April 25, 2018

                                                               

Breaking News

          චාල්ස් කුමරු පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත්වෙයි.             උතුරු කොරියාව ශක්තිමත් බලවතෙක් ලෙස ලෝක සාමයට දෑත් දිගු කරයි.             ඉන්දියාව ලොව 6 වන ආර්ථක බලවතා වෙයි.             නිතියේ හිදැසින් සහ දේශපාලකයින්ගේ රැකවරණ මත අර්ජුන මහේන්ද්‍රන් නිදැල්ලේ             ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.      

දවසේ පුවත

    April 10, 2018, 12:23 am 0

    ඩුබායි රැකියා සදහා චරිත සහතික ඉල්ලීම තාවකාලිකව නවතයි.

    ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (09) නිවේදනය කර ඇත.

දසත පුවත්

    February 7, 2018, 2:39 am 0

    උදයංග වීරතුංග රැගෙන ඒමට නිලධාරීන් ඩුබායි යයි.

    ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කරයි.

    January 25, 2018, 3:01 am 0

    ෆෙයාවේ ගාලු සාහිත්‍ය උළෙල ආරම්භ වෙයි.

    අන්තර්ජාතික සහයෝගීතාවය මූලික කරගනිමින් වසරක් පාසා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ගාලු සාහිත්‍ය උත්සවය ඊයේ ( 24) ගාල්ලේ දී ආරම්භ විය.දින පහක් මුළුල්ලේ පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවයේ මෙවර දෙවන වරටත් සිංහල බස සඳහා දිනයක් වෙන් කර තිබීම විශේෂත්වයකි.ඒ අතර දෙවෙනි වරටත් 27 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත සිංහල දිනයේ වැඩසටහන් සඳහා නොමිලේ සහභාගිවිය හැකිය.

    January 24, 2018, 3:24 am 0

    එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය ( ගගන විද්‍යා විශ්වවිද්‍යාලය) පළමු වරට ශ්‍රී ලංකාවේ පාඨමාලා ආරම්භ කරයි

    ලොව විශාලතම හා කීර්තිමත්ම ගගන විද්‍යා විශ්වවිද්‍යාලය වන එම්බිර් - රිඩ්ල් විශ්වවිද්‍යාලය පළමු වරට ඇමෙරිකාවෙන් බැහැරව ද්විතීයික බඳවාගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාවෙන් ආරම්භ කර තිබේ. ගේට්වේ විද්‍යාලයේ උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අංශයේ එම්බිර් - රිඩ්ල් හවුල මඟින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ නිල ආරම්භය පසුගිය 19 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සිදුකෙරිණි.

    January 23, 2018, 2:58 pm 0

    සිංගප්පූරුව ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමකට අත්සන් තබයි.

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. මේ අවස්ථාවේදී සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පැවසුවේය.

    January 22, 2018, 3:56 pm 0

    ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.

    ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති උපදේශකවරවයකු ලෙස සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ මහතා ඊයේ (21) අභාවප්‍රාප්ත විය.ලක්බිම සහ ඉරුදින පුවත්පත්වල ප්‍රධාන කතුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු 1983 දී මාධ්‍ය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ දිවයින පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙසය .දිවයින පුවත්පත් නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් උසස්වීමක් ලද වැල්ලබඩ මහතා පසුව ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගියේය. අනතුරුව ඉරුදින පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විය

    January 22, 2018, 2:30 pm 0

    අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !

    නෙවිල් ප්‍රනාන්දුගේ අයිතියෙන් සයිටම් ආයතනය ඉවත් කර නැවත එය ස්ලිට් එකට පවරා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග යළි අධ්‍යාපනය විකිණිමට රජය දරණ උත්සාහයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධය දක්වන බව එහි කැදවුම්කරු ලහිරු විජේසේකර අද (22)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. මෙම මාධ්‍ය හමුව පැවතියේ කොල්ලුපිටියේ පිහිටි ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයේ දීය.

    January 22, 2018, 4:51 am 0

    බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.

    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා භූමියේ පසුගිය සිකුරාදා දිනයේ දී බෝම්මයක් පිපිරී ගොස් තිබේ.පසුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී බුද්ධගයා මහාබෝධි විහාරස්‌ථාන පරිශ්‍රයේ තිබී කිලෝ දහය බැගින් බරැති බෝම්බ දෙකක්‌ හමුවීම නිසා එහි ආරක්‌ෂාව තරකර ඇති බව වාර්තාවේ.

    January 21, 2018, 4:30 pm 0

    මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය

    පළාත් පාලන මැතිවරණ දිනය කෙමෙන් ළං ‍වෙමින් පවතී.ඡන්දය පැවැත්වෙන්නේ පෙබරවාරී මස 10 වැනිදාය . මෙවර පළාත් පාලන මැතිවරණය ලාංකීය සමාජයට නව දේශපාලන අත්දැකීමක් සපයන අවස්ථාවකි. මෙය කේවල හා සමානුපාතික මිශ්‍ර මැතිවරණයක් වීම ඊට හේතුවයි. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව ඡන්ද කොට්ඨාස මට්ටමින් මන්ත්‍රිවරු 60%ක්ද සමානුපාතික ලෙස 40%ක් ද පත්කර ගැනෙති. එමෙන්ම මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී දශක කිහිපයක් පැවැති මනාප ක්‍රමයද අහෝසි වී ඇත. ඒ වෙනුවට ඡන්ද ප්‍රකාශ කෙරෙන්නේ දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලටයි.

    PREVIOUSNEXT