April 19, 2018

                                                               

Breaking News

          ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.             යහපාලන ආණ්ඩුවේ කැල්ලක් ගැලවෙයි 16ක් විපක්ෂයට             අගමැතිට එරෙහි වූ ඇමතිවරු කැබිනට් රැස්වීමට ද නොයයි.             ඩුබායි රැකියා සදහා චරිත සහතික ඉල්ලීම තාවකාලිකව නවතයි.             එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අවුලෙන්, රටත් අවු‍ලෙන් අවුලට      

දවසේ පුවත

    April 10, 2018, 12:23 am 0

    ඩුබායි රැකියා සදහා චරිත සහතික ඉල්ලීම තාවකාලිකව නවතයි.

    ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි සහ උතුරු එමිරේටය සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අද (09) නිවේදනය කර ඇත.

දසත පුවත්

    March 10, 2018, 4:08 pm 0

    අවස්ථාව ලද සැනින් දේශපාලන ආගමනයට ගෝඨාගේ කැමැත්ත.

    සෑම පුද්ගයෙක්ම දේශපාලන සත්වයෙකි, යනුවෙන් කියමනක් තිබේ. එසේ වුවත් සවිඥාණික දේශපාලන අවබෝධයක් ඇත්තේ සීමිත ජනකොට්ඨාශයකට පමණි . බොහෝ මහජන නියෝජිතයින්ද දේශපාලනික අවබෝධයකින් තොරව රැකියාවක් ලෙස දේශපාලන කරන බව බැලූ බැල්මටම තුන්වන ලෝකයේ රටවලින් දැකිය හැකි ප්‍රවණතාවයකි.සාම්ප්‍රදායික මෙන්ම පරාම්පරිකව පවුල් පසුබිම මත මෙන්ම පක්ෂ දේශපාලනය සෑම රටකටම පොදු වූ කාරණයකි. එසේ වුවත් වර්තමානයේ ලෝක දේශපාලනය හැසිරෙන අාකාරය දෙස බලන විට එය සම්ප්‍රදායික රටාවෙන් මිදී අවස්ථාණුකූලව සමාජ හැසිරීම් රටාව මෙන්ම එහි අවශ්‍යතාවයන් මත පුද්ගල නායකත්වය තොරා ගැණිම දැකිය හැක.උදාහණයක් ලෙස සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් හිමි ඇමරිකාවේද සම්ප්‍රදායික රටාවෙන් මිදී දේශපාලක නායකත්වය තොරා ගැණිම ඩොනල් ට්‍රම්ප් වැනි අය තොරා ගැණිම පෙන්වා දිය හැක.

    March 9, 2018, 2:43 pm 0

    අධ්‍යාපන ණය සදහා සිසුන්ගේ උනන්දු අඩුයි - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

    රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟතාවය පළ කර ඇත.මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුනාගත් ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත.

    March 8, 2018, 6:21 am 0

    මුලධර්මවාදයට එරෙහි වීම ලෝකය පුරාම සිදුවන්නක්- මහනුවර සිද්ධිය පිළිබද ඇමති- චම්පික කතාකරයි.

    ජාතික හෙල උරුමයේ මහ ලේකම් ඇමති පාටලී චම්පික රණවක විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත් කර තිබූ නිවේදනයක් මෙහි දැක්වෙයි.

    March 7, 2018, 5:20 pm 0

    ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රචණ්ඩ ක්‍රියා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරය

    ජනප්‍රිය සංචාර දිස්ත්‍රික්කයක්වන මහනුවර ජනවාර්ගික විරෝධී කැරලි වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇත.අඹතැන්නේ බෞද්ධ විහාරයකට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ කටකතා ද මහනුවර දිස්ත්‍රික්කය පුරා පැතිරී ඇත. මිය ගිය පුද්ගලයන්ගෙන් එක් අයෙක් හෘදයාබාධයකට ලක්වීමෙන් ඔහුගේ සාප්පුවේ දී මිය ගොස් ඇති අතර තවත් මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර තවත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි.

    March 7, 2018, 11:59 am 0

    ප්‍රචණ්ඩත්වයෙන් හැසිරීම රටට හානියක්. හිටපු ජනාධිපති මහින්ද

    බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පවතින් තත්ත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ නොදිය යුතු අතර පළමු නිදහස් ආණ්ඩුවට සමානව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවතත් මෙරට තුළ ගොඩනැංවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ. මේ රට අස්ථාවර කිරීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග රට බෙදා වෙන් කිරීමට ගෙනවිත් ඇති ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් රට තුළ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බැවින් මෙවන් අවස්ථාවල ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ. එම නිවේදනය වැඩිදුරටත් මෙසේ වේ.

    March 7, 2018, 11:18 am 0

    හතුරා - පරාජිතයින්ට ජය ගෙනෙයි- ඉන්දීයව පරදා ශ‍්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්..

    පසුගිය කාලයේම අපි ක්‍රිකට් බැලුවේ නැත . අලුත් ක්‍රිඩකයින්ගේ නම් වත් නොදන්නා තැනට පත් වී තිබුනි. එහෙත් හතුරුසිංහගේ පැමිණිමත් සමග පරණ ක්‍රිකට් මතකයට නැගිණි.දැන් යලිත් ක්‍රිකට් වසන්තය ආරම්බ වූවා යැයි සිතේ . හතුරුසිංහ අපේ පැරණි දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයා වර්ථමාන ක්‍රිකට් කණ්ඩායමට යලි ජීවය ලබා දී තිබේ.ඒදා ඔහු ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙසත් අද ක්‍රිකට් පුහුණු කරුවෙතු ලෙසත් තමන් සැබෑ දක්ෂයෙක් බව පෙන්වා දී ඇත.අන්ත පරාජීත අඩියක සිටි ශ්‍රි ලංකා කණ්ඩායම පහුගිය බංගලාදේශ සංචාරය ජයග්‍රාහී ලෙස නිමකල අයුරුත් ඊයේ 20 - 20 ඉන්දියාවට එරෙහිව ජය ගත් අාකාරයත් අප සතුටින් බලා සිටියෙමු.

    March 7, 2018, 11:06 am 0

    ගැටුම්වලට වගකිව යුත්තේ අගමැතියි.. – ඥාණසාර හිමියෝ කියයි.

    ජීනීවා මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය එනවිටම රට තුළ සිංහල මුස්ලිම් ගැටුමක් ආරම්භ වීම සම්බන්ධයෙන් රටේ නායකයන් සහ ආරක්ෂක අංශ සොයා බැලිය යුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ (6) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    March 4, 2018, 2:30 pm 0

    මෙවර මැතිවරණයේදී ජ,වි,පේ ලත් එකම ජයග්‍රහණය

    2018 පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස 4917 අතරින්, ජනතා විමුක්ති පෙරමුණට ජයගත හැකි වුනේ එක් ඡන්ද කොට්ඨාසයක් පමණි. ජනතා විමුක්ති පෙරමුණට මුළු දිවයිනෙන් ම කොට්ඨාසයක් දිනා දීමට සමත්වූයේ පියසේන ප්‍රනාන්දු, මහතා නියෝජනය කල පානදුර නගර සභාවට අයත් වෑකඩ උතුර චන්ද කොට්ඨාශයයි. වයස අවුරුදු 74 ක් වන පියසේන ප්‍රනාන්දු 2003 වසරේදී ජවිපෙට සම්බන්ධ වූ අතර පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙයි.

    PREVIOUSNEXT