January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    November 14, 2017, 4:11 pm0

    කිකිළියකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

    පකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේ 14 හැවිරිදි පිරිමි ළමයෙක් කිකිළියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ලාහෝර්වලට කිලෝ මීටර 200 පමණ දුරින් පිහිටි ජලපූර් බතින් පොලිස් ප්‍රදේශයේ හසිසාඩ් හි පදිංචිකරුවෙක් බව මාධ්‍ය වාර්තා කරයි.මෙම සිද්ධිය පසුගිය නොවම්බර් 11 සිදුවී තිබේ.

    November 14, 2017, 1:49 pm0

    විභාග කොමසාරිස් තනතුරෙන් ඉවතට.

    විභාග කොමසාරිස් ජනරාල් W.M.N.J. පුෂ්ප කුමාර මහතා එම .තනතුරින් ඉවත් කර ඇති බවට වාර්තාවේ.

    November 13, 2017, 4:45 pm0

    ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ මැකිය නොහැකි විප්ලවවාදී නාමය !

    සත්වයන් අතර බුද්ධිමත්ම සත්වයා ලෙස මිනිසා මේ පෘතුවිය මත සිය ඒකාධිකාරී බලය පතුරුවමින් සිටී. ඒ සදහා ඔහුට උපකාරීවන්නේ ස්භාවයෙන් ලැබුණු දියුණු වෙමින් ඉදිරියට යන ඔහු සතු මනසය .එහෙත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම තුළ මිනිසා ස්භාවයෙන්ම පොදු ලක්ෂණ තුළ පිහිටියා වූවත් ඔහු සතු සිතුවිලි හරහා වෙනස්කම් නිර්මාණය කර ගනිමින් එකිනෙකා හා සන්සනදනය වීමට උත්සාහ කරන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් අතර මතවාදී අරගල නිර්මාණය වන්නේය. එයිනුත් නොනවතී, ඔවුන් එකිනෙකා පරයා ශක්ති සම්පන්න බව පෙන්වීමෙන් අරගල ඇතිවන්නේය. මේ සියල්ල ලෝක ඉතිහාසය තුළ විවිධ හැළහැප්වීම් සමග වර්තමානය දක්වාම පැමිණ ඇත්තේය .මේ තුළ බහුතරයක් මිනිසුන්ගේ යහපත සාධාරණත්වය සහ නිදහස වෙනුවෙන් පුද්ගල අරමුණු පසෙකලා ක්‍රියාකරමින් අසාධාරණ ලෙස පවතින සමාජ ක්‍රමයන් සාධාරණ යුක්ති සහගත ලෙස සමාන අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යගයෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් සිටී. ඔවුන් අතළොස්ස අතුරින් ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ බහුතරයක් මිනිසුන්ගේ හෙට දවසේ යහපත වෙනුවෙන් තම ජීවිතය කැප කළ තුන්කල් දුටු ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙක් සිටී නම් ඔහු රෝහණ විජේවීර හැර අන් කවරෙක් ද ? එහෙයින්ම අතීතය මෙන්ම වර්තමානයට ද හෙට බිහිවන අනාගතයට ද ඔහු සජීවී මිනිසෙකි.

    November 13, 2017, 2:17 pm0

    සුරේෂ් ප්‍රේමචන්ද්‍ර - අලුත් පක්ෂයක් හදයි.

    වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය පවතින්නේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ කණ්ඩායමටය. එහි නායකත්වය ආර් . සම්බන්ධන් මහතා හොබවයි .ඊට අමතරව E .P. R. L. F ප්ලොට් සංවිධානවල දේශපාලන නායකයින් ද මෙයට ඇතුළත්ය .ඉදිරියේ දී පවත්වන්නට නියමිතපලාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් අතර බල අරගලයක් අැතිව තිබේ.ඔවුන් ආර්. සම්බන්ධන් විවේචනය කරනුයේ ඉන්දියාවේ නියෝග පිළිපදිමින්, වර්තමාන ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සම්බන්ධන් මහතා අනුගමනය කරන බවයි.එය උතුරේ ජනතාවගේ සැබෑ මතය නොවන බව මෙම විවේචකයින් පෙන්වා දෙයි.

    November 13, 2017, 1:31 pm0

    දැන් හැන්ද මගේ අතේ ,ඡන්දේ ජනවාරී 25 - 31 අතර දිනක

    පළාත් පාලන මැතිවරණය 2018 ජනවාරී 25 -31 අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි .

    November 13, 2017, 6:45 am0

    තිසා වැවෙන් දිය නා, අටමස්ථාන වන්දනාමානයට අකුල් නොහෙලන්න - අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති.

    ඉතිහාසය පුරාවට බෞද්ධයින් අටමස්ථාන වන්දනාවට අනුරාධපුරයට ගොස් තිසා වැවෙන් දිය නා ඒම සාමාන්‍ය සිරිතකි. එයින් ශ්‍රී මහා බෝධීන් වහන්සේටවත් පරිසරයටවත් හානියත් සිදුණොවුණි. වර්තමානයේ ගිහි පැවිදි කණ්ඩායම් අනියත බියක් ඇතිකර පරිසර දුෂණය සහ ශ්‍රී මහා බෝධින් වහන්සේ දෝවන කිරීම සඳහා තිසා වැවෙන් ජලය භාවිතා කරන හෙයින් යැයි පවසමින් එහි දිය නෑම තහනමට ලක් කර ඇත.

