January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

දවසේ පුවත

    January 6, 2018, 4:28 pm 0

    රාජගිරිය ගුවන් පාලම ජනාධිපති අතින් 08 වැනිදා ජනතා අයිතියට

    දීර්ඝ කාලයක් තිස්සේ රජගිරිය ප්‍රදේශයේ පැවති රථ වාහන තදබදයට විසදුමක් ලෙස ඉදි කරන ලද නව ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනවාරී 08 වන දින විවෘත වීමට නියමිතය.මෙම පාලමේ වැඩ කටයුතු නිම වීමට නියමිතව තිබුණේ මේ වසර අවසාන වන විට වුවත් මජනතාව මුණපාන දැඩි දුෂ්කරතා පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙය ඉතා ඉක්මනින් නිම කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි .ඒ අනුව රාජගිරිය ගුවන් පාලම වැඩ නිම කිරීමට නියමිතව තිබූ කාලයට වඩා මාස 11කට පෙර ජනතා අයිතියට පත් කිරීමට හැකිව තිබේ.

දසත පුවත්

    November 16, 2017, 3:44 pm 0

    සිම්බාබ්වේ: මුගාබේගේ පාලනය අවසන් වීම සහ හමුදාව රටේ බලය ඇල්ලීම.

    හමුදා කැරැල්ලක් ඇති වී ඊයේ නොවැ 15 දින 40 වසරකට වැඩි රොබට් මුගාබේගේ පාලනය අවසන් කරමින් ඔහු නිවාස අඩස්සියට පත් වී ඇති බැව් වාර්ථා වෙයි. සිම්බාබ්වේ රාජ්‍යට නිදහස් ලබා ගැනීම උදෙසා නායකත්වය ගෙන කටයුතු කල මුගාබේ එරට ජනතාව බෙහෙවින් ආදරය කල නායකයෙක් විය. එසේ වුවත් ඔහුගේ අත්තනෝමතික ක්‍රියා මෙන්ම අසාර්ථක ආර්ළුක කලමනාකරණය හේතුවෙන් රට අන්ත දිළිදු භාවයට පත් වී ඇත්තේය. එවැනි වාතාවරණයක් තුල මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග තුලින් බලය පැහැර ගැනිමට ඔහුටම හිතවාදී හමුදා කාණ්ඩායම් ක්‍රියාකර ඇති පව පෙනෙන්නට තිබේ.

    November 15, 2017, 6:16 am 0

    රාජ්‍ය සේවක වැටුප් - ඉහළට .

    රජයේ සේවකයින් නොවම්බර් 09 වනි දින අයවැය දෙස බලා සිටියේ තම වැටුප කීයකින් හෝ වැඩිවේයැයි යන බලාපොරොත්තුවෙනි.එහෙත් අයවැය තුළ ඒ පිළිබද සෘජු ප්‍රකාශයක් ඉදිරිපත් නොවු අතර රාජ්‍ය සේවකයින් සදහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක් සකසන බව පමණක් එහි දී කියවුණි.එහෙත් ඊයේ ( 14 ) ස්වදේශිය කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ 2018 ජනවාරී සිට රාජ්‍ය සේවක වැටුප් 15% කින් වැඩිවන බවයි.

    November 14, 2017, 4:11 pm 0

    කිකිළියකට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

    පකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේ 14 හැවිරිදි පිරිමි ළමයෙක් කිකිළියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ලාහෝර්වලට කිලෝ මීටර 200 පමණ දුරින් පිහිටි ජලපූර් බතින් පොලිස් ප්‍රදේශයේ හසිසාඩ් හි පදිංචිකරුවෙක් බව මාධ්‍ය වාර්තා කරයි.මෙම සිද්ධිය පසුගිය නොවම්බර් 11 සිදුවී තිබේ.

    November 13, 2017, 4:45 pm 0

    ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ මැකිය නොහැකි විප්ලවවාදී නාමය !

