දකුණු මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න මේ දිනවල වඩාත් සරුවීම හේතු කොට ගෙන විදේශ රටවලින් ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.එසේ වුවත් තලපත් හා කොප්පරා යන මාළු වර්ග ගෙන්වීම සඳහා මෙම තහනම බලනොපාන බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සෘජු තීරණයක් ලෙස යට ගැසෙමින් තිබූ බැදුම්කර මගඩියේ නිවරදි තොරතුරු හෙළිකර ගැනීම සඳහා පත් කළ ජනාධිපති විමර්ණන කොමිසම විසින් සාක්ෂි විභාග කරමින් පවතින මේ වකවානුව අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක් බවට පත්වෙමින් තිබේ.
පසුගිය දිනවලදී ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමෙන් පසු ආපනශාලා හිමියන් ද තම නිශ්පාදන වල මිල ද ඉහත දමන ලදී .ඒ කිනම් මිල සූත්‍රයකට අදාළව ද යන්න පොදු පාරිභෝගිකයන්ට ගැටළුවකි. උදාහරණයක් ලෙස තේ එකක මිල රුපියල් පහකින් වැඩි කල විට එක් ගෑස් සිලින්ඩරයකින් තේ සියයක් සෑදු විට පමනක් අමතරව රුපියල් පන්සියයක ආදායමක් ලැබෙයි.
ශ්‍රී ලංකා මහ බැංකවේ වාර්ෂික වාර්තාව අනුව 2016 සහ 2015 වර්ෂවල රාජ්‍ය ආදායම 13.3% සිට 14.4% දක්වා වැඩි වී ඇත.
එය රුපියල් බිලියන 1454.9 සිට 1686.1 දක්වා වැඩිවීමකි. මෙය 2020 වන විට 16.5% දක්වා ඉහළ දැමීමට යහපාලන ආණ්ඩුවේ අපේක්ෂාවයි.
ඕනෑම ආණ්ඩුවක මුදල් ඇමති තනතුර ඒ ආණ්ඩුවේ හදවත බදුය. මුදල් ඇමති තනතුර බැරූරැම් වගකීම් සහිත තනතුරක් බව පිළිගත් මතයකි.
ලංකාවේ මුදල් ඇමති තනතුර දරා කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් ආර්ථිකය තුළ සිදු කළ මුදල් ඇමතිවරු කිහිප දෙනෙක් සිටියහ. ඒ අතුරින් ඇන්- එම් පෙරේරා, රොනී ද මෙල් මූලික ස්ථානයක් ගනී.
පසුගිය කාලයේ පැවති නියඟය දරුණු ලෙස බලපෑම් කරණු ලැබුයේ වැඩි පොල් ඵලදාවක් ඇති පුත්තලම හා කුරුණෑගල වැනි ප්‍රදේශවලටය. එයින් පොල් ගස් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වූ අතර ඵලදාව අඩුවීම ද සිදුවිය.
වසරේ මුල් මාස හය තුළ මත්ස්‍ය අපනයනය 40.3% වර්ධනයක් වී ඇති බවට මාධ්‍ය වාර්තා සදහන් කරය.ි 2016 මුල් මාස හය හා සංසන්දනය කිරීමේදී එහි විශාල වර්ධනයක් පෙනෙන්නට තිබේ. 2016 මුල්ු මාස හය තුළ අපනයන ආදායම ලක්ෂ 840 ක් වූ අතර එය මේ වසරේ මුල් මාස හය තුළ ලක්ෂ 1170 දක්වා වර්ධනය වී ඇත. මාස හය තුළ මේ වැඩිවීම වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.
මේ වසරේ දෙසැම්බර් වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දයානන්ද මහතා පවසයි.