January 20, 2018

                                                               

Breaking News

          වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි             බැදුම්කර වාර්තාව පිළිබද අගමැතිගේ විශේෂ අදහස් දැක්වීම.             එජාපයේ පසුපෙළ මන්ත්‍රින්ගේ ක්‍රියා කලාපය ජනපතිගේ දැඩි විවේචනයට.             2020 ජනාධිපතිවරණයේ දී, ගෝඨා ‍පොදු අපේක්ෂකයාවීමේ සම්භාවිතාව වැඩිවේ.             ජනාධිපති මත්පැන් බොන කාන්තාවන්ට එරෙහි වෙමින්, රෑ 10 තෙක් බාර් ඇරීමේ අවසරය ට ද වැටබදී      

වෙළද පුවත්

    December 20, 2017, 11:23 am 0

    කොළඹ සිගමනට වැට බදී

    2018 ජනවාරී මස 01 දින සිට කොළඹ නගරයේ මාර්ගවල මෙන්ම පොදු ප්‍රවාහන සේවා තුළ සිගමන් යැදීම තහනම් කර ඇත.මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා මේ බව අවධාරණය කර ඇත්තේ කොළඹ නගර සභාව සහ මහජන සුභසාධන අමාත්‍යාංශය එක්ව කළ සමීක්ෂණයකදී ලැබුණූ තොරතුරු මත පදනම් වය.මෙහිදී සිදු කළ අනාවරණය අනුව කොළඹ නගරය පුරා යාචකයින් 600 පමණ සිටී.

    December 19, 2017, 5:19 am 0

    ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ෂවීය ගිවිසුම්

    ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මැලේසියානු අගමැති නජීබ් මූන් අබිදුල් රසාක් අතර වෙළද ආයෝජනය,කෘෂිකර්ම,විද්‍යාව හා තාක්ෂණය, නැනෝ තාක්ෂණය,ජෛව තාක්ෂණය ,E වාණිජ, E අධිකරණ, යුධ හමුදා පුහුණුව ,රාජ්‍යතාන්ත්‍රික සන්හිදියාව,රාජතාන්ත්‍රික පුහුණුව,බුද්ධිමය හුවමාරුව,මත්ද්‍රව්‍ය පාලනය ආදිය පිළිබදව සමීප සහයෝගිතාවයන් ගොඩ නැගීමට එකගතාවයන් ඇති කර ගෙන තිබේ.

    December 10, 2017, 7:35 am 0

    මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ 25% ක වර්ධනයක්.

    2017 වර්ෂයේ ජනවාරී සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 18 70000 ඉක්මවා තිබේ.එය පෙර වසරට සාපේක්ෂව 20% ක වර්ධනයකි. 2017 නොවැම්බර් පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 1 67511 වෙයි.එයින් 32243 ක් ඉන්දීය සංචාරකයින් වන අතර වසරේ මුල් මාස 11 තුළ දිවයිනට පැමිණි ඉන්දීය සංචාරකයින්ගේ ප්‍රමාණය 33 6840 වෙයි.

    November 30, 2017, 10:27 am 0

    සුන්දරත්වයේ ස්භාඅසිරිය නොදත් මුර්ගයින්ට ගොදුරු වූ ගල්ගමුවේ දළ පූට්ටුවා.

    ස්භාවයේ ක්‍රියාකාරීත්වය එහි හැඩගැස්ම සෑම ජීවියෙකුටම එක සමාන ලෙස බලපානු ලබයි.ස්භාවධර්ම ක්‍රියාවලිය තුළ ඊට අනුගතව ජීවත්වන සතුන් හැම විටම ස්භාවයට සුන්දරත්වයක් අලංකාරයක් එක් කරයි.මේ සියල්ල විදීමටත් ඒවා ආරක්ෂා කිරිමටත් ස්භාවයෙන්ම දියුණු මනසකින් යුක්ත මිනිසුන් බිහි කර ඇත්තේය.නමුත් මෙවැනි තත්වයක් තුළ එවැනි සුන්දර මිනිසුන් වර්තමානය වන විට මහිපිටින් දුරස් වෙමින් සිටී.ඒ වෙනුවට අමුනුෂ්‍යයින් බිහිවෙමින් සිටියත් ,ඔවුන් මනුෂයයින් ලෙස සැලකිව නොහැකිය.ඔවුන් සමහර විට සිදුකරන්නේ විනාශයන්මය.එසේ කිරීමෙන් ඔවුන් ද විනාශවන බව ඔවුන්ට මොහොතකටවත් නොසිතේ.

    November 20, 2017, 1:27 am 0

    කුඩු, කුඩේ කුඩු වන්නට ප්‍රථම .

