April 26, 2018

                                                               

Breaking News

          ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27             කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ             බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.             දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල             චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.      

News

    April 26, 2018, 11:44 am0

    ඓතිහාසික උතුරු - දකුණු කොරියන් නායක හමුව - අප්‍රේල් 27

    මේ වන විට ඒ අනුව (අප්‍රේල් 27 සිකුරාදා) උතුරු සහ දකුණු කොරියානු නායක හමුවට එක්වෙන දූත මණ්ඩල දෙක කොරියානු රාජ්‍යයන් දෙක විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් සිකුරාදා දෙරට අතර දේශ සීමාවේ යුද විරහිත කලාපයේ ගම්මානයක දී පළමුවරට මුණ ගැසෙනු ඇත.

    April 25, 2018, 7:38 pm0

    කැනඩා ටෙරොන්ටෝ රිය අනතුරකින් මිය ගිය ශ්‍රි ලංකාවේ රේනුකා අමරසිංහ

    කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් හරහා වෑන් රථයක් කඩාකප්පල්කාරී ලෙස කඩා වැදී සිදුකල අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

    April 25, 2018, 6:49 pm0

    බහුතර පාක්ෂිකයින්ගේ හඩ නො ඇසෙන එ,ජා,පක්ෂයේ සද්දන්ත බීරි අලි.

    චන්ද පැරදුනාම පහුගිය අවුරුදු 25 පුරාම එ,ජා,පක්ෂයේ තනතුරු වෙනස් කලාය. එහෙත් නායකත්වයේ වෙනසක් සිදු නොවුනි. මේවන විටත් පහුගිය පලාත් පාලන මැතිවරණය කුජූත ලෙස පැරදී සිටිය දීත් අායමත් අලුත් වෙනසක් කිරීමට සැරසෙමින් විළිරුදාවෙන් පෙලෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් මොර ගා හඩ ගා රටට කිවේය. එහෙත් අාරංවියේ හැටියට මේ වන විට මී පැටියෙකු වදා ඇති බව පෙනෙන්නට තිබේ. ඒ, ඉන්න අය අතරේම තනතුරු හුවමාරු කර ගැණිම තුලය.

    April 25, 2018, 4:29 pm0

    දේශපාලන අර්බුද අස්සේ මස්තබාල්දු වන රුපියල

    වර්ථමානයේ රටක් ලෙස ශ්‍රි ලංකාව මුහුණ දී සිටින තත්වය පිලිබදව රටේ සමස්ථ ජනතාවගෙන 95%ක්ම මේ වන විට සිටින්නේ ඉතාමත් හැගුම්බර කලකිරීමකින්ය. රටේ සමස්ථ මහජනතාවටම තමන් කල විශාල වැරද්දක් ලෙස අද ඇති වී තිබෙන දේශපාලන විකෘර්තිය තුලින් මේ අර්බුදය නිර්මානය වූ බව පිලිගෙන තිබේ. ඇති වී තිබෙන මෙම තත්වය ඉතිහාසයේ ඉංග්‍රිසින් මේ රට යටත් කරගත්තේ ද සිංහලයින්ගේ මෝඩ අමන ක්‍රියා නිසා බව ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් අපට පැහැදිලි වෙයි. එයට ඒ හරහා එකතු වූ සිංහල කියමනක් ද තිබේ . ඉගුරු දී මිරිස් ගත්තා වැනිය යන්න එම කියමනයි. අද ඇති වී තිබෙන සංසිද්දියට ද ඉතිහාසයේ එදා ඇති වී තිබූ සංසිද්ධිය හා සමපාතව හොදින් ගැලපේ.

    April 21, 2018, 5:27 pm0

    චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.

    දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා චාල්ස් කුමරු පත් කිරීමටපොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන් එකඟත්වය පළ කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරයි.

    April 21, 2018, 4:14 pm0

    උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.

