතී.

    November 5, 2017, 6:51 am0

    මඩාටුගම දැරියට වාසනාව ගෙන දුන් කුසගින්න.

    වාසනාව උදාවන මොහොත කිසිවකු නොදනී. වාසනාවන්ත තත්වයක් උදා කර ගැනීමට සෑම පුද්ගලයින්ම ජීවිත කාලය පුරාම උත්සාහ ගනී. එහෙත් ඒ වාසනාව යන අදෘෂ්‍යමාන තත්වය ඇතිවන ආකාරය නොදැන හෝ නොහදුනාගෙන ජීවිතයම දුකක් ලෙස සිතා අසතුටින් ගත කරන්නන් ද සිටිති. එහෙත් මේ කතාව දුක් සහිත ජීවිතය තුළ අසතුටින් ,කනස්සල්ලෙන්, අපහාසයෙන් ,උපහාසයෙන් මෙන්ම ප්‍රතික්ෂේප කිරීම් හමුවේ නොසිතූ වාසනාවක් හිමි වූ දැරියක් සම්බන්ධවයි.

    PREVIOUSNEXT