January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

දවසේ පුවත

    January 3, 2018, 4:10 am 0

    පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එළිදකී.

    ජන (02) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පොදු ජන පෙරමුණ යටතේ තරග වදින අපේක්ෂකයින් දිරිමත් කිරීමටත් එම පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනේ එක් අංගයක් ලෙස එළිදැක්වුනු මහජන සම්මුතිය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මහා සංගයාවහන්සේලා වෙත පිළිගන්වන ලදී.

දසත පුවත්

    October 29, 2017, 4:51 pm 0

    මුරලිදරන් ක්‍රිකට් ගැන කතා කරයි

    මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ හොඳම කඩුලු දඩයම්කරුය. එකල මුරලිගේ පන්දුවකට හසු නොවූ පිතිකරුවෙකු ලොව සොයාගත නොහැකි තරම්ය. ඔහුගේ අසාමාන්‍ය දඟපන්දුවේ ජවය හේතුවෙන් තවත් වසර සිය ගණනකට බිඳිය නොහැකි ලොව ටෙස්ට් සහ එක් දින වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව ද මුරලිගේ නම ඉදිරියේ සටහන් වී තිබේ. මෙවැනි හපන්කම් කළ ක්‍රිකට් වීරයෙකුගෙන් මෙරට ක්‍රිකට්වලට නෙළාගත හැකි ඥනය කොතරම් තිබේද?නමුත් මුරලි ඔහුගේ පාඩුවේ පැත්තකට වී සිටී. ඔහුට කිසිවකුගෙන් ආරාධනාවක් ද නැත. මේ මුරලි සමඟ කළ සාකච්චාවක උපුටා ගැනීමකි.

    October 29, 2017, 3:17 am 0

    ළමා ලෝකය විචිත්‍රවත් කල සිත්තරාවිය - සිබිල් නැන්දා - ආයුබෝවේවා (90)

    ශ්‍රී ලංකාව කලාකරුවෙකුට ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත රටක් ද? මෙම පැනය සැමදාම අසන ඇසෙන දෙයකි. ඒ සඳහා ඔබ සතුව විවිධ පිළිතුරු තිබීමට පුළුවන අප පමණක් නොව විදේශිකයින් ද මෙම පැනය විවිධ අවස්ථාවල අපේ කලාකරුවන්ට ඉදිරිපත් කරයි. ඔවුන් එයින් ගම්‍ය කරනුයේ අපේ රටේ භෞතික සම්පත්වල පවතින දුගී බවයි. එහෙත් නිර්මාණශීලි කලාකරුවෙකු බිහි කිරීමට අවශ්‍ය පරිසර සාධක නොඅඩුව ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල පවතින බව අප පිළිගත යුතුමය.

    October 27, 2017, 4:46 pm 0

    ටින් මාළු පාරිභෝජනය නවතා දේශීය දේ අරගන්න

    දකුණු මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න මේ දිනවල වඩාත් සරුවීම හේතු කොට ගෙන විදේශ රටවලින් ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.එසේ වුවත් තලපත් හා කොප්පරා යන මාළු වර්ග ගෙන්වීම සඳහා මෙම තහනම බලනොපාන බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

    October 27, 2017, 3:36 pm 0

    කොමියුනිස්ට්වාදී චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන බල හුවමාරුව

    චීනය ලෝකයේ ප්‍රබලම කොමියුනිස්ට් රාජ්‍යයයි. මෙම කොමියුනිස්ට් රාජ්‍යයේ කොංග්‍රස් මණ්ඩල සමුළුව 25 රැස් වූ අතර එහි දී ඔවුන් ප්‍රබල තීරණයක් ගනු ලැබීය. ඒ වර්තමාන ජනාධිපති ෂී ජින්පින්ග් ඉදිරි වසර 5 ක කාලය තුළ චීන ජනාධිපතිවරයා ලෙස තබා ගැනීමටයි. මෙය ලෝකයටම බලපාන ප්‍රබල තිරණයක්වන අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ෂී ජින්පින්ග් දිගටම බලයේ රැදී සිටීමේ සංඥාවක් මෙයින් නිකුත්වන බවයි.

