33, කිම් ජෝන් සහ 71, ට්‍රම්ප්ගේ සටන.


වසර 25 ක් තිස්සේ ඇමරිකාවට මට්ටුකර ගැනීමට නොහැකිව සිටින උතුරු කොරියාව මේවන විට බලවතෙක් වී ඇමරිකාවට අභියෝග කරන තැනට තල්ලු වී ඇති බව වර්තමාන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.


ඔබාමා පරිපාලනයත් ඉන් පෙරත් ඇමරිකානු බලධාරීන් උතුරු කොරියාවට එරෙහිව නිවරදි තීන්දු තීරණ නොගනීමේ වරද අද වන විට අර්බුදයක් දක්වා ගොස් ඇත. එය විසදීම තමන්ට විශාල අභියෝගයක් වී ඇති බව ඔහු තවදුරටත් සදහන් කරයි.


රාජ්‍යතාන්ත්‍රික අයුරින් මෙම ගැටළුව විසදීමට ගන්නා සෑම උත්සාහයක්ම මේවන විට අසාර්ථක වී ඇති හෙයින් ඉතිරිව ඇත්තේ එක් ක්‍රියා මාර්ගයක් පමණක් බව පවසයි. එක් ක්‍රියාමාර්ගයක් පමණක් බව ඔහු නොකියා කියනුයේ යුද්ධමය ක්‍රියා මාර්ගයකින් උතුරු කොරියාව මට්ටු කළ යුතු බවයි. එහෙත් එය පහසු කටයුත්තක් නොවේ මන්ද යක් උතුරු කොරියාව පිටුපසින් චීනයේ මැදිහත්වීම පවතින හෙයිනි.


සැබැවින්ම උතුරු කොරියාව කලාපයේ රටවලට තර්ජනයකි. එසේ වන්නේ ඔවුන් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධව සිටීමයි. ලෝකයේ බලවත් රටවල් සියල්ලෝම න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධව සිටිති. එහෙත් එය ලෝකයට තර්ජනයක් සේ කිසිවෙක් පිළිනොගනී.පසුගිය දා රුසියානු ජනාධිපති පවසා ඇත්තේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වුවත් ඔවුන් ලෝකයේ බලවත් රටක් ලෙස පිළිගන්නේ නැති බවයි. මේ තත්වය හමුවේ ඇති වී තිබෙන මේ අර්බුදයේ ස්භාවය මේවන විට ලෝකයට නිරාවරණය වී ඇත. ලෝකයේ බලවත් රටවල් උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතෙක් ලෙස පිළිගැනීමට සුදානම් නොවීම නිසා ඔවුන් තමන්ගේ ශක්තිය පෙන්වීමට අනෙක් රටවලට තර්ජනයක් කරයි. සෙසු බලවත් රටවල් එම ශක්තිය පිළිගැනීමට සූදානම් නොවීම නිසා ආරවුලක් ඇති වී තිබේ.


අනෙක් අතට උතුරු කොරියාවේ පවතින්නේ ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයක් නොවේ. එය සමාජවාදී පාලන ක්‍රමවේදයක් ද නොවේ. එය සැබැවින්ම න kim පවුල වටා ගොනු වූ ඒකාධිකාරී බලයකින් සමන්විත පාලන තන්ත්‍රතයකි.