January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

දවසේ පුවත

    January 3, 2018, 3:17 pm 0

    බැදුම්කරයෙන් ඇලෝසියස් : මාස පහක් තුළ ලැබූ මිලියන 11,145 ක ලාභය ඉතිහාස ගත වෙයි.

    මහ බැංකු බැදුම්කර වංචාවට අදාල ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව පසුගිය ද‍ෙසැම්බර් 30 වන දින ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදී. ඉන් පසු ජනාධිපතිවරයා විසින් 2018 ජනාවාරි 03 වන දින මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් අදාල වාර්තාවේ සම්පිණ්ඩනයක් ජනතාව හමුවේ තබන ලදි.ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එකී වාර්තාව පහත පරිදිවේ. ශ්‍රී ලංකාවේ කිසිදු ව්‍යාපාරික ආයතනයක් මාස පහක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන එකොළොස් දාස් එකසිය හතලිස් පහක්( මිලියන 11145 ) ලාභයක් ලබා නැත.එහෙත් අර්ජුන ඇලෝසියස් සභාපතිත්වය දැරූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එවැනි ලාභයක් ලැබීම මෙම වංචාවේ බරපතලකම කොතෙක් ද යන්න ඒත්තු ගන්වයි.එහෙයින් මෙම කොමිසමේ නිර්දේශ මත මෙයට වගකිව යුතු පාර්ෂවයන්ට නීතියෙන් දඩුවම් ලබා දීම කළ යුතු ආකාරය නිර්දේශ කර ඇත.ඒ අනුව රවි කරුණානායක පැහැදිලි චූදිතයෙකු ලෙස නම් කිරීමත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බ්න්ධ සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කිරීම, ඔහු විසින් නොකළ යුතුව තිබූ බව කොමිසම් වාර්තාවේ සදහන්වේ.

දසත පුවත්

    November 6, 2017, 7:17 am 0

    ඇමරිකාවේ යළිත් වෙඩි තැබීමක් , 26 ක් මරුට.

    ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා නගරයක්වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස් හි බැප්ටිස් දේවස්ථානයේ ඉරිදා දේවමෙහෙය පැවැත්වෙන අතරතුර එහි පැමිණි නන්නාදුනන තුවක්කුකරුවෙකු කළ වෙඩි තැබීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .මෙම දේවමෙහෙයට සහබාගී වී සිටි තවත් 20 කට පමණ තුවාල සිදු වී ඇති බව වාර්තා වෙයි.මියගිය අය අතර වයස අවුරුදු 5 සිට 72 දක්වා අය සිටින බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

    November 5, 2017, 3:26 pm 0

    ඛණිජ තෙල් අර්බුදය හේතුවෙන්, හෙට සිට රට තුළ දෛනික කටයුතු අඩාල වීමේ අවධානමක්.

    බලධාරීන් විසින් ඉන්ධන සැපයුම යථාතත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි පැවසුවත් ,සත්‍ය වශයෙන්ම තව දුරටත් රට පුරාම ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ .හෙට දිනය තුළ දී ඉන්ධන බෙදා හැරීම යථාතත්වයට පත් නොවුවහොත්, අගහරුවාදා (7) දිනය වන විට රට තුළ දෛනික කටයුතු අඩපන වීමේ අවධානමක් පවතී.

    November 4, 2017, 2:31 pm 0

    අනවසරයෙන් ඉතාලියට සංක්‍රමණයවීමේ දී අනතුරට පත් යාත්‍රාවේ - ශ්‍රී ලාංකිකයින්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මධ්‍යධරණී මුහුදේ දී නොවම්බර් (02) දින අනතුරට පත් නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ගමන් ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    November 3, 2017, 4:09 pm 0

    අමර සඳ බැස ගොසින් ගෙවුණි වසරක්, අද දිනට.

    ලාංකීය සංගීතයේ සුභාවිත සලකුණ වූ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සිය අවසන් සුසුම වාතලයට මුසු කළේ අදවන් දිනකදී්ය. (නොවම්බර් 03) තම දීර්ඝ ජීවන ගමනේ අඩකටත් වැඩි කාලයක් ලාංකීය සංගීතය වෙනුවෙන් කැප කළ අමරදේවයාණෝ රූප කායෙන් සමුගෙන ගියත්, හඬ පෞර්ෂයෙන් කිසිදා අප හැර නොයන්නේය. ඊයේ ද අද ද හෙට ද ඔහුගේ ගීත සහෘද සවන් පිනවන්නේය.

    November 3, 2017, 12:17 pm 0

    ඒකාබද්ධය හා S.L.F. P, අතර නොකෙරෙන දීගෙක කොන්දේසි 7 .

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වීමට නම්, කොන්දේසි 7කට එකඟවිය යුතු බව, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ ලිපියක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක වෙත යවා තිබේ.

    November 3, 2017, 10:35 am 0

    ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 4.1 % ක්, දිළින්දන්ය.

    රටක ජනගහණයෙන් සැලකිව යුතු ප්‍රතිශතයක් දිළින්දන් වීම තුළ,පෙන්නුම් කරන්නේ එය එම රටේ ආර්ථික සමබරතාවයේ ගිළිහී යාමක් ලෙසයි.මිනිසුන් දුගීවීම, රැකියා විරහිතවීම, ආදායම් උත්පාදනය නොවීම, යන මේවා හේතුන්ය. ගැටළුවට විසදුම් ඇත්තේ කොහේද? මේවාට බලපාන හේතු සාධක මොනවාද ? නූගත්කම ද ? එසේ නොමැති නම් වෙනයම් හේතූන්ද ? රජයේ වගකීම මොවුන් පිළිබද සොයා බැලීමයි. මසකට රුපියල් 4166.00 වඩා අවම ආදායමක් ලැබෙනවා යන්නේන්, අදහස් වන්නේ මේ ගණයට අයත් පුද්ගලයින් හෝ පවුල් කිසියම් හෝ රැකියාවක නිරත නොවීමයි.

    November 2, 2017, 3:35 pm 0

    ට්‍රම්ප් ත්‍රස්තවාදය මුවාවෙන්, ග්‍රීන් කාඞ් සිහිනය බිඳ දමයි.

    ලෝකයේ දියුණුම සහ ශක්තිමත්ම රාජ්‍යයක් සේ සලකන ඇමරිකා එක්සත් ජනපදය තුළ ජීවත්වීමට මෙන්ම එහි පුරවැසියෙකු වීම ලෝකයේ සෙසු රටවල මිනිසුන්ගේ සිහිනයකි. ඒ සඳහා ලොතරයි ක්‍රමයට වාසනාවන්තයින් තෝරා ගෙන ඔවුන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබාදීමේ වැඩපිළිවල ග්‍රීන් කාඞ් ලොතරයි වැඩසටහන ලෙස හැදින්වෙයි.

    November 2, 2017, 6:55 am 0

    ද්ත්ව පුරවැසි භාවය ගීතාගේ මන්ත්‍රී ධූරය අහිමි කරයි

    රිදී තිරයේ ආකර්ෂණීය චරිතයක් වූ ගීතා කුමාරසිංහ ලාංකීය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයකි එකී ජනප්‍රිය බව උපයෝගී කර ගනිමින් තම උපන් ගමට සේවයක් කළ යුතු බව පවසමින් ඇය පළමුවෙන්ම පොදු ජන එක්සත් පෙරමුණෙන් දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවාය.

    PREVIOUSNEXT