    October 26, 2017, 1:27 am 0

    සිංහල සිනමාවේ ස්වර්ණ තිළිණය ස්වර්ණා

    ලාංකීය සිනමාවේ ශක්තිමත්ම කාන්තා චරිතය කවුරුන්ද කියා ඔබෙන් යමෙක් ඇසුවොත් නිතතින්ම මතකයට නැගෙන චිත්‍රපට කිහිපය අතර ප්‍රධානම චිත්‍රපටයක් ලෙස දඩයම හා එහි රන්මලී අමතක නොවනු ඇත. එකී චරිතය ශක්තිමත් කරමින් එයට ජීවය පිරවූ නිළිය ස්වර්ණා මල්ලවආරච්චියි. ඇය පසුගිය දා පැවති සිග්නීස් හා දෙරණ සම්මාන උළෙලවල දී අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. එය සුවිශේෂ දෙයක් වන්නේ ඇයගේ තෙවන සිනමා ආගමනයේ දී ලබා ගත් පළමු සම්මානය එය වන නිසාය.

    October 25, 2017, 3:31 am 0

    නව ව්‍යවස්ථා අර්බුදය ඉදිරියේ ආණ්ඩුව දණ ගහයිද?

    මේ වන විට රට තුළ පැන නැගී ඇති අලුත්ම අර්බුදය නව ව්‍යවස්ථාවට පක්ෂ සහ විපක්ෂ කරුණු දැක්වීමයි. කාලයෙන් කාලයට නව ව්‍යවස්ථා සෑදීමේ වුවමනාව දේශපාලකයින්ට ඇතිවෙයි. බොහෝ විට ඒවායේ යටි අරමුණ දේශපාලනය මිස රටේ යහපත නොවේ. 1948 නිදහසින් පසු ස්වාධීන ජාතියක් ලෙස වඩා ශක්තිමත් ව්‍යවස්ථාවක් රට තුළ නිර්මාණය නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය අද වන විට රට තුළ උදා වී ඇත.ලෝකයේ බොහෝ රටවල් දේශපාලන වුමනාකම් මත ව්‍යවස්ථා නිර්මාණය කරන්නේ නැත. ලෝකයේ රටවල විවිධාකාරයේ ජාති ආගම්, කුල ගෝත්‍ර, මෙන්ම විවිධ සංස්කෘතීන් හා එකිනෙකාට වෙනස් හර පද්ධතීන් සහිත මිනිසුන් එක්ව ජීවත් වෙති.

    October 23, 2017, 10:01 am 0

    සැබෑ සහෘර්දයින් නොමැති කමින් පල්ලම් බහින සිංහල සාහිත්‍යය

    භාෂාවේ ආරම්භයත් සමඟ මිනිසුන් තමන්ට සිතෙන සහ දකින දේ පිළිබඳ සිතීමට පෙළඹිණි. ඒ අනුසාරයෙන් අදහස් පිටපත් කිරීමට මෙන්ම පසු කාලයකදී සෙසු මිනිසුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට ද භාෂාව ඉවහල් කර ගත්හ. මිනිස් ජීවිතය සහ පරිසරය පිළිබඳ තම මනස මෙහෙයවා නිර්මාණශීලි දැකිමක් තුළින් යම් කාරණයක් ප්‍රතිනිර්මාණය කර සමාජයේ ජීවත්වන අනෙකාගේ යහපත උදෙසා ඉදිරිපත් කිරීම වාච්‍යාර්ථය ඉක්මවා ගිය සාහිත්‍යයක් වන්නේය.

    October 18, 2017, 11:41 am 0

    2020 දීත් පොදු අපේක්ෂකයා මෛත්‍රි නම්, නිසැකවම පරාජය කරනවා - ලාල් කාන්ත

    වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් නිසැකයෙන්ම ඔහුව පරාජය කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ මුලිකත්වය ගෙන කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සහ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ . ඩී ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. ඔහු මේ බව පවසා සිටියේ (17) දා කොළඔ දී පැවැති සේවක සංගම් රැස්වීමකදීය.

    PREVIOUSNEXT