    සත්වයන් අතර බුද්ධිමත්ම සත්වයා ලෙස මිනිසා මේ පෘතුවිය මත සිය ඒකාධිකාරී බලය පතුරුවමින් සිටී. ඒ සදහා ඔහුට උපකාරීවන්නේ ස්භාවයෙන් ලැබුණු දියුණු වෙමින් ඉදිරියට යන ඔහු සතු මනසය .එහෙත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම තුළ මිනිසා ස්භාවයෙන්ම පොදු ලක්ෂණ තුළ පිහිටියා වූවත් ඔහු සතු සිතුවිලි හරහා වෙනස්කම් නිර්මාණය කර ගනිමින් එකිනෙකා හා සන්සනදනය වීමට උත්සාහ කරන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් අතර මතවාදී අරගල නිර්මාණය වන්නේය. එයිනුත් නොනවතී, ඔවුන් එකිනෙකා පරයා ශක්ති සම්පන්න බව පෙන්වීමෙන් අරගල ඇතිවන්නේය. මේ සියල්ල ලෝක ඉතිහාසය තුළ විවිධ හැළහැප්වීම් සමග වර්තමානය දක්වාම පැමිණ ඇත්තේය .මේ තුළ බහුතරයක් මිනිසුන්ගේ යහපත සාධාරණත්වය සහ නිදහස වෙනුවෙන් පුද්ගල අරමුණු පසෙකලා ක්‍රියාකරමින් අසාධාරණ ලෙස පවතින සමාජ ක්‍රමයන් සාධාරණ යුක්ති සහගත ලෙස සමාන අයිතිවාසිකම් වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යගයෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් සිටී. ඔවුන් අතළොස්ස අතුරින් ශ්‍රී ලාංකීය මාතෘ භූමියේ බහුතරයක් මිනිසුන්ගේ හෙට දවසේ යහපත වෙනුවෙන් තම ජීවිතය කැප කළ තුන්කල් දුටු ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙක් සිටී නම් ඔහු රෝහණ විජේවීර හැර අන් කවරෙක් ද ? එහෙයින්ම අතීතය මෙන්ම වර්තමානයට ද හෙට බිහිවන අනාගතයට ද ඔහු සජීවී මිනිසෙකි.

    November 13, 2017, 2:17 pm 0

    සුරේෂ් ප්‍රේමචන්ද්‍ර - අලුත් පක්ෂයක් හදයි.

    වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය පවතින්නේ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ කණ්ඩායමටය. එහි නායකත්වය ආර් . සම්බන්ධන් මහතා හොබවයි .ඊට අමතරව E .P. R. L. F ප්ලොට් සංවිධානවල දේශපාලන නායකයින් ද මෙයට ඇතුළත්ය .ඉදිරියේ දී පවත්වන්නට නියමිතපලාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් අතර බල අරගලයක් අැතිව තිබේ.ඔවුන් ආර්. සම්බන්ධන් විවේචනය කරනුයේ ඉන්දියාවේ නියෝග පිළිපදිමින්, වර්තමාන ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සම්බන්ධන් මහතා අනුගමනය කරන බවයි.එය උතුරේ ජනතාවගේ සැබෑ මතය නොවන බව මෙම විවේචකයින් පෙන්වා දෙයි.

    November 13, 2017, 1:31 pm 0

    දැන් හැන්ද මගේ අතේ ,ඡන්දේ ජනවාරී 25 - 31 අතර දිනක

    පළාත් පාලන මැතිවරණය 2018 ජනවාරී 25 -31 අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි .

    November 13, 2017, 6:45 am 0

    තිසා වැවෙන් දිය නා, අටමස්ථාන වන්දනාමානයට අකුල් නොහෙලන්න - අටමස්ථානාධිපති හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති.

    ඉතිහාසය පුරාවට බෞද්ධයින් අටමස්ථාන වන්දනාවට අනුරාධපුරයට ගොස් තිසා වැවෙන් දිය නා ඒම සාමාන්‍ය සිරිතකි. එයින් ශ්‍රී මහා බෝධීන් වහන්සේටවත් පරිසරයටවත් හානියත් සිදුණොවුණි. වර්තමානයේ ගිහි පැවිදි කණ්ඩායම් අනියත බියක් ඇතිකර පරිසර දුෂණය සහ ශ්‍රී මහා බෝධින් වහන්සේ දෝවන කිරීම සඳහා තිසා වැවෙන් ජලය භාවිතා කරන හෙයින් යැයි පවසමින් එහි දිය නෑම තහනමට ලක් කර ඇත.

    November 12, 2017, 3:54 pm 0

    චන්දික බංගලාදේශයෙන් ඉවත් වූයේ - ශ්‍රී ලංකා පිලට එක්වීමටද?

    බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ගෙන ඒමටත් ඔවුන්ට විශාල ජයග්‍රහණ හිමි කර දීමටත් චන්දික හතුරුසිංහගේ දායකත්වය (බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුගේ දායකත්වය) ලෝකයට රහසක් නොවේ.

    PREVIOUSNEXT