January 23, 2018

                                                               

Breaking News

          සිංගප්පූරුව ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමකට අත්සන් තබයි.             ගුරුවරියක දණ ගැස්සූ ඌව මහ ඇමති උසාවිය ඉදිරියේ දණ නමයි.             ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.      

දවසේ පුවත

    January 3, 2018, 3:17 pm 0

    බැදුම්කරයෙන් ඇලෝසියස් : මාස පහක් තුළ ලැබූ මිලියන 11,145 ක ලාභය ඉතිහාස ගත වෙයි.

    මහ බැංකු බැදුම්කර වංචාවට අදාල ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව පසුගිය ද‍ෙසැම්බර් 30 වන දින ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදී. ඉන් පසු ජනාධිපතිවරයා විසින් 2018 ජනාවාරි 03 වන දින මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් අදාල වාර්තාවේ සම්පිණ්ඩනයක් ජනතාව හමුවේ තබන ලදි.ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එකී වාර්තාව පහත පරිදිවේ. ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යාපාරික ආයතනයක් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන එකොළොස් දාස් එකසිය හතලිස් පහක්( මිලියන 11145 ) ලාභයක් ලබා නැත.එහෙත් අර්ජුන ඇලෝසියස් සභාපතිත්වය දැරූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එවැනි ලාභයක් ලැබීම මෙම වංචාවේ බරපතලකම කොතෙක් ද යන්න ඒත්තු ගන්වයි.එහෙයින් මෙම කොමිසමේ නිර්දේශ මත මෙයට වගකිව යුතු පාර්ෂවයන්ට නීතියෙන් දඩුවම් ලබා දීම කළ යුතු ආකාරය නිර්දේශ කර ඇත.ඒ අනුව රවි කරුණානායක පැහැදිලි චූදිතයෙකු ලෙස නම් කිරීමත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බ්න්ධ සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කිරීම, ඔහු විසින් නොකළ යුතුව තිබූ බව කොමිසම් වාර්තාවේ සදහන්වේ.

දසත පුවත්

    October 13, 2017, 8:56 am 0

    සමාජයෙන් ගැරහුම් ලබන, බුදුන් නොදුටු නූතන දෙව්දත් - සමන්තභද්‍ර

    කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන පිටිදූවේ සිරිධම්ම හිමි කළක් දක්ෂ මෙන්ම විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රකටව සිටියහ. බුදු දහම හා විද්‍යාව සංසන්දනය කරමින් මිනිසුන්ට කාවදින ලෙස ධර්මය දේශනා කළ උන්වහන්සේ සැබවින්ම ජනප්‍රිය චරිතයක් විය. ධර්මය පිළිබඳ මනා දැනුම ද විද්‍යාව පිළිබඳ දැනුම ද පාදක කරගනිමින් නවමු මඟක් ඔස්සේ ආකර්ෂණීය ලෙස පොදුජනයාට ධර්ම කාරණා වටහා දීමට උන්වහන්සේ උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙසම පිටිදූවේ හිමියන් වටා සිවිල් බලයක් ගොඩ නැගුණේ ක්‍රම ක්‍රමයෙනි. සැබවින්ම බුද්ධිමත් සංඝයා වහන්සේ නමක් වූ උන්වහන්සේ එය තේරුම් ගෙන එකී සිවිල් බලය තම චරිතය ඔප්නංවා ගැනීමට යොදාගත් බවක් පසුගිය කාලයේ අපට දක්නට ලැබුණි.

    October 11, 2017, 8:35 am 0

    ජනාධිපතිගේ සෘජු තීරණ ඵලදරයි, බැදුම්කරය කොහෙන් කෙළවර වෙයිද?.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සෘජු තීරණයක් ලෙස යට ගැසෙමින් තිබූ බැදුම්කර මගඩියේ නිවරදි තොරතුරු හෙළිකර ගැනීම සඳහා පත් කළ ජනාධිපති විමර්ණන කොමිසම විසින් සාක්ෂි විභාග කරමින් පවතින මේ වකවානුව අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක් බවට පත්වෙමින් තිබේ.

    October 10, 2017, 6:34 pm 0

    අර්ජුනට ක්‍රිකට් ගැන කතා කිරීමට අයිතියක් ඇත.

