January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    November 20, 2017, 3:16 am0

    අර්ජුන ඇලෝසියස් සමග දුරකථන සංවාද පැවැත් වූ දේශපාලකයින්ගේ ලැයිස්තුව මෙන්න.

    මෙම සියලුම තොරතුරු worldceylon e news වෙත ලැබුනු තොරතුරු බැව් වගකීමකින් සදහන් කරමු. මෙහි වැරදි හෝ නිවැරදි කිරීමක් යමෙකුට කළ යුතු නම් ඊට ද අවස්ථාව අප ලබා දෙමු.

    November 20, 2017, 1:27 am0

    කුඩු, කුඩේ කුඩු වන්නට ප්‍රථම .

    පසුගිය කාල වකවානුව පුරාවට ලංකාව පුරා විවිධ අයුරින් මත් කුඩු තොග වශයෙන් ද ඇතැම් විට සැකකරුවන් ද සමගින් නීතියේ රැහැනට හසු කර ගත් අතර ඒ පිලිබඳ සියලූම ආරක්ෂක අංශ වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.එසේ නොවන්නටල මේවා අපේම රටේ පාර්ශවයන් අතර බෙදී ගොස් බොහෝ ජීවිත අසරණ වන්නට ඉඩ තිබිණි.

    November 19, 2017, 3:58 pm0

    ජාතික කොඩියට හිස නොනමන උතුරේ අධ්‍යාපන ඇමති ඉවත් කරන්න ප්‍රමාද ඇයි?

    ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් ,උප්පැන්න සහතිකයේ හෝ ජාතික හැදුනුම්පතට අනුව, ඉපදුණ රට ශ්‍රී ලංකාව නම්, වර්ග සැතපුම් 65 610 ඇතුළත ජීවත්වන බත් කන ඕනෑම කෙනෙක් ජාතික කොඩියට ගරු කරනු ඇත. ජාති ආගම් භේද, කුමන තරාතිරමක ,ගැටළු තිබුණත් ජාතික කොඩියට ගරු නොකරන මිනිසුන් මේ රට තුළ ජීවත් විය නොහැකිය.උතුරු පළාත් අධ්‍යාපන ඇමති කන්දයියා ස්ර්වේෂ්වරන් වව්නියාව සිංහල විද්‍යාලයේ පැවති උත්සවයකට සහබාගී වී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂ්ප කර ඇත.එය කිසිසේත්ම සරලව සැලකිව යුතු කාරණයක් නොවේ.

    November 18, 2017, 5:00 pm0

    උත්සාහයෙන් ජීවිතය ජයගන්න පුංචි මිනිසාගේ ආදර්ශය.

    මාවැනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි බී .වී. කුමාරසිංහ, නොහොත් පාන්දර (අන්වර්ථ නාමය) පිළිබද ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ දිනවල විවිධාකාරයෙන් අර්ථ දක්වමින් කතාකරයි.සැබවින්ම ගුණාත්මක හරවත් මෙන්ම අර්ථාන්විත ලෙස මාධ්‍ය හසුරවන්නේ නම් අප මෙවැනි මිනිසෙකුට මූලිකත්වය දිය යුතුය.

    November 18, 2017, 4:03 pm0

    ආගමික හා ජාතිවාදී ගැටුම් දුරදිග නොයවන්න.

    සිංහල ජාතියේ නාමයෙන් සහ මුස්ලිම් ආගමේ නාමයෙන් අළු යට ගිනි මෙන් පවතින ගැටුම්කාරී තත්වය කුමන මොහොතක කුමන ස්ථානයක මතුවේවිද යන්න වර්තමානයේ රට තුළ මතුවෙමින් පවතින අර්බුදයයි. ඉන්දියාවේ ද බොහෝ අවස්ථාවල මෙලෙස ඇවිලුණු හින්දු මුස්ලම් ගැටුම් දක්නට ලැබේ.

