January 23, 2018

                                                               

Breaking News

          ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ දිවි ගමන නිමා කරයි.             අන්තරේ යළි සයිටම් විරෝධතා සටනට පිවිසීමට සුදානමක් !             වසර 13 කට පසු, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිල සංචාරයක.             බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.             මෙවර පළාත්පාලන මැතිවරණයේ ඡන්දය සලකුණු කරන ආකාරය      

වෙළද පුවත්

    January 22, 2018, 4:51 am 0

    බුද්ධගයා පරිශ්‍රයේ බෝම්බ පිපිරීමක්, ආරක්ෂාව තර කරයි.

    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා භූමියේ පසුගිය සිකුරාදා දිනයේ දී බෝම්මයක් පිපිරී ගොස් තිබේ.පසුව කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී බුද්ධගයා මහාබෝධි විහාරස්‌ථාන පරිශ්‍රයේ තිබී කිලෝ දහය බැගින් බරැති බෝම්බ දෙකක්‌ හමුවීම නිසා එහි ආරක්‌ෂාව තරකර ඇති බව වාර්තාවේ.

    January 10, 2018, 2:31 pm 0

    දියුණු ලෝකයට ගැළපෙන ලෙස සැකසුණූ නව වීසා රෙගුලාසි.

    වර්තමානයේ විදේශිකයින්ට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කරමින් එය රටේ සංවර්ධන ක්‍රියාවලියට දායයකත්වයක් ලබා දෙන අයුරින් සැකසීමට කටයුතු කරන බව අද පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී කැබිනට් තීරණ දැනුම් දෙමින් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා‍ ප්‍රකාශ කළේය.

    January 8, 2018, 5:13 pm 0

    ශ්‍රී ලංකාවේ : වසර 63 කට පසු මූල්‍ය ශේෂයේ අතිරික්තයක්.

    වසර 63 කට පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රු. බිලියන 21.9 ක අතිරික්‌තයක්‌ වාර්තා කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.වර්තමාන රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය පවසයි.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, එම්.ඒ. හසන් මහතා නිකුත්කළ මාධ්‍ය නිවේදනයක එ්බව සඳහන් වේ. එම මාධ්‍ය නිවේදනය මගින් මෙම දත්තයන් හෙළි කර තිබේ.

    January 4, 2018, 6:10 am 0

    ත්‍රී රෝද රථ ලියාපදිංචිය 50% කින් අඩු වෙයි - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

    ත්‍රී රෝද රථ ලියාපදිංචිය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි..පසුගිය වසරේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 50කින් පමණ අඩු වී ඇති බව මෝට රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.2016 වසරේ දී ත්‍රීරෝද රථ 56,945 ක් ලියා පදිංචි කර ඇති අතර 2017 දී එය 23,395 ක් ලෙස අඩුවී තිබේ.

    January 3, 2018, 6:14 am 0

    ඊ . ටී. අයි. ස්වර්ණමහල් සහ ස්වර්ණවාහිනියට මහ බැංකුව වග කියයි.

    ඊ .ඒ.පී. , ඊ ටී.අයි, ස්වර්ණමහල් , ස්වර්ණවාහිනී , ඊ.ටී.වී. යන ආයතන මේ රටේ නොදන්නා පුද්ගලයෙකු නැත.එහි හිමිකාරිය වුයේ කළකදී දිවයිනේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාව වූ සෝමා එදිරිසිංහ බව ද ලාංකික ඕනෑම අයෙකු දන්නේය.ඇය මේ රට තුළ බෙහෙවින් ජනප්‍රිය කාන්තාවක වූවාය. සිනමා කේෂ්ත්‍රය මෙන්ම ස්වර්ණාභරණ කේෂ්ත්‍රයේ ද ඉහළින් වැජඹුණූ මෙම ආයතන සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසුව සාර්ථකව ලෙස ඉදිරියට ගෙන යාමට කිසිවකු නොවුයේ ය.ඒ සියල්ල බංකොලොත් වී ඇද වැටී ඇත.එක් අතකින් මෙය සාමාන්‍ය තත්වයකි.බොහෝ ව්‍යාපාරවල ආරම්භකයින් මියගිය පසු ඒවා පවත්වාගෙන යාමට ඊළග පරම්පරාවට නොහැකි වීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද දැකිය හැකි ප්‍රවණතාවයකි.

    January 1, 2018, 10:54 am 0

    ශ්‍රී ලංකාවේ ඉහළ රැකිියාවල සේවයට පිටරැටියන් 25 000ක්

    අද වන විට ශ්‍රී ලංකාව තුළ වැඩිම විදේශ ආයෝජන සිදු කරමින් සිටින්නේ චීනය හා ඉන්දියාවයි.රජයට අයත් ව්‍යාපෘති , හෝටල් මහල් නිවාස සහ අනෙකුත් නිෂ්පාදන කේෂ්ත්‍ර මේ අයෝජනයන්ට ඇතුලත් ය. මේවායේ සේවය කරන,විධායක මට්ටමේ සියළුම තනතුරු සදහා පුද්ගලයින් එම ව්‍යාපෘති මෙහෙයවන රවලින් පැමිණන සේවය කරයි.ඒ අනුව එවැනි පිරිස 25 000 ක් පමණ මේවන විට මෙරට සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු හෙළි කරයි.

    January 1, 2018, 8:09 am 0

    2018 ජන( 01) සිට පොලිතීන් තහනම ක්‍රියාත්මකයි.

    පසුගිය 2017 වසරේ පනවන්නට යෙදුණ ඝනත්වයෙන් වැඩි නොදිරන පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම මුළුමණින්ම තහනම් කිරීම ජනවාරි (1) සිට ක්‍රියාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය දන්වා සිටී.

    December 29, 2017, 4:43 pm 0

    ජී.එස්.පී ,ප්ලස් දෙසැ 31න් පසු අවසන් , ට්‍රම්ප් පරිපාලනය තින්දු කරයි.

    මේ පිළිබදව ඇමරිකානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ , ලබන වසරේ සිට, ඇමරිකානු එක්සත් ජනපදය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ජී. එස්.පී,ප්ලස් සහන වැඩසටහන නවතා දැමීමට, ක්‍රොංග්‍රසය තීරණය කර ඇති බවයි.ඒ අනුව මේ සහනය හිමිව තිබූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට මේ අහිමිවීම බලපානු ලබයි.

    December 25, 2017, 2:41 pm 0

    රුසියාව : ශ්‍රී ලංකාවේ තේ තහනම ඉවත් කරයි.

    පසුගිය දා රුසියාව විසින් මෙරට තේ මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ තවකාලික තහනම ඉවත් කර තිබේ.රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ නියෝජිතයින් අතර අද (25) පැවැති සාකච්ඡාවලින් අනතුරුව අදාළ තහනම ඉවත් ඉවත් කර ගැනීමට රුසියානු රජය තීරණය කළ බවයි.

    December 25, 2017, 7:49 am 0

    ශ්‍රි ලංකාව තුල: පළුදු වූ හෝ විකෘර්ති වූ මුදල් නෝට්ටු -2018 ජන 01 දිනෙන් පසු අවලංගු වෙයි.

    ශ්‍රි ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති නිවේදනයකට අනුව 2018 ජනවාරි 01 දිනෙන් පසුව සියලුම විකෘර්ති සහ පළුදු වූ හ්‍රි ලංකාවේ මුදල් නොට්ටු භාවිතය අවලංගු කර තිබේ.

    NEXT