රටටම තෙල බෙදන ආණ්ඩුවේ කෙරුවාව.


ආණ්ඩුව පාර්ෂවයේ ඇත්තන්ගේ අර්ථ ගැන්වීම අනුව මේවන විට, රට තුළ ක්‍රියාත්මක වෙන්නේ යහපාලනයයි.එහෙත් අත්හදාබැලීම් කරමින් ආධුනිකයින් සේ ආණ්ඩු කෙරුවාව රටේ මිනිස්සුන්ට දැනෙන්නේ අසමත් පාලනයක් ලෙසයි .රටක් පාලනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.එය පුංචි ළමයි කෝම්පිට්ටු හදන තාලේ වැඩක් ද නොවේ.තුන් හතර දෙනෙක් එකතු වෙලා මෙදෙයක් නොදන්නා සල්ලි තියෙන මෝඩ ගොන් රැලක් වට කරගෙන රාජ්‍යයක් පාලනය කරන්නේ නම් එහි විපාකවලට අවසාන වශයෙන් මූණ දෙන්නේ යළිත් රටමයි.සැබැවින්ම මේ සියල්ලට වගකිව යුතුවන්නේ ද මහජනතාවමයි. ලෝ


මොනවා හරි වාචාල කතා ටිකක් කියමින් මාධ්‍යයෙන් මුණ දමා ගැනීමට සහ තමන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දේශපාලනය කරන බහුතර බඩගෝස්තරවාදීන් ඉන්නකම් මේ රට නියමානුකූල මාවතකට ගත නොහැක.උදාහරණයක් ලෙස විචාරශීලීව මෙන්ම බුද්ධිමත්ව පාර්ලිමේන්තුව තුළ වචන පහක් කතා කිරීමේ හැකියාවක් ඇති මන්ත්‍රීවරු හෝ ඇමතිවරු ඉන්නේ කීයෙන් කීදෙනා ද? මෝඩ විධියට තර්ක කරන්න ඕනෑම කෙනෙකුට පුළුවනය.තමන් මහජනතාවගේ නියෝජිතයෝ ලෙස සිතා බුද්ධිමත් තීරණ රටක් ලෙස ගත යුතු බැව් සිතා අදහස් සහ මතවාදීව බලපෑම් කිරීමට උත්සාහ කරන එක මන්ත්‍රීවරයෙක් හෝ මේ ක්‍රියාවලිය තුළ සිටී නම් සෙස්සන්ට ඔහුව පෙනෙන්නේ කඩාකප්පල්කාරයෙක් හෝ විනාශකාරයෙකු ලෙසයි.


මේ යන විධියට( L ) බෝඩ් එක ගසාගෙන අධිවේගී මාර්ගයක මේ වාහන පදවන්නට බැරිය.මන්ද යත් කොයි මොහොතේ හෝ විශාල අනතුරකට පත් වීම නියතයි .පාලකයිනි, ඔළුවක් ඇති බුද්ධිමතුන් ලෙස සිතා වැඩ කරන්න. ලෝකයට මෝඩයින් ලෙසින් හෝ ගෝත්‍රිකයින් ලෙසින් හුවා දැක්වීම දැන්වත් නතර කරන්න. මෙවැනි අදහස් කියාපෑමට සිදු වූයේ වර්තමානයේ රට තුළ දෛනික කටයුතු වල ඇති වී තිබෙන ව්‍යාකූලත්වය නිසාය.මේ ව්‍යාකූලත්වය තුල වක්‍රව මේ රටේ ආර්ථිකයට කෙතරම් බලපෑමක් කරනවාද යන්න ආර්ථික විද්‍යඥයෙකුගෙන් ගණන්හිලව් ඇතිව දැන ගන්නා ලෙස O/L පාස් නැති මහජන නියෝජිතයින්ට අරාධනා කරමු.


දිනක දී ලක්ෂ ගණනක මිනිසුන්ගේ දෛනික ආදායම ගිළිහීයාම රටක් ලෙස මොන තරම් බරපතල කාරණයක්ද? මේවාට කොමිෂන් දමා වැරදිකරුවන් නිවරදිකරුවන් සොයන විට පෙරහැර ගිහින් අවසන්ය.දැන ගන්න ලැබෙන තොරතුරු අනුව තෙල් සංස්ථාවේ ගිණුම්වල මුදල් මහ බැංකුවේ පාලනයට නතු කරමින් එදිනෙදා වේල පිරිමහන ක්‍රමවේදයක් අනුගමනය කරන මහ බැංකුව නිසා මේ මේ අර්බුදය ඇති වූ බැව් දැන් රහසක් නොවේ.මෙයට ඉන්දියන් ඔයිල් සමාගම හෝ ඇමතිවරයා වගකිව යුතු නොවේ. වර්තමානයේ ප්‍රෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 108000 ගබඩා කිරීමේ පහසුකම් තෙල් සංස්ථාව සතුව ඇත.ඒ මුතුරාජවෙල 60000 සහ කොලොන්නාවේ 48000 ලෙසින්ය.එවැනි ගබඩා පහසුකම් සහිත තෙල් සංස්ථාවේ සංරක්ෂිත තෙල් මාස එක හමාරකට ප්‍රමාණවත්ය.එවැනි තත්වයක් තුළ මේ අර්බුදය ආණ්ඩුව මහ බැංකුව හරහා මුදල් රෝල් ගැසීමට ගොස් අනාගත අනාගැනීමකි.


කළට වේලාවට තෙල් සංස්ථාවේ බැංකු ගිණුම්වල මුදල් තිබිය යුතුය.ඒ තෙල් ගෙන්වීම සදහා ණයවර ලිපි නිකුත් කිරීමටය.ඒ මුදල් මහ බැංකුව පාලනය කරන විට සිදුවන්නේ එම කාර්ය නිසි ලෙස සිදුකිරීමට නොහැකි වීමයි. එමගින් සිදුවන්නේ තෙල් ඇණවුම් හා බෙදාහැරීමේ ක්‍රියාවලිය අක්‍රමවත් වීමයි.මෙය රටට වසංකරමින් කටයුතු කළ ද ආණ්ඩුවේ අවාසනාවට IOC ය ගෙන් වූ තෙල් නැව ප්‍රතික්ෂේප වීම ආණ්ඩුවේ වංගු ගැසීමේ ක්‍රියාවලිය රෙද්ද පල්ලෙන් බේරුණි. මෙය ඇමතිවරයා ද නොදනී.එනිසාම ඔහුට ඉහළින් බලපෑම් ආවේ කඩිනමින් ඉන්දියන් ඔයිල් සමාගමේ බාල තෙල් නැවේ තෙල් මුදාහැර ආණ්ඩුවේ හෙළුව වසංකරන ලෙසයි.එහෙත් සියල්ල නැති වුවත් කොන්ද පණ ඇති ඇමතිවරයා ජනතාව ගැන සිතා සෘජු තීරණයක සිටීම තුළ සියල්ල නිරාවරණය විය. මෙවැනි තත්වයක් තුළ රට පාලනය කිරීම සදහා කිසිදු මහජන නියෝජිතයකු නොමැතිව පුද්ගලික කොම්පැණියකට පවරන්නේ නම් මීට වඩා සාර්ථක ලෙස රට ඉදිරියට යාවි.