    පසුගිය කාල වකවානුව පුරාවට ලංකාව පුරා විවිධ අයුරින් මත් කුඩු තොග වශයෙන් ද ඇතැම් විට සැකකරුවන් ද සමගින් නීතියේ රැහැනට හසු කර ගත් අතර ඒ පිලිබඳ සියලූම ආරක්ෂක අංශ වලට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.එසේ නොවන්නටල මේවා අපේම රටේ පාර්ශවයන් අතර බෙදී ගොස් බොහෝ ජීවිත අසරණ වන්නට ඉඩ තිබිණි.

    November 18, 2017, 5:00 pm 0

    උත්සාහයෙන් ජීවිතය ජයගන්න පුංචි මිනිසාගේ ආදර්ශය.

    මාවැනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි බී .වී. කුමාරසිංහ, නොහොත් පාන්දර (අන්වර්ථ නාමය) පිළිබද ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ දිනවල විවිධාකාරයෙන් අර්ථ දක්වමින් කතාකරයි.සැබවින්ම ගුණාත්මක හරවත් මෙන්ම අර්ථාන්විත ලෙස මාධ්‍ය හසුරවන්නේ නම් අප මෙවැනි මිනිසෙකුට මූලිකත්වය දිය යුතුය.

    November 15, 2017, 6:16 am 0

    රාජ්‍ය සේවක වැටුප් - ඉහළට .

    රජයේ සේවකයින් නොවම්බර් 09 වනි දින අයවැය දෙස බලා සිටියේ තම වැටුප කීයකින් හෝ වැඩිවේයැයි යන බලාපොරොත්තුවෙනි.එහෙත් අයවැය තුළ ඒ පිළිබද සෘජු ප්‍රකාශයක් ඉදිරිපත් නොවු අතර රාජ්‍ය සේවකයින් සදහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක් සකසන බව පමණක් එහි දී කියවුණි.එහෙත් ඊයේ ( 14 ) ස්වදේශිය කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ 2018 ජනවාරී සිට රාජ්‍ය සේවක වැටුප් 15% කින් වැඩිවන බවයි.

    November 11, 2017, 5:49 am 0

    අයවැයෙන් පසු වාහනවල මිල ගණන් වෙනස්වන අයුරු

    2017 නොවම්බර් 09 වැනි දින ඉදිරිපත් කරන ලද අයවැයෙන් පසුව රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වී ඇත්තේ වාහන මිල ගණන් සම්බන්ධවයි. මිල ඉහළ යෑම් සහ පහල යෑම් පිළීබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට ජනතාව උත්සාහ කරයි. එම නිසාම වාහන අපනයනකරුවන්ගේ සංගමය මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වාහනවල මිල ගණන් අඩුවැඩිවීම් සම්බන්ධව අදහසු පළ කර ඇත.

    November 8, 2017, 7:17 am 0

    බ්‍රිතාන්‍ය මහ රැජින ද කළු සල්ලි ජාවාරමේ

    පැනමා රාජ්‍ය මොසැඩ් පොන්සේකා සමාගම හරහා පවත්වාගෙන ගිය කළු සල්ලි ජාවාරමේ දී ලෝක දේශපාලඥයන් මෙන්ම බලවත් පුද්ගලයින්ගේ තොරතුරු පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් විසින් අනාවරණය කර ගන්නා ලදි.මේවන විට එහි දෙවන පියවර ලෙස පැඩයිස් ලියවලි නමින් ජාත්‍යන්තර ගවේෂණාත්මක පුවත්පත් කලාවේදීන්ගේ සංසදය විසින් තවත් ලෝකයේ කළු සල්ලි ජාවාරමේ යෙදුණ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් 120 දෙනෙකුගේ තොරතුරු අනාවරණය කර ඇත.

    November 6, 2017, 5:11 pm 0

    තෙල් මාෆියාවට යට නොවී, බැනුම් අසන ඇමති අර්ජුන.

    ඛණිජ තෙල් සහ විදුලිබල කේෂ්ත්‍රවල පවතින බලවත් ව්‍යාපාරික ජාවාරම් මාෆියාව දේශපාලන අධිකාරිය ද පසාරු කර ඉදිරියට ගිය එකකි. එය මැඩැපැවැත්වීමට විෂය භාර ඇමතිවරයාට වුව ද පුළුවන්කමක් නැත.රටේ සමස්ත ක්‍රියාදාමයම මොහොතකට අඩපන කිරීමට මෙමගින් හැකියාව ඇත. ඛණිජ තෙල් සහ විදුලිය නිෂ්පාදනය, රටේ සමස්ථ නිෂ්පාදන හා සේවාවන් සමග බද්ධ වී ඇත. එමෙන්ම විශාල මූල්‍යමය වටිනාකම් සංසරණයවන මෙම කේෂ්ත්‍රය තුළ අදෘෂ්‍යමාන මාෆියාවන් ක්‍රියාත්මක වෙයි.

    PREVIOUSNEXT