    මහා නියඟයෙන් පසු ඇදහැළුණු පොද වැස්සක් සේ පසුගිය දා පකිස්තානයට එරෙහිව ලැබූ ටෙස් ජය සැලකිය හැකියි. එයින් ක්‍රිකට් ක්‍රිඩාවේ සියලු ප්‍රශ්ණ විසදුනා යැයි සිතනවා නම්, එය දේශපාලකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සිහිනයකි. ක්‍රිකට් පිළිබද සැබෑ උවමනාවක් මෙන්ම ඒ පිළිබද ඉහළම දැනුමකින් අදහස් දැක්විමට සුදුස්සා අර්ජුන රණතුංග හැර වෙන කිසිවෙක් සිටීද?. ක්‍රිකට් ජයග්‍රහණයේ නියමුවා වන රණතුංගට ක්‍රිකට් පරිපාලනය නුසුදුසු වන්නේ කෙසේද?.ඔහු මේ තනතුරු වලට නොගැලපෙන්න ප්‍රධාන හේතුව ක්‍රිකට් පරිපාලනය මුදලාලිකරණය වීම නොවේද?. ඔහු සැමදා මේ මුදලාලිකරණයට එරෙහිව කතා කළ අයෙකි. අද ක්‍රිඩාව විනාශ වී යද්දී ඒ වේදනාව අවංකවම ඔහුට දැනෙන්නේ , ඔහු ක්‍රිකට් නිසා අසීමිත සතුටක් මෙන්ම ජයග්‍රහණයන් ද ලැබූ අයෙකු හෙයිනි. එය ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ වෙනත් ආකාරයකටය. එසේ දැණුන ප්‍රේක්ෂකයින් සේ පෙනී සිටින අය පිටිය මැදට පැමිණ ක්‍රිඩකයින්ට උපදෙස් දීමට උත්සාහ කළහොත් ක්‍රිඩකයින්ගේ තත්වය කුමක්ද?. අද උදා වී ඇත්තේ එවැනි තත්වයකි.

    October 10, 2017, 3:42 pm 0

    සතියේ දේශපාලන වගතුග - 10/10/2017

    සතියක් ගෙවී ගොස් තවත් සතියක් ආරම්භ වීමත් සමග හැම මොහොතකම අලුත්වන දේශපාලන තොරතුරු අසන්නට ලැබේ.පසුගිය සතියේ දේශපාලන කරළියේ උණුසුම් වූ කාරණා අතර විශේෂත්වයක් ගනුයේ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරිත්වයයි.ඔවුන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය අරමුණු කර ගනිමින් විවිධාකාරයේ උණුසුම් පුවත් මවමින් රට තුළ ආණ්ඩු විරෝධී දේශපාලන මතවාදයක් ගොඩ නැගීමට උත්සාහ කරයි.

    October 9, 2017, 6:37 am 0

    තමන්ට තමන් වීම තරම් තෘප්තියක් තිබේද ?.

    මීට විසි වසරකට පමණ පෙර මා සමඟ ගුවන් විදුලි සාකච්ඡාවකට එක් වූ ජගත් කීර්තිධර චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද පැවසූ එක් රන් වැකියක් තමත් මා සවනෙයි රැව් දෙයි. මම නම් හැමෝටම කියන්නේ තමන් වෙන්න කියලයි. ඒ කියුමෙහි පණිවිඩය එදාට වඩා අද අර්ථවත් වෙතැයි මට හැඟෙන්නේ, අනුන්ගේ කාඞ්බෝඞ් අනුකරණ වෙන්නට තැත් දරන්නවුන් එදාටක් වඩා අද හමුවන හෙයිනි. අයින්ස්ටයින් වෙන්න රසල් වෙන්න රුක්මණී වෙන්න මදර් තෙරේසා වෙන්න වැනි ඔවදන් ලබන දරුවන් ගැන සිතන විටය.එයාට පුළුවන් හැම දේම ඔයාට පුළුවන්, හැමෝටම තියෙන්නේ එකම මොළය යැයි, කියන විට ධනාත්මක චින්තනය නම් ඒය තමා යැයි සිතමින් කාඞ්බෝඞ් අහවලුන් වන්නට දිරි දරන දරුවන් ලොව පුරා ඇතිවන්නට පුළුවන

    October 6, 2017, 6:49 am 0

    අද සම්මාන ආචාර්ය උපාධියෙන් පිදුම් ලබන විශාරද නන්දා මාලනිය.

    අද (06)කොළඹ බණඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී විශාරද නන්දා මාලනිය සම්මාන ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීමට නියමිතය.මෙහි විශේෂත්වය වන්නේ මෙරට සංගීත ඉතිහාසයේ ප්‍රථමවරට සම්මාන ආචාර්ය උපාධියක් ලබන ගායිකාව ඇයවීමයි.සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති සගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වේ.

    October 5, 2017, 8:45 am 0

    ජනාධිපති, එපා කියන විධායකය SLFP යට ඕන වෙන්නේ ඇයි - ඇමති රාජිත සේනාරත්න

    නොවැම්බර් (04) දා ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ දී පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයැයි කියන මතයේ දැනට සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බවයි.

    October 5, 2017, 7:34 am 0

    අඞන්නට සිටි මිනිසාට ඇගිල්ලෙන් ඇනීම.

    පසුගිය දිනවලදී ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමෙන් පසු ආපනශාලා හිමියන් ද තම නිශ්පාදන වල මිල ද ඉහත දමන ලදී .ඒ කිනම් මිල සූත්‍රයකට අදාළව ද යන්න පොදු පාරිභෝගිකයන්ට ගැටළුවකි. උදාහරණයක් ලෙස තේ එකක මිල රුපියල් පහකින් වැඩි කල විට එක් ගෑස් සිලින්ඩරයකින් තේ සියයක් සෑදු විට පමනක් අමතරව රුපියල් පන්සියයක ආදායමක් ලැබෙයි.

    PREVIOUSNEXT