    November 13, 2017, 6:04 am0

    සෙවනගල සීනි යළි දයාට ලැබෙයි ද?

    2011 වර්ෂයේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ රජයට අයත් ලාභ ලැබූ ආයතන පුද්ගලික ව්‍යවසායිකයින්ට පැවැරීම නිත්‍යානුකූල නොවන බවත් යළි ඒවා රජයට පවරා ගත යුතුය” යන අදහස අනුව ක්‍රියාත්මක වෙමින් 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයින් හෝ ඌන උපයෝගීතා වත්කම් නමින් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඒ අනුව යමින් දයා ගමගේ මහතාට අයත්ව තිබූ සෙවනගල සීනි සමාගම රජයට පවරා ගන්නා ලදි.

    November 12, 2017, 3:54 pm0

    චන්දික බංගලාදේශයෙන් ඉවත් වූයේ - ශ්‍රී ලංකා පිලට එක්වීමටද?

    බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ගෙන ඒමටත් ඔවුන්ට විශාල ජයග්‍රහණ හිමි කර දීමටත් චන්දික හතුරුසිංහගේ දායකත්වය (බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුගේ දායකත්වය) ලෝකයට රහසක් නොවේ.

    November 12, 2017, 11:06 am0

    ඇතුගල පාමුලින් විකසිත වූ සිරිල් වික්‍රමගේ.

    1932 දී කුරුණෑගලින් සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි කොහිලේගෙදර තලම්පිටිය ගමේ අට දෙනෙකුගෙන් යුත් පවුලක සයවැන්නා ලෙස කුඩා දරුවෙක් උපන්නේය. ඔහු නමින් සිරිල් වික්‍රමගේ නම් විය. 60 දශකයේ මැද භාගයේ සිට දේශීය වේදිකා නාට්‍යයේ ද චිත්‍රපටයේ ද පසුව ටෙලි නාට්‍ය තුළ ද හෙතෙම ගම්භීර චරිතයක් විය. ක්‍රිස්තියානි පසුබිම සහිත පරිසරයක හැදී වැඩුණු ඔහු තලම්පිටිය මහ විද්‍යාලයේ සිය මුලික අධ්‍යපනය නිමා කිරීමෙන් අනතුරුව පේරාදෙණිය ගුරු විද්‍යලයේ ගුරු සිසුවකු ලෙස පුහුණුව ලැබීය. සිය ප්‍රථම ගුරුපත්වීම රත්මලාන අන්ධ විද්‍යාලයට ලබා ගන්නා සිරිල් වික්‍රමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ද ලබා ගනී. දීර්ඝ කාලයක් රංගනය ද සමඟ ගුරු වෘත්තියෙ හි ද නියළෙන ඔහු 90 දශකයේ මුල් භාගයේදී කුරුණෑගල ලක්දාස් විද්‍යලයේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක්ව සිටිය දී විශ්‍රාම ගන්නේය.

    November 11, 2017, 11:31 am0

    අපේක්ෂා බිදවැටෙන - පුස් වෙඩි පත්තුවෙන නීල - හරිත අයවැය

    මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 72 වන අයවැය මෙන්ම යහපාලන ආණ්ඩුවේ තුන්වන අයවය වේ. හිටපු මුදල් ඇමති රවි කරුණානායක වසර 2ක් අයවැය ඉදිරිපත් කළ අතර ඔහු සිතූ තරම් ආර්ථික කළමණාකරනයෙහි දක්ෂ නොවන නිසාම සමාජයෙන් නැගුණ ප්‍රතිවිරෝධය හමුවේ,අමාත්‍යාංශ මාරුකර විදේශ ඇමතිධූරය දැරූ මංගල සමරවීර මහතා වෙත විදේශ ඇමතිකම හා සමාන වගකීම් සහිත අමාත්‍යධූරයක්වන මුදල් අැමැතිකම ලබාදුන්නේ ආණ්ඩුවේ ඉදිරිගමනට උත්තේජනයක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන්ය.

    November 11, 2017, 5:49 am0

    අයවැයෙන් පසු වාහනවල මිල ගණන් වෙනස්වන අයුරු

    2017 නොවම්බර් 09 වැනි දින ඉදිරිපත් කරන ලද අයවැයෙන් පසුව රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වී ඇත්තේ වාහන මිල ගණන් සම්බන්ධවයි. මිල ඉහළ යෑම් සහ පහල යෑම් පිළීබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට ජනතාව උත්සාහ කරයි. එම නිසාම වාහන අපනයනකරුවන්ගේ සංගමය මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වාහනවල මිල ගණන් අඩුවැඩිවීම් සම්බන්ධව අදහසු පළ කර ඇත.

    November 10, 2017, 2:40 pm0

    ගීතාට අපලයක් වූ දේශපාලනය.

    ගීතා කුමාරසිංහ සිංහල සිනමාවේ සම්මානනීය නිළියකි. ඇය එම ජනප්‍රියත්වය දේශපාලනයට පැමිණීමට ආභරණයක් කර ගත්තාය. එය වරදක් නොවේ.මන්ද යත් නළු නිළියන් දේශපාලනයට පිවිසීම ශ්‍රී ලංකාවට ආවේණික ලක්ෂණයක් නොවේ.ආසන්න ඉන්දියාව තුළ ද එය රැල්ලක් බවට පත් වී ඇත.විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයේ ඉතිහාසය පුරාවට නළුවෝ සහ නිළියෝ දේශපාලකයෝ වෙති.

    PREVIOUSNEXT