යළිත් අසඩක් කරළියේ


ඔබ අසඩක් ගැන අසා ඇත්තේ හෙන්රි ජයසේනයන්ගේ හුණුවටේ කතාවේ දීය. එම නාට්‍යයේ අසඩක්ගේ භූමිකාව ඔබට හොදින් මතකයේ පවතී. ඒ ඔබ එම නාට්‍ය බලා හෝ පොත කියවා ඇත්නම්ය. එහෙත් මේ අසඩක් අපේ රටේ සජීවීව සිටිමින් පසුගිය වසර 20 කාලයේ වසර 10 ක් පමණ එවැනි චරිතයක් රඟපෑ අයෙකි.


ඔහු බොහෝ විපරීත - බහුභූත - තීන්දු ප්‍රකාශයට පත් කළ අයෙකි. එහෙත් පසුව කාලයක් ඔහුගේ චරිතය කරළියෙන් ඉවත් වී එවැන්නෙක් නොවූ වෙනත් චරිත එම තනතුරට ආදේශ වුවත් ඔහුගේ සුපුරුදු විහිළු ක්‍රියාවන් ඒ ආකාරයෙන්ම කරගෙන විටින් විට රළියට පැමිණෙයි.ඒ සෑම අවස්ථාවකම කුමක් හෝ විපරිත කතාවක් කියයි. නැවත සැඟවී යයි ආයිමත් කවුරු හෝ කැටුව පැමිණ අහේතුක කාරණා හේතුපාදක කර ගනිමින් තමන්ගේ න්‍යය ඉදිරිපත් කරයි.


යළිත් සැඟවී යයි. නැවත මේ දිනවල යළිත් කරළියට පැමිණෙන්නේ ගෲෂාගේ සහ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොව සමස්ත ප්‍රේක්ෂකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි කියමින් සාධාරණය ඉෂ්ඨ කර දීමටය. ඒ පසුගිය දිනක සම්මත වූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ කාරණාවකටය එහිදී ගෲෂාට අසාධාරණයක් සිදුවී ඇති බැව් පවසමින් සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටී.


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 77 වගන්තියට පටහැණිව ක්‍රියා කර ඇති බැව් පවසති. අලුතින් රඟදැක්වෙන නාට්‍යයේ අසඩක්ගේ චරිතය නැත. එහෙයින් සාධරණය සහ අසාධාරණය පිළිබද සංසන්දනය කිරීමට විශ්‍රාම ගැන් වූ අසඩක් ආදේශ කිරීමට මෙම නට්‍යයේ රචකයා කැමැත්තක් නොදක්වන බව විශ්වාසයි.