    November 17, 2017, 2:22 pm0

    පුංචි ඡන්දය තීන්දුයි - නාමයෝජනා දැන්වීම් නොවැම්බර් 27.

    අද දින (17) මාධ්‍ය හමුවකට එක් වූ මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පළාත්පාලන මැතිවරණය සදහා නාමයෝජනා දැන්වීම් 2017 නොවැම්බර් 27 සිට නිකුත් කිරීමට තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ප්‍රකාශ කළේය.

    November 17, 2017, 8:41 am0

    සිංහල සංගීතයේ ජන ගී සලකුණ - ලයනල් රන්වල

    ‍2002 වසරේ ඉල් මස 13 වැනි දින අප කාටත් තවත් සාමාන්‍ය දිනයක් ලෙස ගෙවී ගිය දිනයක් වූයේය.ඒ දිනය පිළිබද මතයක් මේවන විට ඔබට අපට නැත්තේය .එහෙත් මතක ආවර්ජනාව තුළ අතීතයට ඇදෙන විට යාන්තමින් හෝ මතකයට නැගේවි, ඒ දිනය ,ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ ජන ගී සලකුණ දැයට අහිමි වු දිනය බව.ලයනල් රන්වල නම් වූ ඔහු මිට වසර 15 කට පෙර හදිසි අනතුරකින් ජිවිතයෙන් සමුගෙන ගියද ඔහුගේ ජන ගී මෙහෙවර නම් අපට කිසිදා අමතක නොවේ.සිංහල ජන සංගීතය පිළිබද මෙනෙහි කරන විට W.D මකුලොලොලුව , ලයනල් රන්වල , රෝහණ බැද්දගේ යන ත්‍රිත්වය ලාංකිය සංගීත කේෂ්ත්‍රයේ වෙනස් වූ ප්‍රතිරූප වන්නේය.පෙරදිග සංගීතය පිළිබදව අධ්‍යයනය කරන රන්වලයන් සිංහල ජන ගීයේ මග සලකුණු සොයා ආපස්සට පියනගන්නේ W.D මකුලොලුව මහතාගේ ආභාෂය නිසාමය.

    November 17, 2017, 5:57 am0

    අගමැති සදුදා බැදුම්කර කොමිසමට.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන යහපාලන ආණ්ඩුවේ ආරම්භයත් සමග පත් කළ රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රමුඛම නිලධාරියෙක් ලෙස මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සදහන් කළ හැකිය.ඔහු එම තනතුරට පත් කිරීමත් සමගම විදේශ පුරවැසිකම සහිත පුද්ගලයෙක් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම පිළිබදව විපක්ෂයේ පක්ෂ ආණ්ඩුවට චෝදන එල්ල කළේය.මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් පාලන සමයේ සිදු වු බැදුම්කර වෙන්දේසියේ දී සිදු වු බරපතල මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව පරික්ෂා කිරීමට ජනාධිපති කොමිසම පත් කළේය. ලබන සදුදා දින පෙරවරු 10 ට අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සදහා බැදුම්කර කොමිසම හමුවට පැමිණෙන ලෙසට ඔහුට දැනුම් දී තිබේ.

    November 16, 2017, 3:44 pm0

    සිම්බාබ්වේ: මුගාබේගේ පාලනය අවසන් වීම සහ හමුදාව රටේ බලය ඇල්ලීම.

    හමුදා කැරැල්ලක් ඇති වී ඊයේ නොවැ 15 දින 40 වසරකට වැඩි රොබට් මුගාබේගේ පාලනය අවසන් කරමින් ඔහු නිවාස අඩස්සියට පත් වී ඇති බැව් වාර්ථා වෙයි. සිම්බාබ්වේ රාජ්‍යට නිදහස් ලබා ගැනීම උදෙසා නායකත්වය ගෙන කටයුතු කල මුගාබේ එරට ජනතාව බෙහෙවින් ආදරය කල නායකයෙක් විය. එසේ වුවත් ඔහුගේ අත්තනෝමතික ක්‍රියා මෙන්ම අසාර්ථක ආර්ළුක කලමනාකරණය හේතුවෙන් රට අන්ත දිළිදු භාවයට පත් වී ඇත්තේය. එවැනි වාතාවරණයක් තුල මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග තුලින් බලය පැහැර ගැනිමට ඔහුටම හිතවාදී හමුදා කාණ්ඩායම් ක්‍රියාකර ඇති පව පෙනෙන්නට තිබේ.

