January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

News

    December 1, 2017, 7:13 am0

    උතුරේ මහ විරු සැමරුම සහ දකුණේ දේශපාලකයෝ.

    උතුරේ ජීවත්වන දෙමළ ජාතිකයෝ හෝ LTTE සංවිධානයට හිතවත් පිරිස් වේවා යුද්ධය අවසන් වීමේන් පසුව හිතේ හැටියට ඇති පදමට මේ සරේ මහ විරු සැමරුම සිදුකළේය. උතුරේ දේශපාලකයෝ, මියගිය LTTE සාමාජිකයින්ගේ ඥාතීන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම තවමත් ජාතිවාදී ගිනි දැල් ඇවිලීමට මාන බලමින් උසිගන්වන පිරිස් මේ ක්‍රියාවලිය තළුමරමින් සිදු කළේ ඉන් පසු ඇතිවන තත්වය තුළ තමන්ට වාසි අත්කර ගන්නා ආකාරය ගැන සිතමින්ය.

    December 1, 2017, 4:28 am0

    රජයේ අරමුණ :2040 දී ඉන්ධන භාවිතයෙන් ඉවත්වීම නම් , වර්තමාන විදුලි වාහන බද්ධ අඩු කරන්න.

    වර්තමාන රජයේ අරමුණ පරිසර හිතකාමී ජීවන රටාවක්, රට තුළ නිර්මාණය කිරීම හෙයින් 2040 වන විට සියළු ඉන්ධන වාහන මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව, මේ වන විට රජය විසින් අවධාරණය කර තිබේ.

    November 30, 2017, 3:25 pm0

    මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින, මනුෂ්‍යත්වයෙන් යුත් මිනිසුන්ගේ කතාව.

    මිනිසුන් ලෙස අප සියළු දෙනාටම ජීවිතයේ විවධ අසීරු අවස්ථාවන්ට මූණදීමට සිදුවනු ඇත.එය තම මව් රටේ ද විදේශයකද යන්න ප්‍රශ්ණයක් නොවේ.කොහේ හෝ අප එවැනි තත්වයකට පත් වූ විට තවත් කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ මිල මුදල් නොව, අවබෝධයෙන් යුතු මනුෂ්‍යත්වයයි.වර්තමානයවන විට ලාංකීය සමාජය තුළ ගිලිහී යමින් පවතින මෙම අවබෝධාත්මක මනුෂ්‍යත්වය,අපට පසුගිය දිනෙක නවසීලන්ත ජාතිකයින් තුළින් දැකගත හැකි වූයේ, ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙනි.මනුෂ්‍යත්වය සදහා ජාති ,ආගම් හෝ කුල භේදයන් ඇත්තේම නැත.බොහෝ මිනිසුන්ට තවත් මිනිසෙක් මෘගයින් සේ පෙනෙන යුගයක, කිසිම අවස්ථාවාදී බලාපොරොත්වතුවකින් තොරව, නවසීලන්ත ජාතිකයින්ගේ මෙම මනූෂීය ඉදිරිපත්වීම අගය කළ යුතුමය.මිල මුදල් මත මෙන්ම දේශපාලන මතවාදයන් සදහා සියළු වටිනාකම් විකුණන අපවැනි රටවල මිනිසුන්ට, නවසීලන්ත වැසියන් ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් පෙන් වු මෙම මනුෂ්‍යත්වය ආදර්ශයක් ව්න්නේය.

    November 30, 2017, 12:09 pm0

    පළාත්පාලන චන්දයට තිබූ සියලු බාධක අවසන්.

    පළාත්පාලන ආයතන සීමා නිර්ණය ගැසට් නිවේදනය බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අද තින්දු කෙරිණි.

    November 30, 2017, 10:27 am0

    සුන්දරත්වයේ ස්භාඅසිරිය නොදත් මුර්ගයින්ට ගොදුරු වූ ගල්ගමුවේ දළ පූට්ටුවා.

    ස්භාවයේ ක්‍රියාකාරීත්වය එහි හැඩගැස්ම සෑම ජීවියෙකුටම එක සමාන ලෙස බලපානු ලබයි.ස්භාවධර්ම ක්‍රියාවලිය තුළ ඊට අනුගතව ජීවත්වන සතුන් හැම විටම ස්භාවයට සුන්දරත්වයක් අලංකාරයක් එක් කරයි.මේ සියල්ල විදීමටත් ඒවා ආරක්ෂා කිරිමටත් ස්භාවයෙන්ම දියුණු මනසකින් යුක්ත මිනිසුන් බිහි කර ඇත්තේය.නමුත් මෙවැනි තත්වයක් තුළ එවැනි සුන්දර මිනිසුන් වර්තමානය වන විට මහිපිටින් දුරස් වෙමින් සිටී.ඒ වෙනුවට අමුනුෂ්‍යයින් බිහිවෙමින් සිටියත් ,ඔවුන් මනුෂයයින් ලෙස සැලකිව නොහැකිය.ඔවුන් සමහර විට සිදුකරන්නේ විනාශයන්මය.එසේ කිරීමෙන් ඔවුන් ද විනාශවන බව ඔවුන්ට මොහොතකටවත් නොසිතේ.

    November 30, 2017, 7:18 am0

    අයහපත් කාලගුණය තත්වය පිළිබදව, දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇගවීම් කළාද?

