April 19, 2018

                                                               

Breaking News

          ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් පක්ෂයෙන් නිදහස් වෙයි.             යහපාලන ආණ්ඩුවේ කැල්ලක් ගැලවෙයි 16ක් විපක්ෂයට             අගමැතිට එරෙහි වූ ඇමතිවරු කැබිනට් රැස්වීමට ද නොයයි.             ඩුබායි රැකියා සදහා චරිත සහතික ඉල්ලීම තාවකාලිකව නවතයි.             එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අවුලෙන්, රටත් අවු‍ලෙන් අවුලට      

දවසේ පුවත

    March 8, 2018, 3:15 am 0

    දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද නිදහස් චතුරශ්‍රයේ දී

    අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (08) දින රජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය.ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර මාර්තු 08 දින ප.ව.1.30ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතය. ආදාහන පූජෝත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අසළ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර ආදාහන පූජෝත්සවයේ කටයුතු ප.ව 2.30 ට ආරම්භ වීමට නියමිත ය.

දසත පුවත්

    November 5, 2017, 3:26 pm 0

    ඛණිජ තෙල් අර්බුදය හේතුවෙන්, හෙට සිට රට තුළ දෛනික කටයුතු අඩාල වීමේ අවධානමක්.

    බලධාරීන් විසින් ඉන්ධන සැපයුම යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි පැවසුවත් ,සත්‍ය වශයෙන්ම තව දුරටත් රට පුරාම ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ .හෙට දිනය තුළ දී ඉන්ධන බෙදා හැරීම යථාතත්වයට පත් නොවුවහොත්, අගහරුවාදා (7) දිනය වන විට රට තුළ දෛනික කටයුතු අඩපන වීමේ අවධානමක් පවතී.

    November 4, 2017, 2:31 pm 0

    අනවසරයෙන් ඉතාලියට සංක්‍රමණයවීමේ දී අනතුරට පත් යාත්‍රාවේ - ශ්‍රී ලාංකිකයින්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මධ්‍යධරණී මුහුදේ දී නොවම්බර් (02) දින අනතුරට පත් නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ගමන් ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    November 3, 2017, 4:09 pm 0

    අමර සඳ බැස ගොසින් ගෙවුණි වසරක්, අද දිනට.

    ලාංකීය සංගීතයේ සුභාවිත සලකුණ වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය අවසන් සුසුම වාතලයට මුසු කළේ අදවන් දිනකදී්ය. (නොවම්බර් 03) තම දීර්ඝ ජීවන ගමනේ අඩකටත් වැඩි කාලයක් ලාංකීය සංගීතය වෙනුවෙන් කැප කළ අමරදේවයාණෝ රූප කායෙන් සමුගෙන ගියත්, හඬ පෞර්ෂයෙන් කිසිදා අප හැර නොයන්නේය. ඊයේ ද අද ද හෙට ද ඔහුගේ ගීත සහෘද සවන් පිනවන්නේය.

    November 3, 2017, 12:17 pm 0

    ඒකාබද්ධය හා S.L.F. P, අතර නොකෙරෙන දීගෙක කොන්දේසි 7 .

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වීමට නම්, කොන්දේසි 7කට එකඟවිය යුතු බව, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ ලිපියක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක වෙත යවා තිබේ.

    November 3, 2017, 10:35 am 0

    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 4.1 % ක්, දිළින්දන්ය.

    රටක ජනගහණයෙන් සැලකිව යුතු ප්‍රතිශතයක් දිළින්දන් වීම තුළ,පෙන්නුම් කරන්නේ එය එම රටේ ආර්ථික සමබරතාවයේ ගිළිහී යාමක් ලෙසයි.මිනිසුන් දුගීවීම, රැකියා විරහිතවීම, ආදායම් උත්පාදනය නොවීම, යන මේවා හේතුන්ය. ගැටළුවට විසදුම් ඇත්තේ කොහේද? මේවාට බලපාන හේතු සාධක මොනවාද ? නූගත්කම ද ? එසේ නොමැති නම් වෙනයම් හේතූන්ද ? රජයේ වගකීම මොවුන් පිළිබද සොයා බැලීමයි. මසකට රුපියල් 4166.00 වඩා අවම ආදායමක් ලැබෙනවා යන්නේන්, අදහස් වන්නේ මේ ගණයට අයත් පුද්ගලයින් හෝ පවුල් කිසියම් හෝ රැකියාවක නිරත නොවීමයි.

    November 2, 2017, 3:35 pm 0

    ට්‍රම්ප් ත්‍රස්තවාදය මුවාවෙන්, ග්‍රීන් කාඞ් සිහිනය බිඳ දමයි.

    ලෝකයේ දියුණුම සහ ශක්තිමත්ම රාජ්‍යයක් සේ සලකන ඇමරිකා එක්සත් ජනපදය තුළ ජීවත්වීමට මෙන්ම එහි පුරවැසියෙකු වීම ලෝකයේ සෙසු රටවල මිනිසුන්ගේ සිහිනයකි. ඒ සඳහා ලොතරයි ක්‍රමයට වාසනාවන්තයින් තෝරා ගෙන ඔවුන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබාදීමේ වැඩපිළිවල ග්‍රීන් කාඞ් ලොතරයි වැඩසටහන ලෙස හැදින්වෙයි.

    November 2, 2017, 6:55 am 0

    ද්ත්ව පුරවැසි භාවය ගීතාගේ මන්ත්‍රී ධූරය අහිමි කරයි

    රිදී තිරයේ ආකර්ෂණීය චරිතයක් වූ ගීතා කුමාරසිංහ ලාංකීය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයකි එකී ජනප්‍රිය බව උපයෝගී කර ගනිමින් තම උපන් ගමට සේවයක් කළ යුතු බව පවසමින් ඇය පළමුවෙන්ම පොදු ජන එක්සත් පෙරමුණෙන් දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවාය.

    October 29, 2017, 4:51 pm 0

    මුරලිදරන් ක්‍රිකට් ගැන කතා කරයි

    මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ හොඳම කඩුලු දඩයම්කරුය. එකල මුරලිගේ පන්දුවකට හසු නොවූ පිතිකරුවෙකු ලොව සොයාගත නොහැකි තරම්ය. ඔහුගේ අසාමාන්‍ය දඟපන්දුවේ ජවය හේතුවෙන් තවත් වසර සිය ගණනකට බිඳිය නොහැකි ලොව ටෙස්ට් සහ එක් දින වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද මුරලිගේ නම ඉදිරියේ සටහන් වී තිබේ. මෙවැනි හපන්කම් කළ ක්‍රිකට් වීරයෙකුගෙන් මෙරට ක්‍රිකට්වලට නෙළාගත හැකි ඥනය කොතරම් තිබේද?නමුත් මුරලි ඔහුගේ පාඩුවේ පැත්තකට වී සිටී. ඔහුට කිසිවකුගෙන් ආරාධනාවක් ද නැත. මේ මුරලි සමඟ කළ සාකච්චාවක උපුටා ගැනීමකි.

    PREVIOUSNEXT