මෝඩ ආණ්ඩුව සමාජ මාධ්‍ය අවහිර කර දේශපාලනය කරයි.


මේ රටේ බහුතරයත් වැඩිහිටි පරම්පරාව 90 දශකයෙන් මෙපිට ලෝකයේ ඇති වූ තාක්ෂණික විප්ලවය ගැන හෝ ඒ පිලිබද අවබෝධයක් නැත.කෙසේ වුවක් මේ ‍වැඩිහිටි පරම්පරාව තමයි මේරට තුල මේ වන විට සක්‍රිය ක්‍රියාකාරිත්වයේ සිටින්නේ. එය දේශපාලනය සිට පහළම ස්ථරයේ ග්‍රාම නිලධාරි දක්වා රාජ්‍ය පාලනයේ ද අනෙතුක් ක්ෂත්‍රයන් හී ද එසේමය .මේ අතර සිටින නොදන්නා වුවත් දන්නා ලෙස පෙන්වමින් ඒ පිළිබද උජාරුවෙන් කතා කරන වැඩිහිටි පිරිසක් ද සිටි.


ඔවුන් Face book එකේ පින්තූර බැලිමට සහ අන්තර්ජාලයට පිවිස අසභ්‍ය දේ සොයා ගොස් බැලීමට දනී. තවත් කොටසක් සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් ලියුමත් ටයිප් කිරීමට දනී. එපමණයි. එසේ වුවත් රටේ සහ ජනතාවගේ අභාග්‍ය වන්නේ මේ පිරිස රටේ අනාගතය පිළිබද තීන්දු තීරණ ගැනීමයි. මේ දියුණු තාක්ෂණික ලෝකයේ මේ අය ගන්නා තීන්දු තීරණ කෙතරම් ප්‍රයෝගිකද ඊ ග්ලොබල් ඊ Education පිළිබද කතාකරන මේ අය, පරිගණකයක් හැසිර වීමට නොදනී. ඒ හරහා ලෝකයේ ආර්ථකය හැසිරවීමට හැකි බව නොදනී . එසේ අල්ප මාත්‍රයක් හෝ දන්නේ නම් අද මේ ජාතීන් අතර අර්බුදයට මුලික හේතුව සමාජ මාධ්‍ය බව ප්‍රකාශ කරන්නේ නැත. විශේෂයෙන් පොලීසියේ සහ ආරක්ෂක අංශය සිටින්නේ දේශපාලන තීන්දු තීරණ ක්‍රියාත්මත කිරීමට විනා ආර්ථකය හැසිරීමට නොවේ. ඔවුන් රටක ආර්ථකය පිලිබද මේලෝ හසරක් දන්නේ නැත. එසේ දන්නා අය ඒවායේ තනතුරු වලට යන්නේ ද නැත. එසේ දැන ගැනිමෙන් ඔවුන්ට ඇති වැඩක් ද නැත. සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ගැටුම් මැඩ පැවැත් විය හැකිය කියන මේ පිරිස්ම සමාජ මාධ්‍ය භාවිතය ඉහල දැමිමෙන් ජනතාවගේ කොරතුරු දැනගැනීමේ හැකියාව වැඩිකල හැකි බවද පවසයි.ඒ හරහා සමාජය දැනුවත් කල හැකි බවද පෙන්වා දෙයි.


එමෙන්ම ඒවැනි අයම උසස් ‍ පෙළ සිසුන්ට පරිඝණක ටැබ් ලබා දීමට ද උත්සහ කරයි. එහෙම කරන අයටම දැන් ඒ පරිඝණතය නිසාම තම තනතරු සහ බලය නැති වීමේ අර්බදයකටද මුහුණ පා ඇත . යථාර්ථය කටුකයි . එහෙත් එය නිවරදියි . සුරංගනා ලෝකවල සිටින දෙවිවරුන්ට අදහස් ප්‍රකාශ කල හැකි වුවත් ඒවා ක්‍රියාත්මත කල හැකි වන්නේ මිනිස් ලෝකයට පැමිණිමෙන් පසුවයි. මේ කාරණය තේරුම් නොගන්නා දෙවිවරුන් මිනිස් ලෝකයට ගැලපෙන්නේ නැත . මන්ද යත් මිනිස් ලෝක යනු සැප සහ දුක මිශ්‍ර වූ සුවිශේෂ ස්ථානයක් හෙයිනි.


මිලියන 8 හෝ 9 වැඩි වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය භාවිතා කරන මේ රටේ ජනතාව මෙන්ම ඒ හරහා එම සේවාව සපයන සමාගම් වලට අද ඇති වි තිබෙන තත්වය මේ දේශපාලන ගේම් ගහන ඔස්තාරලා නොදනී. ඔවුන්ගේ එකම අරමුණ රටට කෙලවිලා හෝ තමන්ගේ දේශපාලන ගේම් එක සාර්ථක කර ගැනීමයි. එහෙයින්ම මේ අය තමන් නොදන්නා තාක්ෂණයකට වරද පටවා එය සාධරණය කිරිමට උත්සහ කරයි.


මේ රටේ සංචාරක පුරවරයක් ලෙස සැල‍කෙන මහනුවර අද පාළු නගරයකි.මේ මහනුවර මිනිස්සුන්ට ජාතිවාදය හෝ ආගම් වාදයක් උවමනා නැත.ඔවුන් සුවිශේෂි හර පද්ධතියකට අතීතයේ සිට හැඩගැසී ඇති පිරිසකි. එහෙයින්ම මෙ සිදුවීම කෘතිමව නිර්මාණය කළ එකක් බව.බැදු බැල්මටම සක් සුදත් සේ පැහැදිලිය.