    පවතින අධික සුළං සහ වැසි තත්වය මත රට තුළ ඇති වී ඇති අයහපත් කාලගුණ තත්වය ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරව යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.එසේ වුවත් 29 දින රාත්‍රීයේ සිට 30 වැනි දින දක්වා පැවතුණ දැඩි සුළං තත්වය සහ වර්ෂාව පිළිබද නිශ්චිත දැනුම් දීමක් කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළින් නිකුත් කර නොමැති බව තතුදත් ආරංචි මාර්ග සදහන් කරයි.

    November 29, 2017, 2:10 am0

    පොදු දේපල පනත යටතේ ගෝඨා අත් අඩංගුවට ගනීවි ද ?

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අද(29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    November 27, 2017, 4:59 am0

    පළාත්පාලන ඡන්දය :ගැටළු නොමැති ස්ථාන 93 ක නාමයෝජනා කැදවයි.

    පළාත්පාලන ආයතන ඡන්ද විමසීම සදහා අද 27 නාමයෝජනා පත්‍ර කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව ගැටළු නොමැති ආයතන 93 ක ඡන්ද විමසීම ඉදිරියේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.දෙසැම්බර් 11 වැනිදා නාමයෝජනා භාර ගැනිම ආරම්භවන අතර 14 වැනිදා මධ්‍යහ්න 12.00 ට නාමයෝජනා භාර ගැනීම අවසන් වීමට ඉඩ ඇත.අභියාචනාධිකරණ වාරණයට අනුව මුද්‍රණ දෝෂ හේතුවෙන් ආයතන 40 ක ඡන්දය විමසීමට බාධා එල්ල වී ඇති අතර, පළාත්පාලන අමාත්‍යාංශය එම වරදි නිවරදි කර සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශ කරන බවට පොරොන්දු වී ඇති නිසා, එම ආයතනවල නාමයෝජනා හෙටින් පසු 28 කැදවිමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා පැවසිය.

    November 26, 2017, 4:04 pm0

    හෙළ සංගීතයේ නුතන පරිණාමය.

    සුමියුරු ගායනය මෙන්ම, මියුරු තනු නිර්මාණයෙන් ද, සහෘර්ද හෘද ස්පන්දනයට ආමන්ත්‍රණය කළ හැකි නිර්මාණ ශිල්පීන් අපේ සංගීත ලෝකයේ සිටින්නේ අතලොස්සකි.එක් අතකින් ඔහු සිංහල සංගීත වංශ කතාවේ ප්‍රාසාංගික ගමන් මග වෙනස් කළ තනි තරුවකි.ඔහු අන් කවරෙකු නොව වික්ටර් රත්නායකයි.

    November 25, 2017, 4:05 pm0

    පළාත් පාලන ආයතන 93 කට නාමයෝජනා නොවැම්බර් 27 සිට.

    නොවැම්බර් මස 27 වැනි දා සිට දින 14 ක් අතුළත පළාත්පාලන ආයතන 93 ක ඡන්දය පැවැත්වීම සදහා නාම යෝජනා භාර ගැනීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.අද මැතිවරණ කොම්ෂමේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

    November 21, 2017, 5:00 pm0

    බැදුම්කර මගඩියෙන් යහපාලන ආණ්ඩුව ලත් තැනම ලොප්.

    රට තුළ අලුත් දේශපාලන සුළි කුණාටුවක් හමා ඒමේ ලක්ෂණ මතුවෙමින් තිබේ. ඉදිරියේ දී පැවැත්වෙන පළාත්පාලන ඡන්දයත්, යහපාලන ආණ්ඩුවේ එකගතා කාලය අවසන්වෙමින් පැවතීමත් , බැදුම්කර මගඩිය හෝ රට තුළ පවතින ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයත්, වගේම රට තුළ පවතින ආර්ථික අපහසුකම් එක තැන පල්වීමේ ස්භාවය මුළු රටේම මින්ස්සුන්ට හොදින් දැනෙන්නට පටන්ගෙන තිබේ.මෙය අකැමැත්තෙන් වුවත් සදහන් කළ යුතු කටුක යථාර්ථයයි.එක් දේශපාලන පක්ෂයක් බලයට ඒම වෙනුවෙන් ද, තවත් දේශපාලන පක්ෂයක් පරාජය කිරීම වෙනුවෙන් ද පෙනී සිටීමට සැබෑ නිදහස් මාධ්‍යයක නිරතවන අපට වුවමනාවක් නැත.

    November 20, 2017, 4:41 am0

    පාප් වහන්සේ සහ ලැම්බෝගිනිය.

    ලෝක ප්‍රකට ඉතාලි කාර් සමාගමක්වන ලැම්බෝගිනි සමාගම විසින් ෆ්රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරන ලද හරකන් (HURACAN) ( ස්පාඤ්ඤ නාමය hurricane 1879 යේ ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ගව පොර සදහා තරග කරන ලද ඉතාමත් දක්ෂ ගවයෙකුගේ නාමය සිහි කරමින් නිමවන කාණ්ඩයේ වාහනයකි.) වර්ගයේ සීමිත නිපයුමක්වන මෙම මෝටර් රථය , අති උතුම් ෆ්රැන්සිස් පාප්වහන්සේ වෙත තිලිණ කිරීම පසුගිය නොවැම්බර් 15 වන බදාදා වතිකානුවේ දී සිදු කරන ලදි.

    PREVIOUSNEXT