    පසුගිය වකවානුවේ දැඩි මුරණ්ඩු පිලිවෙතක් අනුගමනය කරමින් උතුරු කොරියාව ලෝකයටම තර්ජනයක් එල්ල කරමින් නි්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරමින් යුධකාමී පිලිවෙතක නියැලුනේය. ලෝකයේ බලවත් රජ්‍යයන් සියල්ලටම තර්ජනය කලේය. ඇමරිකාවට සෘජු තර්ජන එල්ල කරමින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන තුට්ටුවකට මායිම් නොකලාය. එහෙත් කිසිවිටෙක ඇමරිකාව එයට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් නොවීය. ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කලේම උතුරු කොරියානු නායකයා සාම මාවතකට යොමු කර ගැණිමටය.මේ වන විට ඒ උත්සහය සාර්ථක වී ඇත.

    April 20, 2018, 5:39 am0

    ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී නිකුත් කල වාර්තාවට අනුව, 2017 දී ජී ඩී පී 2.6 ක දළ දේශීය නිෂ්පාදිතයෙන් හයවන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත් කර ඇත. ඉන්දියාවට මෙම ස්ථාවරයට පැමිනෙන විට ඔවුන්ට ඉදිරියෙන් සිටින්නේ . එක්සත් ජනපදය, චීනය, ජපානය, ජර්මනිය සහ එක්සත් රාජධානිය පමණි..

    April 20, 2018, 3:07 am0

    නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ

    මේ පින්තුරයේ සිටින්නේ අර්ජුන මහේන්ද්‍රන් නොවේ යයි කිසිවෙතුට කිව නොහැක. එමෙන්ම මෙහි පසුබිම සිංග්ගප්පූරුවේ බව එම රට පිළිබද අවබෝධයක් ඇති ඕනෑම අයෙකු දනී. එහෙත් නිශ්චිතවම මෙම පින්තූරය මෑත කාලයේ එකක් යයි අපට 100% තහවුරු කළ නොහැක. මෙම පින්තූරය අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි. මාධ්‍ය ක්ෂත්‍රයේ නියැලෙන්නන් ව්‍යාජ පුවත් ඉදිරිපත් කර ජනතාව නොමග යැවීමට අවශ්‍යතාවයක් නැති බව අප තරයේම විශ්වාස කරමු . ජනතාව වෙනුවෙන් පෙනී මාධ්‍යයක ප්‍රමුඛතාවය වන්නේ සත්‍ය ඉදිරිපත් කිරීමයි. එහෙයින්ම මෙම පින්තූරය සත්‍ය එකක් ලෙස අප විශ්වාස කරමු. සිංගප්පූරුවේ සිටින ශ්‍රි ලංකිකයෙකු විසින් හොර රහසේම ලබාගත් මෙම පින්තුරය මේ වන විය සමාජ මාධ්‍යන් හී හුවමාරු වෙමින් පවතී.

    April 14, 2018, 5:37 am0

    ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.

    මේ වන විට දැඩි ලෙස ජනතාව අතර අප්‍රසාදයටත් මෙන්ම විරෝධයට බදුන් වෙමින් කම්කරු පන්තිය ද නොසලකා හරිමින් ක්‍රියා කරන මේ රජය සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් බැඳී නොසිට ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කළ බව එහි ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    April 11, 2018, 4:24 pm0

    යහපාලන ආණ්ඩුවේ කැල්ලක් ගැලවෙයි 16ක් විපක්ෂයට

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දුන්් බව මාධ්‍ය හමුවේ ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා ඇත.

    April 10, 2018, 12:47 am0

    අගමැතිට එරෙහි වූ ඇමතිවරු කැබිනට් රැස්වීමට ද නොයයි.

    විශ්ශ්‍වාසභංගයේ දී පක්ෂව චන්දය ලබා දුන් ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස් වී තිරණය කර ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස මෙය සිදු කරන බව සදහන්ය.

    April 10, 2018, 12:23 am0

    ඩුබායි රැකියා සදහා චරිත සහතික ඉල්ලීම තාවකාලිකව නවතයි.

    ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (09) නිවේදනය කර ඇත.

    NEXT