January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

දවසේ පුවත

    January 16, 2018, 5:56 pm 0

    එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.

    එජාපයේ ඇතැම් පසුපෙළ මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.මෙම අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ විවේචනාත්මක කථාවක් ද කර ඇති බව පැවසේ.

දසත පුවත්

    January 7, 2018, 5:02 pm 0

    දිවයින පුරා ශීතල කාලගුණ තත්වයක් -නුවරඑළියට මල් තුහින

    මේ දිනවල දිවයින පුරා උදේ සහ හවස් කාලයේදී දැඩි ශිතල කාළගුණ තත්වයක් දක්නට ලැබෙන අතර මෙම තත්වය ලබන 10 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    January 4, 2018, 6:10 am 0

    ත්‍රී රෝද රථ ලියාපදිංචිය 50% කින් අඩු වෙයි - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

    ත්‍රී රෝද රථ ලියාපදිංචිය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි..පසුගිය වසරේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 50කින් පමණ අඩු වී ඇති බව මෝට රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.2016 වසරේ දී ත්‍රීරෝද රථ 56,945 ක් ලියා පදිංචි කර ඇති අතර 2017 දී එය 23,395 ක් ලෙස අඩුවී තිබේ.

    January 4, 2018, 5:08 am 0

    ජනවාරී 04 :ළමා හිංසනයට එරෙහි ජාතික දිනය.

    අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වන අතර 2008 වර්ෂයේ සිට සෑම වසරකම ජනවාරී 04 වැනදා දිනය ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස නම් කර තිබේ.ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මකවීම සහ ළමා අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම දිනය නම් කර තිබේ.ජාතික ළමා රක්ෂක අධිකාරීයේ මෙහෙයවීමෙන් ළමා අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එහි සභාපතිනී මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

    January 3, 2018, 6:14 am 0

    ඊ . ටී. අයි. ස්වර්ණමහල් සහ ස්වර්ණවාහිනියට මහ බැංකුව වග කියයි.

    ඊ .ඒ.පී. , ඊ ටී.අයි, ස්වර්ණමහල් , ස්වර්ණවාහිනී , ඊ.ටී.වී. යන ආයතන මේ රටේ නොදන්නා පුද්ගලයෙකු නැත.එහි හිමිකාරිය වුයේ කළකදී දිවයිනේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාව වූ සෝමා එදිරිසිංහ බව ද ලාංකික ඕනෑම අයෙකු දන්නේය.ඇය මේ රට තුළ බෙහෙවින් ජනප්‍රිය කාන්තාවක වූවාය. සිනමා කේෂ්ත්‍රය මෙන්ම ස්වර්ණාභරණ කේෂ්ත්‍රයේ ද ඉහළින් වැජඹුණූ මෙම ආයතන සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව සාර්ථකව ලෙස ඉදිරියට ගෙන යාමට කිසිවකු නොවුයේ ය.ඒ සියල්ල බංකොලොත් වී ඇද වැටී ඇත.එක් අතකින් මෙය සාමාන්‍ය තත්වයකි.බොහෝ ව්‍යාපාරවල ආරම්භකයින් මියගිය පසු ඒවා පවත්වාගෙන යාමට ඊළග පරම්පරාවට නොහැකි වීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද දැකිය හැකි ප්‍රවණතාවයකි.

    January 2, 2018, 3:43 pm 0

    මහරගම අපේක්ෂා රෝහලට P‍ET ස්කෑන් යන්ත්‍රය ලැබේ.

    දිගු කාලයක සිට මහරගම අපේක්ෂා රෝහල බලාපොරොත්තුවෙන් සිටි, මහජන මුදලින් මිලට ගත් PET ස්කෑන් යන්ත්‍රය(පොසිට්‍රෝන් විමෝචන ටොටෝග්‍රැපි) ජනවාරී මස 25 වන දින ස්ථාපිත කිරීම ආරම්භ කරන බව කදීජා අරමුදලේ සභාපති මෙන්ම ෆයිටර් කැන්සර් නිර්මාතෘ වෛද්‍ය එම්.එස්.එච්. මොහොමඩ් මහතා ඊයේ ප්‍රකාශ කළේය.

    January 2, 2018, 6:38 am 0

    බැදුම්කරය රට කළඹයි ? අද හෙටම දේශපාලන තත්වය උඩුයටිකුරු වෙයි.

    2017 වර්ෂය අවසන් වී නව වසරක් උදාවී ඇත.නව වර්ෂයේ රට තුල ක්‍රියාත්මක වූ වූ කිසිදු ධනාත්මක ක්‍රියාවලියක් තුළීන් ඇති වූ යහපත් ප්‍රතිපළුයක් නොවීය.සියල්ල අයපත් අතට සිදුවූ වර්ෂයකි.අර්බුද ,වැඩවර්ජන දේශපාලන, ආරවුල් මෙන්ම විවිධාකාරයේ හදිසි ආපදාවලින් ඇති වු ජීවිත අනතුරු යනාදි මෙකී නොකී අයහපත් දේ සිදු වෙමින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැමිණ වර්ෂය අවසන් කර ඇත.

    January 1, 2018, 10:54 am 0

    ශ්‍රී ලංකාවේ ඉහළ රැකිියාවල සේවයට පිටරැටියන් 25 000ක්

    අද වන විට ශ්‍රී ලංකාව තුළ වැඩිම විදේශ ආයෝජන සිදු කරමින් සිටින්නේ චීනය හා ඉන්දියාවයි.රජයට අයත් ව්‍යාපෘති , හෝටල් මහල් නිවාස සහ අනෙකුත් නිෂ්පාදන කේෂ්ත්‍ර මේ අයෝජනයන්ට ඇතුලත් ය. මේවායේ සේවය කරන,විධායක මට්ටමේ සියළුම තනතුරු සදහා පුද්ගලයින් එම ව්‍යාපෘති මෙහෙයවන රවලින් පැමිණන සේවය කරයි.ඒ අනුව එවැනි පිරිස 25 000 ක් පමණ මේවන විට මෙරට සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු හෙළි කරයි.

    January 1, 2018, 8:09 am 0

    2018 ජන( 01) සිට පොලිතීන් තහනම ක්‍රියාත්මකයි.

    පසුගිය 2017 වසරේ පනවන්නට යෙදුණ ඝනත්වයෙන් වැඩි නොදිරන පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම මුළුමණින්ම තහනම් කිරීම ජනවාරි (1) සිට ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය දන්වා සිටී.

    PREVIOUSNEXT