    November 16, 2017, 6:45 am0

    බුදුන්ට - සැබෑ අවමානය කළේ පච්ච කත ද පොලිසියද ?

    2014 අප්‍රේල් මාසයේ බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවක් වන නයෝමී මිචෙල් කොල්මන් ( Naomi Michelle Coleman) මෙනවිය කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපලින් මෙරටට ගොඩ බසින්නේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහාය. එහෙත් ඇය අනපේක්ෂිත ලෙස ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්වන්නේ තම අත් බාහුවේ බුදුන්ගේ රුව සහිත පච්චයක් ඇති හෙයිනි. ශරීරයේ පච්චා කෙටීම අදවන විට ලෝකයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් වී ඇත්තේය. එය පුද්ගල අයිතිවාසිකමකි. පුද්ගලයෙක් පච්චයක් කෙටූ පමණින් එය සමාජයට හෝ තවත් කෙනෙකුට අපහාසයක් වෛරී හැගීමක් හෝ අප්‍රසාදයක් ඇතිවන්නේ නම් කරුණු කාරණා සහිතව එය එරෙහි විය හැක.තවත් අතකින් ගෞරවය දැනවීමට ප්‍රසාදය ඇති කිරීමට ජනප්‍රියත්වයට තම ශරීරයේ කොටා ගන්නා පච්චයක් මගින් යමෙක් යම් පණිවිඩයක් සමාජයට දීමට උත්සාහ කරන්නේ නම් එයට එරෙහිවීමට නීතියේ ප්‍රතිපාදන තිබේද?

    November 15, 2017, 6:16 am0

    රාජ්‍ය සේවක වැටුප් - ඉහළට .

    රජයේ සේවකයින් නොවම්බර් 09 වනි දින අයවැය දෙස බලා සිටියේ තම වැටුප කීයකින් හෝ වැඩිවේයැයි යන බලාපොරොත්තුවෙනි.එහෙත් අයවැය තුළ ඒ පිළිබද සෘජු ප්‍රකාශයක් ඉදිරිපත් නොවු අතර රාජ්‍ය සේවකයින් සදහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක් සකසන බව පමණක් එහි දී කියවුණි.එහෙත් ඊයේ ( 14 ) ස්වදේශිය කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ 2018 ජනවාරී සිට රාජ්‍ය සේවක වැටුප් 15% කින් වැඩිවන බවයි.

    November 15, 2017, 3:14 am0

    ආණ්ඩුවේ අක්‍රීයභාවය කෘෂිකර්ම අමාත්‍යාංශය හිස් ගොඩනැගිල්ලට ගෙවන කුලියෙන් පෙනේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා කුලියට ගෙන එහෙත් මේවන තුරු වසා දමා ඇති ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 247 බැගින් කුලී ගෙවන්නේ ඇයි? යහපාලන ආණුඩුවේ විශිෂ්ඨ ආර්ථික කළමණාකරනය මේකද?පසුගිය මාස තුනක එහි විදුලි බිල රුපියල් ලක්ෂ 49 යක් වී ඇත.මෙවැනි ඵල රහිත ගිවිසුම් ගණුදෙනු කළමනාකරණය නොදනුවත් කමින් දේශපාලන නූගත් කමින් ගත් තින්දු ද? එහෙත් මේ වාගේ අවසාන ප්‍රතිඵලය මේ රටේ ජනතාවගේ දුක් විදීම නොවේද ?

    PREVIOUSNEXT